පොලිස්පති ආගමන විගමන නීති උල්ලංඝනය කරයි
පොලිස්පති
දේශබන්දු තෙන්කෝන් මාලදිවයිනේ සංචාරයකට ගොස් ඇති බව වාර්තාවේ.මේ සංචාරය
නිල රාජකාරියක් බව ප්‍රකාශ වුවද පොලිස්පතිවරයා ඒ සඳහා රාජකාරි නිවාඩු
අයදුම්කර හෝ ලබා ගෙන නැති බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපට දැන ගැන්මට
ලැබී තිබේ.එසේම පොලිස්පතිවරයා විදේශ සංචාරයක නිරත වන කාලය තුල රාජකාරි
ආවරණය සඳහා වැඩබලන පොලිස්පතිවරයකුද පත් කර නැති බව වාර්තා වේ.
පොලිස්පතිවරයා
මෙරටින් පිටත්වී ඇති ආකාරය පිළිබඳව මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ
දැඩි කතාබහට ලක් වී ඇත.ඒ ඔහු කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වී ඇත්තේ
ආගමන විගමන ආවේක්ෂණ මගී පර්යන්තය මග හරිමින් සිය ජිප් රථයෙන් ගුවන් යානය
අසලට ගොස් එහි නැග තිබීම නැග තිබීම නිසාය.මෙම ක්‍රියාව මෙරට ආගමන විගමන
නීති උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කරන ආගමන විගමන නිළධාරීන් රටේ විධායක
ජනපතිවරයා පවා මෙපමණ කාලයකදී එලෙස මෙරටින් පිටව යාමට කටයුතු කර නැති බව
පෙන්වා දෙයි.
පොලිස්
ඇමති ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන දෙපාර්ශවය මෙරට නීති
පද්ධතිය හා රාජකාරිමය විෂය පථය බලහත්කාරී ලෙස උල්ලංඝනය කරමින් සිටින බවත්
මොවුන් දෙදෙනා උද්දච්ච ආකාරයෙන් අමුතුම මාදිලියට නිල බලය යොදවන බවට බොහෝ
අයවළුන් චෝදනා කර සිටී.
Comments
Post a Comment