ජනපතිවරණය ගැන තැන තැන කතාබහ මෙහෙමය

 



එක්සත් ජාතික පක්ෂයේ ලේකම් රංඟෙ බණ්ඩාර ජනපති රනිල් වික්‍රමසිංහ උන්නැහේට තව වසර දෙකක් රට බාර දිය යුතු යැයි ප්‍රකාශයක් කෙරුවේ ඊයේ පෙරේදා දවසකය. ඒ කියවිල්ලට හැරෙන තැපෑලෙන් මෙරට දැන උගත් සමාජය වෙතින් රංඟෙ කුඩු පට්ටම් කරන්නට තරමේ පිළිතුරු ලැබුණි.මේ වන විටත් ඒ සඳහා පිළිතුරු ⁣ලැබෙමින් පවතී.


 රනිල් වික්‍රමසිංහ නැති නම් මේ රටට ඉර හඳ පායන්නේ නැතිනම් මේ රටට ඉර හඳ පායන්නේ නැති යැයි රංඟෙ බණ්ඩාර ,වජිර අබේවර්ධන වැනි මී වස්සන් සිතා ගෙන සිටී.1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ අගමැති සිරිමාවෝ බණ්ඩාරනායකද 1977 බලයට පත් වූ යූඇන්පී ආණ්ඩුවේ ජනපතිජේ.ආර්.ජයවර්ධනද ඉන් අනතුරුව ජනපති වූ රණසිංහ ප්‍රේමදාසද හිතා ගෙන හි⁣ටියේද එහෙමය.මේ නායක කාරකාදීන් ගේ සට්ටැඹි අනුගාමිකයන්ගේ සිතීමද එයම විය.රනිල් ව්ක්‍රමසිංහ පිළිබඳව වන "එතුමා පොර"  ජාතකයද එම සිතීම් වල තවත් විහිළුකාර දිගුවක් පමණි.

රනිල් වික්‍රමසිංහ උන්දෑ තව වැඩිම වුනොත් අවුරුදු විස්සක් ජීවත් වන්නට පුළුවන.එසේ නැතිනම් උන්දෑ වෙද මුත්තාගේ කසාය බී තිරිහන් විය යුතුය.⁣එසේ නම් මුන්දෑ නැති දවසකට මේ රට ඉන්දියන් සාගරයේ ගිලී ලෝක සිතියමෙන් මැකී යායුතුය.යුඇන්පීයේ සට්ටැඹි රාළලා ගේ සිතීම හා ඇදහිල්ල එහෙමය.අපට නම් ඒ විශ්වාසය බඩ කොරවෙන තරමේ විහිළුවක් පමණය.

රංඟෙ බණ්ඩාර විසින් ජනපතිවරණය කල් දැමීම පිළිබඳව සි කියවිල්ල ගැන ජනතාවට එතරම් දැනීමක් අවබෝධයක් නැතැයි අපි සිතාගෙන සිටියෙමු.එය වැරදි බව අපට වැටහී ගියේ අද උදේ පාන්දර පොළට ගිය විටය.පොලේ බඩු ගන්නට ආ අයද වෙළඳාම් කරන ඇත්තන් ඇත්තියන් අතරද රංඟෙ බණ්ඩාරගේ යෝජනාව සාකච්ඡා වන බව අපට දැන අසා ගන්නට ලැබුණි.

මාළු ලෑල්ලේ සිරිසේන අයියා කිව්වේ ජනපති ඡන්දය නොතිබ්බොත්  රනිල් ගේ බිජ්ජ කපා දමන්ට ඕනෑ බවය.ඒ එතැනින් පසු සාගල එක්ක ආතල් ගන්නා එක නවතින නිසා යැයිද වැඩිදුරටත්  සිරිසේන අයියා පැවසීය.

මාළු ගන්නට පැමිණ සිටි වයසක උන්දෑ කෙනෙකු කීවේ ගම්සභා ඡන්දයට කෙලිය රනිල් ජනාධිපතිවරණය කෙලින්න ආවොත් කොල්ලන්ගෙන් මට්ටු වෙන එක ෂුවර් බවය.ගෝඨාභය ⁣අමුඩය නැතුව
 පැන ගිය නාටකයේ දෙවන කොටස රනිල් රඟපාන්න හදනවා වෙන්ට ඇතැයි යං ජෙනරේෂන් එකේ කොල්ලෙකු කීවේ වයසක උන්දෑගේ කියමනට අත් වැල් අල්ලමිනි.

