ශ්‍රී ලංකා පොලීසිය කම්මුතුයි හලෝ
ගුරා හිටගෙන හුජ්ජ කරන විට ගෝලයන් දුව දුව හුජ්ජ කරනවා යැයි සිංහල ජනවහරේ කියමනක් ඔබ අසා ඇති යැයි සිතමු.ඒ කියමන නෑසූ උන් චිකේයියා හුජ්ජා යනුවෙන් කියන්නට බැරි නැත.එහෙත් මේ කියමන දැන උගත් අයවළුන්ට නම් හිරිකිතයක් නැති අප සමාජයේ සැබෑවක් අනාවරණය කරන්නකි.
අප දැන් අනාවරණය
කරන්නේ ඒ කියමනට ගැලපෙන වර්තමාන කතන්දරයයි.ඒ කිසිත් ගැන නොවේ.අපේ පොලීසිය
ගැනය.ධම්මෝ භවේ රක්ඛති ධමිමචාරී හිස නලලේ පැළඳ ගත් උන්නැහේලා ගැනය.ධම්ම
චක්‍රය දෑත පසෙක රඳවා ගත හාදයන් ගැනය.
දැන්
පොලීසිය මෙහෙයවන්නේ ටිරාන් අලස් බව කවුරුත් දනී.උන්දෑ ඉන්නේ හොඳ හැටි
ඇඳගෙනය.යන යන තැන සැලියුට් වදින නිසා නීතිය හා සාමය ඇමතිකම ලැබුණ ටිරාන්
අලස් දැන් කරේ මාලය බැන්ද කටුස්සා වී තිබේ.
මුන්දෑ හදන්නේ තමන් අම්මට උඩු චරිතයක් බව සමාජයට පෙන්වන්ටය.
අපට ඒ ගැන කියන්නට ඇත්තේ අනේ පව් කියාය.ඒ රඟපෑම ටිරාන් ගැන දන්නා අයට නම් බඩ කොරවන තරමේ විහිළුවකි.
ත්‍රස්තවාදීන්ට
මුල්‍යමය ආධාර සපයන්නට ආධාර අනුබල දී ඉන් කොටසක් කිසිම හරිකිතයක් නැතුව
මාටියා ගසා ගත් මේ රාජද්‍රෝහියා දැන් හදන්නේ තමන් තරමේ වැඩ්ඩෙක් මේ රටේ
තියා අහල රටකවත් නැති බව පෙන්වන්නටය.වැඩ්ඩා ගේ තක්කඩි වැඩ නම් කෙළවරක්
නැත.ඒ අතරේ රජයේ බැංකු දෙකකට කූඨ ලේඛන ඉදිරිපත් කර ණය මුදල් ලබා ගැනීම
එකකි.නොම්මර එකේ තක්කඩියෙකුට මිස නීතිය දන්නා සාමාන්‍ය පුරවැසියෙකුට එහෙම
වංගුවක් ගහන්නට නොහැකිය.ටිරාන් ගේ වැඩ්ඩා කම එහෙමය.ඒ තරමටම පෝරිසාදයෙකි.
මෙරට
නීතිය සාමය ආරක්ෂා කරන්නට ටිරාන්ට දැන් සෙට් වී ඇත්තේ මාර බඩු දෙකකි.මේ
බඩු දෙකම එක වල්ලේ පොල්ය.ඒ පොලිස්පති දේශබන්දු හා අමාත්‍යංශ ලේකම් වියනා
ගුණරත්න නම් පොරවල්ය.දේශබන්දුගේ රාජකාරි ඉතිහාසයම වල කක්කුස්සියක නලියන
අසූචි පනුවන්ට සමාන කරන්නට පුළුවන.ටිරාන් ගේ හා දේශබන්දුගේ තක්කඩි වැඩ වලට
උඩ ගෙඩි දෙන්නේ අමාත්‍යංශ ලේකම් වියානා ගුණරත්නය. මුන්දෑ දැන් කන කෑම වල
අජීර්ණය ඇරඹෙන්නේ තව මාස කිහිපයකිනි.
