පොලිස් වද කදවුරට කෝටි ගණන් ගෙවලා

 


 

කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය ඇතුළු පොලිස් කොට්ඨාශ හතරක් වද කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය කොළඹ 05 කිරුළපන ඇවනිව් පිහිටි භූටානි කැපිටල් ගොඩනැගිල්ල සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වසර හතරක් සඳහා කුලිය වශයෙන් රුපියල් කෝටි 48 කට වැඩි මුදලක් ගෙවා ඇති බව විගනකාධිපති විසින් ප්‍රකාශයට පත් කරන ලද විගණන වාර්තාවකින් අනාවරණය වේ.

පසුගියදා පැහැරගෙන ගිය විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, මුසල්මානු කාව්‍ය රචකයකු වූ අහනෆ් ජමීන් වැන්නන් රඳවාගෙන සිටියේ මේ ගොඩනැගිල්ලේය. 

මේ විගණනය 2022 වර්ෂයේ සිඳු කර ඇති අතර 2020 වසරේ සිට ජනවාරි 01 වන දින සිට 2021 දෙසැම්බර් 31 දක්වා වසර තුනකට එම ගොඩනැගිල්ලට කෝටි 23 කට අධික මුදලක් (රු.23400000)  ගෙවා ඇති අතර 2022 ජනවාරි මස 01 සිට 2023 දෙසැම්බර් 31 දක්වා වූ වසර දෙකකට රුපියල් කෝටි 24 කට අධික මුදලක් (රු.23960000) ගෙවා ඇති බව විගණන වාර්තාවේ සදහන් කර තිබේ.

මෙම ගොඩනැගිල්ල සදහා ගෙවා ඇති මාසික විදුලි බිල ලක්ෂ තිහක් බවක්ද ⁣එම වාර්තාවේ සදහන් වේ.

පාස්කු දින ප්‍රහාරයට පෙර මෙම පොලිස් කොට්ඨාශය මගින් ජාතික තවුහිද් ජමාත් සංවිධානය හා JMI සංවිධානය ගැන සෙවිල්ලෙන් සිටියද එම ප්‍රහාරය වලක්වා ගැනීමට මෙහි සේවය කරන නිළධාරීන් අපොහොසත් වූ බවට පාර්ලිමේන්තුවේ පැවති පාස්කු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විවාදයේදී විපක්ෂය විසින් චෝදනා කෙරිණි. 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්