රනිල් වික්‍රමසිංහගේ මුට්ටිය දැමීම

 


 රනිල් වික්‍රමසිංහ මුට්ටිය දමා තිබේ.ඒ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් වරයා මාර්ගයෙනි.රංගෙ බණ්ඩාර මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ ජනපතිවරණය නොපවත්වා ඉදිරි වර්ෂ දෙකක් මෙරට පාලනය කිරීමට රනිල් වික්‍රමසිංහ⁣ට අවස්ථාව ලබා දිය යුතු බවය.රංගෙ බණ්ඩාර මේ  ප්‍රකාශ කිරීමට පෙර එක්සත් ජාතික.පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින්ද රනිල් වික්‍රමසිංහ ගේ ධුර කාලය දීර්ඝ කළ යුතු බවට අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කෙරිණි.


වජිර අබේවර්ධන අවස්ථා කිහිපයකදී කළ ප්‍රකාශ කට වාචාල කමට ප්‍රකාශ කරන ලද ඒවා නොවන බව රංගෙ බණ්ඩාර සිදු කළ ප්‍රකාශයෙන් තහවුරු වේ.සැබවින්ම ජනපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කල්ලිය දැන් සිටින්නේ බලය පිළිබඳ උන්මාදයකිනි.නර්ස් සමන් ,හල්ලොළුව ,යං ගවනර් රජිත කීර්ති ,මහචාරී මද්දුම බණ්ඩාර ,මහචාරී ආශු මාරසිංහ සාගල රත්නායක ආදී පිරිසද,මනූෂ නානායක්කාර ,සේමසිංහ,හරීන් ප්‍රනාන්දු ,කාංචන විජේසේකර ආදී පාර්ලිමේන්තු නියෝජිතයන්ද මෙතරම් කාලයක් මහජන මුදලින් ගත් සැප අත් හරින්නට සූදානමක් නැති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.ජනපතිවරණයක් පැවැත්වුව හොත් එහි ප්‍රතිඵළය කුමක්ද යන්නත් තමන්ට හා අඹු දරුවන්ට යන එන මං නැතිවන බවද මොවුන් දනී.මොවුන් සැම දැන් ඉන්නේ තැති ගැන්වීමෙනි.

රංඟෙ බණ්ඩාර  ජනපතිවරයාගේ ධූර කාලය දිගු කළ යුතු බවට අදහසක් ප්‍රකාශ කර ඇත්තේ මේ පසුබිම තුළය.මේ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී අදහසක් නොව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත කූඨ සැලසුමක් පිළිබඳව වූ අනාවැකියක් විය හැකි බවට අපට සිතෙන්නේ ⁣රනිල් වික්‍රමසිංහගේ මාමා වූ ජේආර් ජයවර්ධන මෙරට සර්ව ජන ඡන්ද බලය තක්කඩි ආකාරයෙන් පික් පොකට් ගැසූ මෙලේච්ඡ හා සාහසික තුරුම්බුවක් පිළිබඳව රුධිරයෙන් ලියවුන දේශපාලන පරිච්ඡේදයක් මෙරට සටහන්ව ඇති නිසාය. 

කෙසේවෙතත් මේ වන විට විපක්ෂයේ හා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් බොහෝ දෙනෙකු රංගෙ බණ්ඩාර ගේ එම ප්‍රකාශය හෙලා දැක තිබේ.විශේෂයෙන් මේ පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ පොදුජන පෙරමුණේ ලේකම් සාගල කාරියවසම් පවසන ලද්දේ රංගෙ බණ්ඩාර මෝඩයෙක් බවත් තම පක්ෂය මැතිවරණ කල් දැමීම කිසිසේත්ම අනුමත නොකරන බවය.පොදුජන පෙරමුනේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ හා මේ වන විට ජනපති රනිල් වික්‍රමසිංහ හට සහයෝගය දෙමින් සිටින නිමල් ලංසා මන්ත්‍රීවරයාද රංගෙ බණ්ඩාරගේ ප්‍රකාශයට එරෙහිව අදහස් දක්වා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනපතිවරණය කල් දමා ගැනීම⁣ට ජනමත විචාරණයක් පැවැත්විය යුතුය.මෙරට වර්තමානයේ පවතින දේශපාලන වාතාවරණය අනුව ජනමත විචාරණයකින් ජය ගැනීමට රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ පාදඩ කල්ලියට නොහැකිය.එය එසේ වන්නේ නම් රනිල් වික්‍රමසිංහ ඊළඟට ගහන්නට යන තුරුම්බුව කුමක්ද යන්න පිළිබඳව විමසා බැලීම වටී.