ඒ දවස්වන විට වියානා
අලුත්කඩේ සිට වැලිකඩට දක්කාගෙන යන්නේ වියන් බැඳගෙන විය හැකිය.එලෙසම ඒ දවස්
උදා වෙද්දී තාක්ෂණික දෝෂ නිසා නඩු විසි කරන නපුංෂක නඩුකාරයන් බෙන්චිය උඩ
නොසිටිය හැකි බවද වියානා ගුණරත්නට අපි සිහිපත් කරමු.නීතිපති ගේ සෙවල කොඳු
නාරටියටද ඒ වන විට කොන්ක්‍රීට් දමා ශක්තිමත් කර තිබෙන්නටද පුළුවන.ඉතින් ඒ
දවස් වන විට වියානා ගුණරත්නගේ හිතට සහනයක් ගෙන දෙනු ඇත්තේ වැලිකඩ ගේට්ටුව
ගාව විසිට් එකට ඉන්නා අඹුව පමනක්ම විය හැකිය.කෙසේ වෙතත් අඹුව වැලිකඩ
ජේලර්ලාගෙන් ප්‍රවේශම් කරගන්නත් වියානා ගුනරත්නට සිද්ධ වෙනු ඇත.ඒ "ඕං කෙල්ල
ගෙට ගං ජේලරයෙක් පාරෙ යනවා" කියා හිරගෙදර ඇතුලේ හිරකාරයන් අතරේ විහිළු
කියමනක් තිබෙන නිසාය.එලෙසම බන්ධනාගාර රෝහලේ සැප ගන්නට චාන්ස් එකක්ද නැති
වෙන බව වියානා ලේකම් උන්නැහේ සිතා ගන්නේ නම් හොඳය.අත් දෙක ඉස්සරහට ගන්නවා
අයිසේ බබා වෙන්නැතුව මාංචු දාන්න යැයි කෝචෝක් එකට තර්ජනය කරන්නේද දැන් ඔය
පුක උඩ දමා සැලියුට් ගහන උන්ම බවත් සිතා ගත්තා නමි ඇඟ පතට හිතට අමාරුවක්
දැනෙන්නේද නැත. අප මේවා ලියන්නේ කේන්දරය බලා නොවේ.මහ පොලොව දිහා
බලාය.වටපිටාවේ දේශපාලනිකව සිද්ධ වෙන කරුණු කාරණා හොඳ හැටි තේරුම් ගෙනය.
ටිරාන්
අලස් හා දේශබන්දු කුජීත වෙන හැටි අමුතුවෙන් ලියන්නට ඕනෑ නැත.එතැනදී
දේශබන්දු වැලිකඩට ගාල් කර ටිරාන් තමන්ගේ රටට පලා යන්නටද ඉඩ කඩ තිබේ.ඒ
මුන්දෑ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් නිසාය.අප ඒ බව සහසුද්දෙන් දනී.
මේ
තක්කඩියන් තුන්දෙනා කොස්ගොඩ සුජීව ගැන වචනයක් ප්‍රසිද්ධියේ නොපවසති.ඒ
කොස්ගොඩ සුජීව මුන්ගේ අඹ යාළුවෙක් නිසාය.මේ ගැන පොලීසියේ හැම එකෙක්ම
දනී.අම්බලන්ගොඩ,බලපිටිය ,අහුංගල්ල ප්‍රදේශවල සිටින සුජීව නම් අපත
කාලකණ්නියාගේ යාළු මිත්‍රයන් හට ඉහෙන් බහින කරදරයක් රුදාවක් නැතුව කුඩු
ජාවාරම කර ගන්නට ඉඩ දී ඇත්තේ මේ යාළු කම නිසාය.අප දිගින් දිගටම කොස්ගොඩ
සුජීව නම් කාලකන්නියාගේ ඉඩ කඩම් දේපොල ගැන අනාවරණය කර තිබේ.එහෙත් පොලිස්පති
දේශබන්දු ඒ ගැන ඉන්නේ නෑසූ නොදුටු ගානටය.තවමත් ඩුබායි අත්අඩංගුවේ සිටින
සුජීව නම් අපතයා මෙරටට ගෙන ඒමට ටිරාන්ට හා දේශබන්දුට ඕනෑකමක් නැති බව
තහවුරුය.මානසික ආබාධිත කපුවා ඒ සියල්ල සම්බන්ධීකරණය කරමින් සිටී.
අප
මේ ලියවිල්ල ලියන්නට ගත්තේ වෙන කිසිත් නිසා නොවේ.ටිරාන් හා දේශබන්දු නිසා
මෙරට පොලීසිය වැටී ඇති මස්ත බාල්දු කම ගැන කියන්නටය.දැන් රට පුරාම අසන්නට
ලැබෙන්නේ පොලිස් කාරයන් සිඳු කරන මංකොල්ල ගැනය.අල්ලස් ගැනීම්
ගැනය.මිනීමැරුම් ගැනය.ස්ත්‍රී දූෂණ පිළිබඳවය.පසුගියදා වාර්තා වූයේ පොලිස්
පරීක්ෂක වරයකු කසිප්පු පෙරා ඇති බවය.ඒ තිරප්පනේ පොලීසියේ රාජකාරි කරන
එකෙකි.රහස් පොලීසියේ බව අඟවා කප්පම් ගන්නට ගිය පොලිස් සෙට් එකක්ද මාට්ටු වූ
බව ඊයේ පෙරේදා වාර්තා විය.කුඩු ජාවාරමට සම්බන්ධ වුන පොලිස් කාන්තාවක ගැනද
මාධ්‍ය වාර්තා කර තිබුණි.මේ සියළු වාර්තා වලින් තහවුරු වන්නේ
පොලිස් පාට් එකෙන් සිදු කරන අපරාධ බහුලව ව්‍යාප්ත වෙමින් තිබෙන බවය.
පොලීසියේ
විනය රින බිංදුවට වැටී ඇති බව පොලිස්කාරයන් සිඳු කරන මේ හැම පාදඩ වැඩ
නිසාම තහවුරු වේ.එහෙත් ඒ ගැන පුදුම වෙන්නට දෙයක් නැත.පොලීසිය පාලනය කරන මහ
වුන් දෙන්නාම අමු තක්කඩියන්ය.මදාවි
කාරයන්ය.අපතයන්ය.කාඩයන්ය.
