සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රිගුට සිතාසි නිකුත් කෙරේ


බොරැල්ල පැවැති සාමකාමී රැස්වීමකදී සිවිල් සමාජ ක්‍රියාකාරිණියක වසන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රිගු හට මානව හිමිකම් කොමිෂන් සභාව සිතාසි නිකුත් කර තිබේ.


පසුගියදා බොරැල්ල පැවැති එම සාමකාමී සැමරුමට බාධා කරමින් තමා ඇතුළු පිරිසකට හිරිහැර කිරීම හා තමාගේ ඇසකට රත්වූ පොල් තෙල් විසි කිරීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රිගු වග උත්තරකරු වකු ලෙස නම් කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ හා නීතිඥ ⁣ශ්‍රීනාත් පෙරේරා විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අනුව මෙම සිතාසි නිකුත් කර තිබේ.

ඒ අනුව මේ පැමිණිල්ල පිළිබඳව විශේෂ පරීක්ෂණයක් හෙට (26 ) දින පැවැත්වීමට නියමිතය.   

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා