රෙදි ඉල්ලේ සන්ධානය මරු
ඊයේ පෙරේදා දවසක කැත අවලස්සන දේශපාලන සන්ධානයක් මෙරට
ගොඩ නැගුණි.ඒ දේශපාලන සන්ධානයේ පළමු මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ මාධ්‍යවේදීන්ට අපුල ගඳක් නොදැනුනේ නම් හරිම පුදුමය.ඒ තරමටම එම දේශපාලන සන්ධානය ගඳය.ඔක්කාරයට එන තරමේය.දේශපාලන සන්ධානයටඑක මේසයකට එකතු වූ සිටි දේශපාලන පක්ෂ ගැනත් එවායේ නායකයන්ටත් විලිලැජ්ජාවක් නැති බව නම් අමුතුවෙන් ලියන්නට ඕනෑ නැත.ලැජ්ජාවක් බයක් හිරිකිතයක් නැති මෙවුන්දැලා ගැන ගමේ වුන් පවසන්නේ රෙදි නෑ හලෝ කියාය.ඒ කියුම නිව් ජෙනරේෂන් කොල්ලන් කෙල්ලන් "රෙදි ඉල්ලේ" යැයි වහරනු අසන්නටද ලැබේ.එම මාධ්‍ය සාකච්චාවට සහභාගි වූ දේශපාලන නායකයන් යට කෑල්ලට කලිසම් සරොම් ඇඳ සිටියාද යන්න ගැනත් පැහැදිලි අදහසක් ගන්නටනොහැකිය.ඒ වාඩි වී සිටිය නිසාය.කෙසේවෙතත් ශ්‍රී ලංකා ,එජාප ,පොදුජන හා සජබ පක්ෂ සන්ධානය ගැන අටුවා ටිකා ටිප්පනී ලියන්නට ඔළුවේ සමනළ ගැට දාගන්නට ඕනෑ නැත.ඒ සන්ධානය තනි වචන දෙක තුනකින් හැඳින්වුව හොත් අප්පට සිරි ජාතියේ එකතුවකි.මෙරට දේශපාලනය තුළ සන්ධාන ඇති වීම අරුම පුදුම කාරණයක් නොවේ.ඒවා ගැන පූර්වාදර්ශත් පවතී.ඉදිරියටත් දේශපාලන සන්ධාන ඇතිවෙන්නට ඉඩ කඩද නැත්තේ නොවේ.එහෙත් මේ සන්ධානය ගැන අපට ලියන්නට සිඳු වී ඇත්තේ "යා දෙක නොරත රත සමග පෑසීමක් නැත" ජාතියේ සන්ධානයක් නිසාය.අප ඒසේ ලියන්නේ ඉරිසියාව හෝ කුහක කම නිසා නම් නොවේ.මේ රට බංකොලොත් කරන ලද බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තීන්දුවක් ලබා ගත්තේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරිකයන්ය.ඒ තීන්දුවේ වග උත්තරකරුවන් වූයේ පොදු ජන පෙරමුණේ සින්නක්කර අයිතිකාරයන් වූ රාජපක්ෂ සනුහරයයි.ඒ රාජපක්ෂ සනුහරය නියෝජනය කරමින් සාගර කාරියවසම් එම මාධ්‍ය සාකච්ඡාව නියෝජනය කෙරුවේය. සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස ගේ අමුඩයද ගලවා දමා එක්සත් ජාතික පක්ෂයට එකතු වූ තළතා අතුකෝරාළ උපාසිකා මාතාවද එම මාධ්‍ය සාකච්ඡාවේ පසෙකය.මේ සන්ධානයේ තවත් පසෙක වාඩි වී සිටියේ සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායකය.ඔහු එහි සිටීම ගැන නම් මේ සන්ධානයට එරෙහි වන්නන් ඉත සිතින් සතුටු වන බව නම් නිසැකය.ඒ උන්දෑ නියෝජනය කරන දේශපාලන පක්ෂයක් කෙදිනකවත් ජයග්‍රහණය නොකරන බවට ලියාපදිංචි අදහසක් සමාජය තුළ තහවුරු වී තිබෙන නිසාය.එසේම මේ සන්ධානයේ පළමු මාධ්‍ය සාකච්ඡාවට එක මේසයක වාඩි වී සිටි මේ උන්දැලා ගැන ලියන්නට නම් අපේ වචන ඕනෑ නැත.ඒ මන්ද යත් මෙවුන්දැලා ගේ දේශපාලනය ගැනත් මෙවුන්දැලා වැනි තක්කඩියන් ගේ දේශපාලනය ගැනත් රසවත් කියුම් ඕනෑ තරම් අපේ ජන වහරේ ඇති බැවිනි.ඒ ප්‍රස්තාව පිරුළු පෝලිමට තියා කියවමු.