නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ
මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ කාලයේදී බන්ධනාගාරය තුළ සිඳු කරන ලද මෙලේච්ඡ ඝාතනයට පෝරකයට නියම වූ බන්ධනාගාරයේ බුද්ධි අංශ ප්‍රධානියාව සිටි මෙරිල් රංජන් ළමාහේවාට බන්ධනාගාර සංවත්සර උළෙලකදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර
සමරු ඵළකයක් ලබා දීම මේ වන විට ජාතික ජන බලවේග පාක්ෂිකයන් බොහෝ දෙනෙකු ගේ බරපතල විවේචනයට ලක් වී තිබේ.එම සමරු ඵලකය මෙරිල් රංජන්ට ප්රදානය කරන අවස්ථාවේ අධිකරණ අමාත්‍ය වරයා හිස නමා ඔහුට නිවට ලෙස ගෞරවයද දක්වා ඇති බව ඒ අවස්ථාව දැක්වෙන ඡායාරූප වල දැක ගත හැකිය.අධිකරණ ඇමතිගේ මේ පජාත නොසන්ඩාල කෙරුවාව ගැන ජාතික ජන බලවේගයේ පාක්ෂිකයන් ගේ සිත බරපතල ආකාරයෙන් රිදී තිබේ.ඔවුන් දිගින් දිගටම අමාත්‍යවරයා විවේචනය කරමින් සිටී.මේ විවේචන ඉතා සාධාරණය.වැලිකඩ බන්ධනාගාරයේ සිඳු කරන ලද එම මහා මිනිස් ඝාතනයේ පොලිස් පරීක්ෂණ සිඳු කරන ලද්දේ විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරය.මිනීමරු මෙරිල් රංජන් ළමාහේවාට සමරු ඵළකය ප්රදානය කරමින් අධිකරණ ඇමති ශානි අබේසේකරගේ ලන්කට් එක සමගම කලිසම ගලවා දමා ඇත්තේ ප්රසිද්ධියේය.
අඩුම ගානේ ශානි ගේ කලිසම ඔහුගේ නිවසේදී ගලවා දැමුවා නම් ඒ නිරුවත දකින්නේ අඹු දරුවන් පමණි.එහෙත් දැන් ශානි අබේසේකරට අමු හෙළුවෙන් ඉන්නට සිදුවී ඇත්තේ ජනතාව ඉදිරිපිටය.
මේ මොනිටසෝරි අධිකරණ ඇමති ගේ කෙරුවාවට වඩා ගව් ගානක් ඉදිරියෙන් සිටිමින් සිය දේශපාලනික පරිනත බව පෙන්වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ජාජබයේ ඇමතිවරයකු වන ගැන අපට වාර්තා වන්නේ මේ වටපිටාවේදීමය.ඔහු අමාත්‍ය නලින් හේවගේ සහෝදරයාය.
ඇමති නලින් හේවගේ සහෝදරයාගේ ඒ විශිෂ්ට මැදිහත්වීම ලියන්නට පෙර එම සිද්ධිය හා සම්බන්ධ පැරණි කතාව ගැන
දැනුවත් විය යුතුය.2010 ජනවාරි 25 වන දින පෙරවරු 05.30 අම්බලන්ගොඩ පොල්වත්ත හන්දියේදී ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරයාට සජින් වාස් ගුණවර්ධන ගේ මැර ආධාරකරුවන් විසින් පහර දෙන ලදී.නයිදුවාඩු සහෝදරයාට පහර දෙන ලද්දේ ජනපති කාර්යාලයට අයත් 325/2665 WPLG 2418 හා WPLG 8789 අංක දරණ වාහන වලින් ආ මැරයන් පිරිසකි.මේ වාහන සියල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන ගේ සන්තකයේ තිබුණ ඒවා විය.එම වාහන ඒ වන විට සජින් වාස් ගුණවර්ධනගේ ඥාති සහෝදරයකු වූ තාරක ගුණවර්ධනද ,බන්ධනාගාර මිනිස් ඝාතනයට සම්බන්ධ වූ මෙරිල් රංජන් ළමාහේවා ගේ සහෝදරයා වූ පියල් රංජන් ළමාහේවා සන්තකයේ පරිහරණය වෙමින් තිබුණ වාහන වේ.නයිදුවාවඩු සහෝදරයා හා තවත් දෙදෙනෙකු ජනරාල් සරත් ෆොන්සේකා තරග කළ ජනපතිවරණයේ ප්‍රචාරණ කටයුතු වලට අදාල පෝස්ටර් අලවමින් සිටියදී සජින් වාස් ගුණවර්ධනගේ මැර ආධාරකරුවන්ට අම්බලන්ගොඩ පොල්වත්ත හන්දියේදී මුණ ගැසුනි.උස මහත ශරීරයක් තිබූ නයිදුවාවඩු සහෝදරයා ඉතා අහිංසකයෙකි.ඔහු කිසිවිටක ආරවුලක් ඇති කර ගන්නෙක් නොවීය.එහෙත් එහි පැමිණි සජින් වාස් ගේ මැර කණ්ඩායම නයිදුවාඩු සහෝදරයා හා අනෙක් සහෝදරයන් දෙදෙනාට පහර දෙන්නට පටන් ගත්හ.
