විනිසුරු ප්‍රසන්න අල්විස්ට එරෙහිව මඩ ප්‍රචාරයක් සැළසුම් කෙරේ
මෙරට අධිකරණ ක්ෂේත්‍රය තුළ සාධාරණ විනිශ්චයන් ලබා දෙන විනිසුරුවරයකු ලෙස මහජනයා අතර ගෞරවණීය විශ්වාසයක් පවතින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ප්‍රසන්න අල්විස්ට එරෙහිව අපහාසාත්මක මඩ ප්‍රහාරයක් එල්ල කිරීමේ කුමන්ත්‍රණකාරී සැළසුමක් පිළිබඳව අනාවරණය කෙරෙන වට්ස් ඇප් පණිවුඩයක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරමින් තිබේ.මහාධිකරණ විනිසුරුවරයකු ලෙස වර්තමානයේ උසස්වීම් ලබා ඇති ප්‍රසන්න අල්විස් මහේස්ත්‍රාත් ධුරයේ කටයුතු කරන අවදියේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වූ වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධි විධාන පනත භාවිතා කළ නොහැකි බවට පූර්වාදර්ශී තීන්දුවක් ලබා දඅන්නේය.
එසේම අයිසීආරපී පනත අවභාවිතයට එරෙහිවද තීන්දු ගණනාවක් ලබා දී ඇති ඔහු පොලීසියේ අනීතික මැදිහත්වීම් හා තනි තනි පුද්ගලයන් ඉලක්ක කරමින් ගොනු කරන ලද චෝදනා පිළිබඳව බොහෝ අවස්ථාවලදී ප්‍රශ්ණ කෙරුවේය.ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිණියට එරෙහිව ගොනු කරන ලද චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපක්ෂපාතීව විමර්ශනය නොකරන බවට අනාවරණය වූයේද ප්‍රසන්න අල්විස් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී සිදු කළ ප්‍රශ්ණ කිරීම් වලදීය.
හිටපු මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්ට එරෙහිව අන්තර්ජාලයේ සැරිසරණ වට්ස් ඇප් පණිවුඩයේ මෙසේ දැක්වේ."උසස්වීම් ලද විනිසුරු ප්‍රසන්න අල්විස් ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක ප්‍රහාරයක් එල්ල කිරීමට පොලීසියේ ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් සහ අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනෙකු රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.ප්‍රසන්න අල්විස් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස සිටියදී ආණ්ඩුව විසින් දේශපාලනික හේතු මත අත් අඩංගුවට ගත් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ඉතා එඩිතර තීන්දු ලබා දෙන ලදී.තවද යුක්තිය මෙහෙයුම හරහා අහිංසක පුද්ගලයන් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන අවස්ථාවේ ඔහු පොලීසියේ පවතින කාර්ය පරිපාටි දෝෂ සම්බන්ධයෙන් සහ නිර්දෝෂී පුද්ගලයන් වැරදි ආකාරයට අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිරතුරුව පොලීසියට චෝදනා එල්ල කරන ලද විනිසුරුවරයකු වේ.
දිගින් දිගටම ඒ ආකාරයෙන් අපක්ෂපාතී සහ එඩිතර තීන්දු ලබා දෙන විනිසුරුවරුන් සම්බන්ධයෙන් විවිධ චෝදනා සහ මඩ ප්‍රහාර එල්ල කිරීමේ සැළසුමක් ක්‍රියාත්මක කිරීමට අදහස් කර ගෙන ඇති අතර එහිදී ප්‍රසන්න අල්විස් විනිසුරුවරයා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බව වාර්තා වේ.එහි මූලික පියවර ලෙස ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස සිටියදී මහේස්ත්‍රාත් අධිකරණයේ තිබී අස්ථානගත වූ නඩු භාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් ඔහු සම්බන්ධ කොට ප්‍රචාරයක් දියත් කිරීමට සැළසුම් කර ඇති බවට වාර්තා වේ.කෙසේ නමුත් එලෙස නඩු භාන්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් ඔහු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාව සිටියදී පැමිණිලි කර තිබෙන තත්වයන් තුළදී මේ ආකාරයෙන් ප්‍රචාරයක් දියත් කිරීමට කටයුතු කර තිබීම හරහා එය සැළසුම් සහගත පළිගැනීමක් බව තහවුරු වේ."
(උපුටනය අවසන්)අන්තර්ජාලයේ සැරිසරන මෙම වට්ස්ඇප් පණිවුඩය ගැන නිශ්චිත තහවුරු කිරීමක් නැතත් පසුගිය කාලයේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වැනි කීර්තිමත් රාජ්‍ය නිළධාරීන්ට හා ඇතැම් දේශපාලනික පුද්ගලයන් කේන්ද්‍රීය කර ගනිමින් සිඳු වූ අපහාසාත්මක මඩ ප්‍රචාරයන් මෙන්ම ඔවුන්ට එරෙහිව ගත් සාවද්‍ය අධිකරණ ක්‍රියාමාර්ග විමසන විට මෙම පනිවුඩයෙන් හෙළිදරව් කරන කාරණය පහසුවෙන් නොතකා සිටිය නොහැකිය.
ලංකා දවසට ලැබී ඇති තොරතුරු අනුව මෙම අපහාසාත්මක සැළසුම හා ඉන් අනතුරුව ගත යුතුඅධිකරණ ක්‍රියා මාර්ග පිළිබඳව සැකච්ඡා කළ පිරිස අතර ටිරාන් අලස් ඇමතිවරයා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විනිසුරු තිලිණ ගමගේ රහස් පොලීසියේ අධ්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න ආදීන් සිටිය බව හෙළි විය.
Comments
Post a Comment