පලා විකුනන සීලවතී නැන්දා⁣ටද රංඟෙ බණ්ඩාර ගේ කයිවාරුව දැනී තිබුණි.සීලවතී නැන්දා පැවසුවේ මුන්ට බලය හම්බවුනාම වැළඳෙන  පුකේ ඉඳන් පිස්සුව සනීප වෙන්නේ ඡන්දයකින් ෂොට් එක වැදුනාට පසුව බවය.

පැන්ෂන් ගිය ප්‍රින්සිපල් මහත්තයා පොලේදි හමුවුන දන්නා කියන හැම එකාටම පැවසුවේ වැඩිහිටි ඩිපොසිට් වලට දුන් පොලිය කපා දැමූ මේ පාදඩ හැත්ත ඉක්මනට එලවා දමන්ට අවස්ථාව හිමිවන ජනපතිවරණය කැන්සල් කරන්නට ඉඩ නොදිය යුතුය කියාය.

මේ විදියට බලන විට රටේ හැම එකාටම වාගේ රනිල් වික්‍රමසිංහ තිත්ත වී තියෙන බව නම්  කියන ඇහෙන කතන්දර වලින් තහවුරුය.රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා ලෙස පත් වීමෙන් පසු
මුළු රටටම ගෑස්  දුන්නාය පැට්‍රල් පෝලිම් නැති කරාය පැය විසි හතරම කරන්ට් එක දුන්නා යැයි ජනතාව අන්දන්නට යූඇන්පී සට්ටැඹියන් දත කට පුක විකාගෙන මතුරන මන්තරයට ඡන්ද දායකයන් අසන්නේ හොඳට තිබුණු රටක් නැති බංගස්ථාන කරන ලද ආණ්ඩුවලද සිටි රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ අවුරුදු හතලිහක්ම මාපැටඟිල්ලෙන්  කුක්කු බීවාද කියාය.එසේ නම් රනිල් වික්‍රමසිංහට මොළය පෑදී ඇත්තේ ජනපති ධුරයට පත්වීමෙන් පසුවය. 
තමන්ගේ අඹ යාළුවාට මහ බැංකුවේ බැඳුම්කර ගණුදෙනුවෙන් ගොඩ යන්නට උදව් උපකාර කෙරුවේද මේ රනිල් වික්‍රමසිංහ බව රටේ ජනතාව අමතක කර නැත.ජනපතිවරණයෙන් පසුව බලය⁣ට පත්වන නව ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරවා හරින එක සීයට දාහක් ස්ථිරය.ඒ පාර්ලිමේන්තු ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂය දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම එක ආසනයත් අහිමි වීමද ස්ථිර බව හූනා කියන්නා වාගේ ලියා තබන්නට පුළුවන.පොහොට්ටුවේ වුන්ටද අත් වන්නේද ඒ ඉරණමය.

මොනවා වුනත් මොන පාටින් ඡන්දය ඉල්ලුවත් මේ රටේ ජනතාව ඡන්දය දෙන්නේ මේ රට නැති බංගස්ථාන කළ වුන්ට තරාතිරම නොබලා ජම්පරය අන්දා වැලිකඩට දක්කන බව⁣ට වන අනිවාර්ය කොන්දේසිය යටතේ බව රටතොට තැන තැන වන කතා බහ වලින් අපට පැහැදිලිය. 

ටිරාන් අලස්ලා පොලිස් පති දේශබන්දුලා වැනි වුන් පුරුද්දට වාගෙ දිනන පැත්තට හෝයියා කීමට කුරුමාණම් අල්ලමින් සිටින බවට අපට සැක කළ හැකිය.මෙවැනි තක්කඩියන් පිළිබඳව  සමගි ජන බලවේගයේ නායක කාරකාදීන්ද ජාතික ජන බලවේගයේ ⁣සහෝදරයන්ද හිත ⁣රිදෙන තරමේ වචනයක් කතා නොකිරීමද අපට බරපතල ප්‍රශ්ණයකි.ඉන් අදහස් වන්නේ ටිරාන් අලස් දේශබන්දු මේජර් ජනරාල් සලේ වැන්නන් ඊළඟ ආණ්ඩුව යටතේද සිල් ගත් උපාසක මහත්වරුන් වීමට ඉඩ හැකියාව පවතින බවය.

එය එසේ සිඳුවුව හොත් රටේ ජනතාවට ඉතිරි වන්නේ අහෝ ඛේදයකි ,දුකකි ,යැයි කීම පමණමය.        


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්