චමුදිතගේ අමුඩය ඇමති චාමර සම්පත් ලිහා දමයි
හිරු සළකුණ වැඩ සටහනට ඊයේ (06) පැමිණි නියෝජ්‍ය අමාත්‍ය චාමර සම්පත් හා එම වැඩ සටහන මෙහෙයවූ චමුදිත සමරනායක අතර ඇති වූයේ බරපතල වාග් සංග්‍රාමයකි.මේ වාග් සංග්‍රාමය සජීවීව විකාශයට කිරීමටද හිරු සළකුණ වැඩ සටහනේ නිෂ්පාදකයන් විසින් කටයුතු කෙරිණි.
සැබැවින්ම එය ගමේ භාෂාවෙන් හඳුන්වනවා නම් බලු පොරයකි.
රස්තියාදුකාර බල්ලන් දෙදෙනෙකු මුහුණට මුහුණ මුණගැසීමකි.බුරයි. .විලිස්සයි ගොරවයි.මයිල් පුප්පයි.
චමුදිත
ගේ හැඩයටම ගැලපෙන මිනිසා ඔහුට ඊයේ (06) මුණගැසිනි.දෙදෙනාම එකම හැඩයේ
සතුන්ය. වෙනදා චමුදිත වැඩ පෙන්නුවේ අනෙකා හඬ යටපත් කර ගනිමිනි.එහෙත් චාමර
සම්පත් ගේ හඬ යටපත් කර ගන්නට චමුදිතට නොහැකි විය.ඒ දෙදෙනාම හැසිරීමෙන්
සමානයන් නිසාය.
චාමර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
වරයා චමුදිත ගේ අමුඩය ගලවා ඉවතට විසි කෙරුවේය.කෙටියෙන්ම කියනවා නමි චමුදිතට
සිද්ධ වූයේ තම අමු හෙළුව රටට පෙන්වන්ටය.ඒ අවස්ථාවේ චමුදිත ගේ කටේ කෙල හිඳී
මුහුණ කලු වූ හැටි අපූරුවට දැක ගත හැකි විය.චාමර සම්පත්ට එරෙහිව චමුදිත
මොන හෑලි දෙසුවත් වැඩක් වූයේ නැත.ඒ චාමර සම්පත්ට ආරක්ෂා කර ගන්නට තරමේ
ශීලයක් නැති නිසාය.ඒ තරමට චාමර සම්පත් ලැජ්ජාවක් නැති එකෙකු බව ඔහුගේ
ඉතිහාසය කියවන ඕනෑම අයෙකු දනී.
මෑත කාලයක සිට
හිරු වාහිනියේ උදෑසන පත්තර කියවිල්ලේදී චමුදිත නිතර බයිට් එකට ගත්තේ ජාතික
ජන බලවේගයයි.ඒ මක් නිසාද යන්න ගැන අප දැන සිටියද එහි සැබෑව රටම දැන ගත්තේ
ඊයේ දවසේය.ඒ කියන්නේ මැයි හය වෙනිදාය.
චාමර
සම්පත් හිරු වැඩ සටහනේදී පැවසුවේ ඇවන්ගාඩ් සේනාධිපති ගෙන් චමුදිත පඩි ගන්නා
හැටි තමන් දන්නා බවය.අවශ්‍ය නම් මුදල් දැමූ බැංකු ලදු පත් ඉදිරිපත් කළ
හැකි බවද ඔහු එහිදී පැවසීය.ඒ සැබෑව ගැට ගසා ගත යුත්තේ චමුදිත උදෑසන
පුවත්පත් කියවද්දී ජාතික ජන බලවේගයට සිදුු කරන අපහාස වලට සාපේක්ෂවය.
ඇවන්ගාඩ්
සේනාධිපතිට ජාතික ජන බලවේගය නයාට අඳු කොල සේය.ඔහු ජාතික ජන බලවේගයේ
දේශපාලනයට එරෙහිව කෝටි ගණනක් වුවද වැය කිරීමට සූදානමින් සිටින
පුද්ගලයෙකි.ඔහු ඇතැම් අවස්ථාවලදී ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.
මේ
වන විට චමුදිත ඔහුගේ වැටුප් ලබන සේවකයකු කර ගෙන ඇති බව දැන් තහවුරුය.ඒ
සඳහා වෙනත් සාක්ෂි අවශ්‍ය නැත.චාමර සම්පත් ගේ සාක්ෂියම හොඳටම ඇතිය.චමුදිත
යනු මාධ්‍ය හංවඩුව රටට පෙන්වා ගූ බෙට්ටක් උඩ ඇති රන් පවුමක් දිවෙන් ගන්නා
ජාතියේ පොරකි.
කෙසේ වෙතත් චාමර සම්පත් හා චමුදිත
අතර ඇතිවූ වාග් ආරවුල සයිබරයේ කවරකු සමාන කර තිබුනේ ගලි බවුසර දෙකක් ගූ
මෝලේදී එකට එක හැපුණු විදියටය.ඒ හැදින්වීමත් නරකම නැත.
මේ
දෙදෙනාගේ ආරවුල හිරු නිෂ්පාදක මණ්ඩලය සජීවීව විකාශය කරන ලද්දේ වෙනත් යටි
අරමුණක් නිසා බව පැහැදිලිය.ඒ ඊයේ දින දෙරණ 360 වැඩසටහනට සහභාගිවී සිටි
මාලිමාවේ නායක අනුර කුමාර දිසානායකගේ අදහස් දැක්වීම ජනතාවගෙන් මග හරවා
ගැනීමටය .රටේ ජනතාව අනුර කුමාර දිසානායකගේ සංවාදය පසෙක තබා චාමර සම්පත් හා
චමුදිතගේ බලු පොරය රස විඳිනු ඇතැයි හිරු ලොක්කන් සිතන්නට ඇත.එහෙත් වාර්තා
වන ආකාරයට මෙතෙක් කාලයකදී රූපවාහීනී වැඩ සටහනක් නැරඹූ වැඩිම සංඛ්‍යාවක් ලෙස
ගණනය වී ඇත්තේ ඊයේ විකාශය වූ තුන්සිය හැට වැඩ සටහනයි.
මෙහිදී
තව කාරණයක් සිහිපත් කළ යුතුය.ඒ සිය ඕනෑ එපා කම් ඉටු කර ගැනීමට තමන්ගේ
වැටුප් ලබන ඕනෑම හැඩයේ සේවකයකු අමු අමුවේ නිරුවත් කර සමාජයට පෙන්වීමටද
හිරු හාම්පුතාලා සූදානම් බවය.එහිදී අපට ලියන්නට ඇත්තේ අනේ චමුදිත ඔයා හරි
පව් කියාය.දැන් චමුදිත ඉන්නේ අමු හෙළුවෙනි.එහෙත් ඒ ගැන ඔහුට ලැජ්ජාවක්
නැත.චමුදිත ඇවන්ගාඩ් සේනාධිපතිගේ මස් කටු ලොවින විලි ලැජ්ජාවක් නැති
ගැත්තරයකු බවද මේ රටේ ජනතාව දැන් දනී.
Comments
Post a Comment