ජනපතිවරණය ඉදිරි අවුරුදු දෙකක් සදහා කල් දැමිමට යෝජනා කරමින් අදහස් දැක්වූ රංඟෙ බණ්ඩාර එහිදී තවත් අපූරු ඉඟියක්ද කෙරුවේය.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රේගු බදු නිදහස් වාහන බලපත්‍ර ලබා දීමට හැකි ආර්ථික වටපිටාවක් නිර්මාණය වී ඇති බවය.මේ ඉඟිය තුළ සැඟවී ඇත්තේ මන්ත්‍රීවරුන් වරදාන ප්‍රධානය කරමින් බිලි බා ගැනීමට සූදානමක් ඇත යන්නය.

ජනපති රනිල් වික්‍රමසිංහ මේ හදන්නේ සිය මාමා වූ ⁣ජේආර් ජයවර්ධන ජනපතිවරයා මෙරට සමාජයට මුදා හැරි ඒකාධිපතිත්වය වෙනස් ආකාරයකින් හා හැඩයකින් යොදා ගැනීමට බවට සැක කළ හැකිය.
ජේආර් ජයවර්ධන ජනපතිවරයා මෙරට මැතිවරණ සිතියම අකුලා දමමින් පැවැත්වූ කළගෙඩි ලාම්පු ජනමතවිචාරණයෙන් පසුව මෙරට සමාජය අත් විඳි  අත්දැකීම ඉතා කණගාටුදායකය.එම ජනමත විචාරණයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගත් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කෙරිණි.ඒ නිසා මෙරට සමාජය තුළ සිදුවූ මිනිස් සංහාරය අති විශාලය.

ජනපති රනිිිල් වික්‍රමසිංහ ඇතුළු පාහර තක්කඩි කල්ලිය ජනපතිවරණය කල් දමා ගැනීමට කවර හැඩයේ පාදඩ සැලසුමක් දියත් කළද ඉන් ඇතිවිය හැකි ප්‍රතිඵළය තවත් මහා මිනිස් ඝාතනයක් ව්ය හැකිය.එසේත් නැති නම් මේ පාදඩයන්ගේ අවසානය විය යුතුය. මිල්ටෙරි නන්දසේන ජනපති ධුරයෙන් එලවා දැමීමට වීදි සටනක් කළ සමාජය ජනපති රනිල් වික්‍රමසිංහ හා පාදඩ කල්ලියේ අභිමතයට ඉඩ දේද යන්න සැක සහිතය.
 
එසේ වුවත් මේ නරුමයන් සිය දේශපාලන බලය පහසුවෙන් අත් හැරීමට සූදානම් නොවන බව නම් ස්ථිරය.⁣මෙි මෙලෙච්ඡයන් අත් හදා බැලීමකට හෝ සිය සැලසුම මුදා හරින බව නිසැකය.ඒ සඳහා කොඳු නාරටිය නැති අධිකරණයද මොළයක් නැති හමුදාව හා පොලීසියද මේ මෙලේච්ඡයන් යොදා ගනු ඇත්තේය.

පසුගියදා ඉන්දියාවේදී අත් අඩංගුවට ගන්නා ලද අයිඑස්එස් ත්‍රස්තවාදීන්  බව පැවසෙන කණ්ඩායම ජනපති රනිල් වික්‍රමසිංහගේ බලය තව දුරටත් තහවුරු කිරීම සදහා යොදා ගැනීම⁣ට අපේක්ෂික සූදුවේ රහසිගත පෙර පුහුණ අභ්‍යාසයක්ද යන්නත් සැක සහිතය.ගෝඨාභය බලයට පත් කරවීම සඳහා පිපිරවූ පාස්කු බෝම්බ ප්‍රහාරය හා සමානම ජවනිකාවක්  ජනපති රනිල් වික්‍රමසිංහ ගේ ධුර කාලය තව දුරටත් දීර්ඝ කිරිමට යොදා ගන්නේදැයි සැකයක් ඒ නිසාම මතු වෙමින් පවතී.බටලන්ද වැනි මෙලේච්ඡ වද කඳවුරක් පවත්වාගෙන ගිය රනිල් වික්‍රමසිංහ වැනි සාහසික මිනීමරුවෙකු සිය බලය තහවුරු කර ගැනීම සඳහා මිනිස් බිලි ඕනෑ තරම් ගන්නට කිසිදු පැකිලීමක් නැති බව අමුතුවෙන් සඳහන් කළ යුතු කරුණක් නොවේ.එසේම මොහු අනුකම්පාවක්ද නැති සාහසිකයකු බව ක්‍රියාවෙන් පෙන්වා තිබේ. 

⁣ඒ අනුව ඉදිරියේදී මෙරට දේශපාලන භූමියේ නිර්මාණය වීමට ඉඩ හැකියාව පවතින අර්බුදකාරී වටපිටාව ඉතා අනතුරුදායක බව අපි ජනතාව වෙත සිහිපත් කරමු .එම අනතුරුදායක බව වටහා ගෙන එයට මුහුණ දිය හැකි ශක්තිමත් ජනතා සමූහයක් සංවිධානය වීමද කාලීන අවශ්‍යතාවක් බවද අපි දන්වමු.


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්