ගලබොඩ අත්තේ ඥානාසාර හරි හොඳ බව මහානායක හිමිවරුන් ජනපතිවරයාට දන්වයි
අධිකරණ තීන්දුවකින් වැරදිකරුවී සිර දඬුවම් ලබා සිටින ගලබොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා ත්‍රිවිධ නිකායික මහා නායක හිමිවරුන් විසින් ජනපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.
අවුරුදු හතක සිර දඬුවමක් විඳිමින් සිටින ගලබඩ අත්තේ ඥානසාර හිමිට එම දඬුවම හිමි වූයේ 2007 වර්ෂයේදී කුරගලදී ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට ප්‍රකාශයක් කළ බැවිනි.දැනට සිරකරුවෙකු ලෙස වැලිකඩ බන්ධනාගාරයේ දඬුවම් විඳින ගලබොඩ අත්තේ ඥානසාර චීවරයක් නොදරන සාමාන්‍ය සිරකරුවෙකි.ත්‍රිවිධ නිකායික මහා නායක හිමිවරුන් ජනපතිවරයාගෙන් ගලබොඩ අත්තේ ඥානාසාර හිමි නිදහස් කරන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති ලිපියේ සඳහන් වන්නේ ඔහු ජාතීන් අතර සමගිය ඇති කිරීමට කටයුතු කළ හිමි වරයෙක් ලෙසට හඳුන්වා දෙමිනි.එහෙත් අධිකරණය මගින් ගලබොඩ අත්තේ ඥානසාරට දඬුවම් ලබා දී ඇත්තේ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කර ඇතැයි ප්‍රකාශ වෙන චෝදනාවකටය.
Comments
Post a Comment