එහිදී එම මැර කණ්ඩායමේ සිටි බැගී නම් රියදුරා නයිදුවාවඩු සහෝදරයා බදා ගත් අතර ජානක නම් වූ මැරයා පොල්ලකින් ඔහුට පහර දෙන දුනි.එම පහර දීමෙන් නයිදුවාවඩු සහෝදරයාට බරපතල තුවාල සිදු වීම නිසා බළපිටිය රෝහළට ඇතුළත් කෙරිණි.
පසුදින උදෑසන අම්බලන්ගොඩ පොලීසියට ජනතා විමුක්ති පෙරමුණ මගින් එම ප්‍රහාරය සම්බන්ධයෙන් පැමිණිලි කෙරිණි.එවකට අම්බලන්ගොඩ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා වූයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රශාන්තය.මොහු මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයා ලෙස කටයුතු කරන නෙවිල් වන්නිආරච්චිගේ ඥාති සහෝදරයාය.මේ වන විට ජාතික ජන බලවේග ආණ්ඩුවේ මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්යක්ෂ වරයා වන්නේ මොහුය.සජින් වාස් ගුණවර්ධන මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාට ඒ වන විට උපදෙස් දී තිබුනේ එම ප්‍රහාරයට කිසිම සම්බන්ධතාවක් නොතිබූ ඉඳුනිල් එදිරිවික්රමසූරිය නම් අම්බලන්ගොඩ නගර සභාවේ මුරකරුවකු එම සිද්ධියේ සැකකරුවකු කරන ලෙසය.ඒ අනුව එම සිද්ධිියේ ප්‍රධාන සැකකරු ලෙස ඉඳුනිල් එදිරිවික්රමසූරිය නම් මුරකරු ඉදිරිපත් කෙරිණි.මේ මුරකරුවාද සජින් වාස් ගූණවර්ධනගේ දේශපාලන ප්‍රචාරණ යාන්ත්රණයට සම්බන්ධව සිටි අයෙකි.
නයිදුවාඩු සහෝදරයා සහ අනෙක්
සහෝදරයන් දෙදෙනාට පහරදීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ වූ සැකකරුවන් වසන් කෙරිණි.වර්තමානයේ සජින්වාස් ගුණවර්ධනගේ රියදුරු ලෙස කටයුතු කරන්නේ නයිදුවාඩු සහෝදරයාගේ ඝාතනයට වග කිව යුතු ජානක නම් අපරාධකාරයාය.
නයිදුවාඩු සහෝදරයාට පහර දීමෙන් සිදුවූ ඝාතනය සමිබන්ධයෙන් පැවැති පොලිසි පරීක්ෂණ යටපත් කිරීමට සැලසුම් කෙරුනේ සජින් වාස් ගුණවර්ධන ගේ උපදෙස් මත ඇල්පිටිය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර හා අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රශාන්ත ගේ මැදිහත් වීමෙනි.එවකට ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව සිටි සිසිර කුමාර මේ වන විට පොලිස් මූලස්ථානයේ පිරිස් පාලන අධ්‍යක්ෂවරයාය.
පසුගියදා ඇමති නලින් හේවගේ සහෝදරයාට අක්ෂි දාන සංඟමයේ උත්සවයකට ආරාධනා ලැබී තිබුණි.ඒ අක්ෂි දාන සංඟමයට සම්බන්ධව දීර්ඝ කාලයක් තිස්සේ සෙවෙච්ඡාවෙන් කටයුතු කළ සාමාජිකයන් ඇගයීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසය.එහිදී ඇමති නලින් හේවගේ සහෝදරයා ගේ විමසිලිමත් වීම නිසාම ජාතික ජන බලවේගය ආණ්ඩුව අපහසුතාවකට පත් වීම වැලකී ගියේය.මේ අක්ෂිදාාන සංඟමයේ සභාපතිවරයා වූයේ නයිදුුුවාඩු සහෝදරයා ගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ විත්තිකරුය.ඒ ඉඳුනිල් එදිරිවික්රමසූරියයි.කෙසේ වෙතත් මේ උත්සවයට නලින් හේවගේ සහෝදරයා සහභාගිවූයේ නම් බරපතල අපවාදයකට මුහුණ දෙන්නට ඉඩ තිබුණ බව නම් කිසිම සැකයක් නැත.අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර දේශපාලනයේ තොත්ත බබෙක් වන්නේ නලින් හේවගේ සහෝදරයාගේ මේ කෙරුවාව හා සසඳන විටය.
Comments
Post a Comment