ජනපති කාර්යා⁣ලයේ ලොක්කෝ ජරා හාල් ජාවාරමක

 


ජනතාවට බෙදා හැරීම සඳහා රජය මගින් විදේශ රටකින් මෙරටට ගෙන්වන ලද මෙට්රික් ටොන් එකක වන සහල්   තොගයක් දුර්වර්ණව පණු කැදලි සහිත වීම නිසා භාවිතයට නුසුදුසු බවට වාර්තා වී තිබියදී එම සහල් තොගය මරඳගහමුල ප්‍රදේශයේ වී මෝලක් මගින් නැවත ⁣පිරිසිදු කිරීමෙන් අනතුරුව පිටකොටුව සහල් ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමේ තොරතුරක් ජනපති කාර්යාලයේ නිළධාරියකු වෙතින් අප හට ලැබී තිබේ.

මෙම සහල් තොගය මෙරටට ගෙන්වීමට ක්‍රියා කර ඇත්තේ ජනපතිවරයාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ලොළුව සහ ජනපති ලේකම් කාර්යා⁣ලයේ අතිරේක ලේකම් නීල් ද අලවිස් නැමැත්තා බවටද වාර්තා වේ.

සතොස බාර අමාත්‍ය නලින් ප්‍රනාන්දු හා එක්ව මොවුන් දෙදෙනා මෙම සහල් තොගය මෙරටට ගෙන්වා ඇති අතර  පාරිභෝජනයට නුසුදුසු බවට රේගුවේදී තහවුරු වී ඇතත් එම සහල් රේගුවෙන් නිදහස් කර ගැනීමට මේ කණ්ඩායම කටයුතු කර ඇති බවද අනතුරුව මරඳගහමුල වී මෝල් හිමියකු සමග එක්ව සහල් තොගය නැවත වෙළඳපොළ වෙත මුදා හැරිමට කටයුතු කර ඇති බව අනාවරණය වේ.  

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්