අම්මාගේ තනේ කෑ එකා අල්ලපු ගෙදර කුකුළන් ඉතුරු කරයිද?උණ පුරුකේ ලා තැබුවත් බලු වලිගේ ඇද ඇරේදකච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන්කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයිකිරි දියෙන් දෙවියත්අඟුරු සුදු වෙන කලෙක් නම් නැත්දුටු දුටු අස්සට ගහ උළුවස්සානැට්ටුවා වැටුනත් අඩව්වක්ලුඅඳින්ට නැති එකා බල්ලන්ට හැට්ට මහනවා වාගේආරේ ගුණ නෑරේඋපන් ගතිය බලි ඇරියත් අරින්ට බැරිලුකන්ට හිතුනාම කබරගොයත් තල ගොයා වෙනවාලුකෙස්ස කැපුවත් අන්දිරිසා අන්දිරිසාමයළිඳේ වැටිච්ච එකා ළිං කටින්ම ගොඩ ආ යුතුයඋරුලෑවා ගිය පාර වගෙයිඒ ප්‍රස්ථාව පිරුළු වලට පසුව ලියන්නට ඇත්තේ පැරණි කතන්දරයකි.හිමාලයේතපස් රැකි තවුසෙකු හට ඇප උපස්ථාන කර සිත් දිනාගත් බල්ලෙකුට කැලෑ වෘකයකු වීමේ ආසාව ඇති විය.බල්ලා ඒ ආසාව තවුසාට කී පමණින් තවුසා බල්ලාගේ ඒ කැමැත්ත ඉෂ්ඨ සිද්ධ කර දුන්නේය.බල්ලා වෘකයකු විය.වෘකයකු ලෙස කාලය ගත කළ බල්ලාට ඒ ජීවිතය එපා වී තමන් අලියෙක් කරන්නට යැයි තවුසා ඇයදීය.තවුසා ඒ ඉල්ලීමද ඉටු කෙරුවේය.නැවත සිංහයකු බවටද යලි වඳුරෙකු බවටද සිය රුචිකත්වයට ගැලපෙන හැඩයට තවුසාගෙන් වරම් ලබා ගත් බල්ලා අවසානයේ ඉල්ලා සිටියේ තවුසා මෙන් ගස් වැල් වලට උඩින් යන ආකාසයේ සෘද්ධි ප්‍රාතිහාර්ය පානතවුසෙක් කරන ලෙසය.බල්ලා නැවත බල්ලෙකු කරන්නට තවුසාට සිදු වූයේ ඒ බලු හිත වෙනස් කරන්නට බැරි වූ නිසාමය.තවුසා චන්ද කතිරය විදියටත් බල්ලා අවුරුදු පහකට බලය ඉල්ලන දේශපාලනය ලෙස සිතා ගත්තාට වරදක් නැත."යාදෙක නොරත සමග පෑසීමක් නැත" යැයි අප අසා ඇති පිරුළට දැන් මේ සන්ධානයේ කෙරුවාව ගැන සිතා "තක්කඩිකම එසේ නැත ඕනෑ තැනක පෑසෙත"යැයි තව පේලි දෙකක් එක් කරන්ටද පුළුවන.ශ්‍රී.එ.පො.ස පක්ෂ සන්ධානය ගැන තව මොනවත්ම ලියන්නට ඕනෑ නැත.මෙවැනිපජාත සංධානයක් ගැන ලියන්නට සිංහල හෝඩියේ අක්ෂර පවා මදි විය හැකිය.ශ්‍රී.එ.පො.ස සන්ධානයේ උන්දැලා සිතා සිටින්නේ මෙරට පුරවැසියන් රට හරක් බවය.බොහෝ දේශපාලඥයන්ට වැරදී ඇත්තේද ඒ සිතීමය.කෙසේ වෙතත් මෙවුන්දැලා අටවාගන්නා ලද මේ සන්ධානයේ පැටිකිරිය ගැන පද හතරේ කවියකින්ම ලියා අවසන් කිරීම වටීගසට කෙටුම ගස මුල පෑවුමෙන් දැනේහානා හීය පානා අඬ හැරෙන් දැනේමිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේඅමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේනව සන්ධානයේ නැකැත් පත්‍ර අමුතුවෙන් බලන්නට වැඩක් නැත. පැටිකිරිය හොයන්නට ඔප්පු තිරප්පු හාරා අවුස්සා වෙහෙස වෙන්නටද ඕනෑ නැතිය.මේ පක්ෂ ඇටවුමේ නායක උන්දැලා පසුගිය ඡන්ද කාලයේ උන් උන් එකිනෙකාට එරෙහිව උන්ගේම කෙරුවාවල් ගැන සිදු කළ අපහාස උපහාස පරිහාස ගැන මතක් කර ගත්තා නම් හොඳටම සෑහේ.බෝම සරළය.එච්චරය.
Comments
Post a Comment