පොලිස් ඕඅයිසීලා හිඟන රස්සාවට පුහුණු කෙරේ

 


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් මත පොලිස් දෙපාර්මේන්තුව තුළ අරඹා ඇති මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය සඳහා වූ "සුවසර කැදැල්ල" නම් වැඩසටහන නිසා පොලිස් ස්ථානාධිපතිවරුන්ට විවිධ තරාතිරමේ පුද්ගලයන්ගෙන් මුල්‍යමය ආධාර ඉල්ලීමට සිඳුවී ඇතැයි වාර්තා වේ.මෙම වැඩසටහන නිසා තමන් හිඟමන් යදින්නන් ලෙස රෑපාන්තරය වී ඇතැයි පොලිස් ස්ථානාධිපතිවරුන් බොහෝ දෙනෙකු ලංකා දවසට පැවසීය.


මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කිරීමේ වගකීමක් මෙරට නීති පද්ධතියෙන් පොලීසිය වෙත පවරා නැත.එසේ පුනුරුත්ථාපනය කළ යුතු පුද්ගලයකු සිටී නම් පොලීසිය කළ යුතු වන්නේ එම පුද්ගලයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවකුද යන්න ගැන වෛද්‍ය වාර්තාවක් ගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර එම අධිකරණයේ නියෝගය යටතේ නිල පුනුරුත්ථාපන කඳවුරකට යොමු කිරීමය.එහෙත් ඇමති ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු මෙම නෛතික ක්‍රියාවලිය නොතකා ⁣පොලිස් ස්ථාන වලින් සැක පිට අල්ලා ගන්නා මත් ද්‍රව්‍ය භාවිතයට ගන්නා පුද්ගලයන් පොලිස්පති ගේ සංකල්පයක් යැයි පැවසෙන සුවසර වැඩ සටහන නම් යටතේ පුනුරුත්ථාපනය කිරීමය.මෙම පුද්ගලයන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථාන ලෙස එම පොලිස් බල ප්‍රදේශවල විහාරස්ථාන යොදා ගැනේ.

සුවසැර කැදැල්ල නම් වැඩසටහනේ සමාරම්භක උත්සවය පසුගිය මැයි 08 වන දින කොළඹ කොටහේන පරමානන්ද විහාරයේදී පවත්වා ඇති අතර මේ උත්සවයට ඇමති ටිරාන් අලස් පොලිස්පති දේශබන්දු සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක සහභාගි වූ බව තිබේ.එහිදී එම පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග ලැබී ඇත්තේ අදාල විහාරස්ථානය පවත්වන පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනුරුත්ථාපනය කිරීම සඳහා පුද්ගලයන් 25 දෙනෙකු භාරකරුවන් 25 දෙනෙකුද සොයා ගන්නා ලෙසය.එම භාරකරුවන් වෙත ලබා දීමට වියලි ආහාර සලාක සොයා ගන්නා ලෙසත් පුනුරුත්ථාපනය වන පුද්ගලයන්ට සැපයීමට ආහාර ද්‍රව්‍ය ⁣සපයා ගැනීමට කටයුතු කරන ලෙසටත් මෙහිදී වැඩිදුරටත් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

මේ අනුව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අදහස් කෙරෙන මෙම සුවසර කැදැල්ල වැඩ සටහන සඳහා සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් පෞද්ගලිකව මැදිහත් විය යුතු බව පෙනී යයි.මේ සඳහා මුල්‍යාධාර ලබා ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට ප්‍රදේශයේ විවිධ අයවළුන්ගෙන් හිඟමන් ඉල්ලා සිටීමට සිදුවන බවද පැහැදිලිය.රාජ්‍ය නිළධාරියකු ලෙස මෙරට ආර්ථික දුෂ්කරතා මැද ජීවත්වන පොලිස් ස්ථානාධිපතිවරයකුට රාජකාරි විෂයෙහි මෙවැනි පෞද්ගලික මැදිහත් කිරීමට සිඳුවීම ඉතා බරපතල ශෝචනීය  කාරණයකි.අනෙක් පසින්  මේ වැඩ සටහන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති පුද්ගල නිදහස ඇමති ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු විසින් අයුතු ලෙස උල්ලංඝනය කිරීමකි.⁣
මොවුන් දෙදෙනා හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් වියානා ගුණතිලක මෙරට අධිකරණ නීති පද්ධතිය බලහත්කාරීව යටපත් කරමින් කටයුතු කරන බවටද තහවුරු කළ හැකිය.

 අද (10)දින පාර්ලිමේන්තු සභාවාරයේදී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් සිරි ප්‍රකාශ කරන ලද්දේ නාරම්මල පොලීසියේ ස්ථානාධිපතිවරයා මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ලෙස ප්‍රදේශයේ පාසැල් සිසුවන් පවා අත් අඩංගුවට ගනිමින් ජාවාරම් කරුවන් ලෙස බන්ධනාගාර ගත කරමින් සිටින බවය.පසුගියදා වාහනය නොනවත්වා ගිය ලොරි රථ රියදුරෙකුට වෙඩි තබා ඝාතනය කරන ලද්දේද නාරම්මල පොලිස් බල ප්‍රදේශයේය.යුක්තියේ මෙහෙයුම ඇරඹුන දින පොලීසිය විසින් මරා දමන ලද පුද්ගලයන් සංඛ්‍යාව 40 කට ආසන්න බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඇමති ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු ගෙන යන මෙම අනීතික ක්‍රියා දාමයට නීතිය හා සාමය භාර අමාතත්‍යංශයේ ලේකම් වියානා ගුණතිලක ගේ සෘජු ස⁣හයෝගය ලැබෙමින් පවතී.අමාත්‍යංශ ලේකම් වරයා වශයෙන් වියානා ගුණතිලක මෙහිදී සිහිපත් කර ගත යුතු වන්නේ යහපාලනය සමයේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වැරදිකරු වූ සිල් රෙදි නඩුව බව සඳහන් කිරීම වටී.ඒ මන්ද යත් මේ රටේ දේශපාලනික භූමියේ වෙනස්වීමකට ඇත්තේ තව පෝය හතරක් පමණක් නිසාය.



Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්