ඉතින් පොඩි වුන් ගේ හැසිරීම ගැන අමුතුවෙන් හිතන්නට දෙයක් නැත.
ටිරාන්
අලස් හිතාගෙන ඇත්තේ මහජන මුදල් වියදම් කරමින් තියෙන රැස්වීම් වලදී තමන්ගේ
කෙරුවාව ගැන විවේචනය කරන නීතිඥ ප්‍රජාවට, මාධ්‍යවේදීන්ට දෙස් දෙවොල් තියා
වැඩේ ගොඩ දාගන්නට පුළුවන් බවය.එහෙත් ටිරාන් යනු එල්ටීටී ත්‍රස්තවාදීන් බර
පැන සැපයූ නොම්මර එකේ රාජද්‍රෝහියෙක් බව මේ රටේ ත්‍රීවීල් පාක් එකේ
රියදුරු මහත්වරුන් පවා දනී.ඒ බව නොදන්නේ ටිරාන් ගේ හුරතල් දේශබන්දුත් ලේකම්
වියානා ගුනරත්න නම් පරිපාලන පිරිමි ගණිකාවත් විතරමය.
ඊයේ
පෙරේදා දවසක පොලිස් වසම් වල හැට පැන්න විශ්‍රාමික උන්දෑලා ටිකක්
බත්තරමුල්ල පැත්තේ හෝටලකට ගෙන්වාගෙන ටිරාන් පැවසුවේ ඔබතුමන්ලා මාත් එක්ක
ඉන්න කියාය.
අපට ලියන්නට තියෙන්නේ අනේ ඒ උන්දැලා
කියාය.සාමාන්‍යයෙන් ගම්වල ජීවත්වන පැන්ෂන් කාර උපාසක මහත්වරු හා උපාසක
අම්මලා අතර මයික් ටයිසන් මාක් ගහ ගත්තු සැට් එකක් සිටී.පන්සලේ දායක සභාවේත්
වැඩිහිටි සමිතියේත් සිවිල් ආරක්ෂක බලකායේත් බලය අල්ලාගෙන සිටින්නේ
මුන්දැලාය.රැස්වීමකදී මයික් එකක් මුන්දැලා අතට දුන හොත් එය ආපසු ගන්නට
පැය ගාණක් බලාගෙන ඉන්ට ඔිනෑය.ටිරාන් ඊයේ පෙරේදා ගෙන්නුවේ එවුන්දැලා සෙට්
එකකි. ලොකු කම මිස මුන්දැලාට වෙන ලබුවක් ඕනෑ නැත.ටිරාන් ගේ කැඳවීම ගැන
මුන්දැලා පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට ඇත.
ටිරාන්ට දැන් මේ වයසක සෙට් එක එක්ක වෙස්සන්තර ජාතකය කියවා කියවා ඉන්නට හැකිය.ඒ මීළඟ ජනපතිවරණය එනතුරුය.
ඇල්පිටිය
ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියට අයත් අම්බලන්ගොඩ ඇල්පිටිය කොස්ගොඩ අහුංගල්ල
පිටිගල මීටියාගොඩ බටපොල ආදී පොලිස් ස්ථාන සියල්ල ආවරණය කර ගනිමින් අපි
අපූරු විමර්ශනයක් කෙරුවෙමු.ඒ මෙම පොලිස් ස්ථාන වල සේවය කරන පොලිස්
පරීක්ෂකවරුන්ගේ සිට රාළහාමි හා කාන්තා පොලිස් කොස්තාපල්වරියන් හට හිමි
යතුරු පැදි පිළිබඳවය.මොවුන් බොහෝ දෙනෙකු පරිහරණය කරන යතුරු පැදි සදහා
වාර්ෂික බලපත්‍ර ලබා ගෙන නැත.නීතිය රකින්නන් නීතියට වංගු ගහන්නේ එහෙමය.
යුක්තියේ
මෙහෙයුම නම් සෙප්පඩ විජ්ජාවෙන් සමස්ත පොලීසිය තුළම ජාවාරම්කාර හොර
ගුහාවක් නිර්මාණය වී තිබේ.දැන් පොලීසිය ක්‍රියාත්මක වන්නේ පොලිස්පතිට එක
නඩුවයි අපේ සාක්කුවට නෝට්ටුවයි තේමාව යටතේය.ගුරා හිටගෙන හුජ්ජ කරන විට
ගෝලයා දුව දුව හුජ්ජ කරනවා යැයි අප මුලදී සඳහන් කෙරුවේ මෙන්න මේ අනීතික
වැඩ ගැන අපට දිගින් දිගටම තොරුතුරු ලැබෙන නිසාය.
අනේ
මේ කොහේදෝ සිටි අසමජ්ජාති අවජාතක කාලකණ්නි දෙන්නෙක් නිසා පොලීසියේ කෙරුවාව
වැටී තියෙන බාල්දු වැටිල්ල ගැන අපට ඇත්තේ බලවත් හිතේ අමාරුවකි.
Comments
Post a Comment