ශානි අබේසේකර ගේ ⁣මානව හිමිකම් පෙත්සම විභාගයට ගනී

 


 මිල්ටෙරි නන්දසේන ගෝඨාභය මෙරට ජනපතිවරයා ලෙස පත් වීමෙන් පසුව තමාගේ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම විභාගයට ගැනීමට පසුගියදා අවසර දුන් බව වාර්තා වේ.


ආණ්ඩුක්‍රම ක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1) වගන්ති යටතේ සහතික කර ඇති මූලික අයාතිවාසිකම්කඩ කිරීම සම්බන්ධයෙන් මෙම පෙත්සමෙහි වග උත්තරකාර පාර්ශව ය ලෙස හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න,ජාතික පොලිස් කොමිෂමේ සභාපති ඇතුළු සාමාජිකයන් ,ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න සහ තවත් කිහිප දෙනෙකු නම් කර තිබේ.

තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් මෙම වග උත්තරකාර පාර්ශවයෙන් මිලියන 10 ක් අයකර දෙන ලෙස පෙත්සම්කරු වන ශානි අබේසේකර ඉල්ලා ඇත.

2019 නොවැම්බර් මස21 වන දින පැවති ජනපතිවරණයෙන් පසු දින හතරකින් තමා වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස ස්ථාන මාරු කර යවන ලද බවත් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු නියෝජ්‍ය පොලිස්පති වරයකුගේ පෞද්ගලික සහාකාර ලෙස පත් කරන ලද්දේ ප්‍රථම වරට බවද මෙම  පෙත්සමෙහි පෙත්සම්කාර ශානි අබේසේකර සඳහන් කර තිබේ.එම පදනම් විරහිත ස්ථාන මාරුවට හේතුව පිළිබඳව තමන් කිසිත් නොදන්නා බවත් ඉන් අනතුරුව 2020 ජනවාරි 07 වන දින ජාතික පොලිස් කොමිෂම මගින් තමාගේ වැඩ තහනම් කළ බව ජාතික පොලිස් කොමිෂම විසින් දන්වා ඇති බවද වැඩිදුරටත් එහි සඳහන්ව පවතී.

මෙම පෙත්සම විභාගයට ගැනීමත් සමග පෙත්සමෙහි වග උත්තරකාර පාර්ශවය ලෙස සඳහන් ඇති ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න බරපතල තැති ගැනීමකට ලක්වී  සිටින බවට ලංකා දවසට දැන් ගැන්මට ලැබී ඇති අතර ඔහු ඕනෑම කොන්දේසියක් යටතේ ශානි අබේසේකර සමග එකගතාවකට පැමිණීමට උත්සාහ දරමින් සිටින බවද අනාවරණය වේ.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්