රංගෙ බණ්ඩාර ජරා බායියෙක්
රනිල් වික්‍රමසිංහ මහල්ලා තවදුරටත් ජනපති ධුරයේ අජරාමර කරන්නට මුට්ටිය දැමූ රංඟෙ බණ්ඩාර නම් එක්සත් ජාතික පක්ෂයේ සට්ටැඹි රාළ ගේ පැටිකිරිය ගැන මාධ්‍යවේදී පෝද්දල ජයන්ත සිහිපත් කර තිබේ.මාධ්‍යවේදී පෝද්දල ජයන්තට ඒ ගැන අප ස්තූතිවන්ත විය යුතුය.මේ සිද්ධිය පෝද්දල ජයන්ත විසින් ඒ දින වල සිළුමිණ පුවත්පතේ මහ ශීර්ෂයේ පුවත ලෙස වාර්තා කර ඇති බවද සඳහන් කළ යුතුය.
රංඟෙ බණ්ඩාර දේශපාලනයට ඒමට පෙර පොලීසියේ පොලිස් පරීක්ෂක වරයෙකි.මොහු පොලීසියේ සේවයේ නිරතව සිටින කාලයේ යම් පුද්ගලයෙකුට එරෙහිව තිබූ චෝදනාවකින් ඔහු නිදහස් කර යැවීම සඳහා එම පුද්ගලයාගෙන් අල්ලසක් ලෙස පුටු සැටියක් ගෙන තිබේ.අල්ලස් කොමිෂම මෙම පැමිණිල්ල විභාග කරමින් සිටියදී රංඟෙ බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වී ඇත.ඒ කාලයේ බලයේ සිටියේ ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායකය.එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රංඟෙ බණ්ඩාර විසින් කතානායක වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ තමන් මන්ත්‍රීවරයකු වීමට පෙර සිඳු කරන ලද වරදක් මන්ත්‍රීවරයකු වීමෙන් පසුවද අල්ලස් කොමිසම විභාග කිරීමෙන් තමන් ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩ වෙන බවට සඳහන් කරමිනි.ඒ වන විට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වී සිටියේ මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබූ පියසේන රණසිංහය.රංඟෙ බණ්ඩාර මන්ත්‍රීවරයාගේ පැමිණිල්ල පරිදි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා ඇත.ඉන් අනතුරුව අල්ලස් කොමිසම එම පැමිණිල්ල විභාග කිරීම අත් හිටුවා තිබේ.විපක්ෂ මන්ත්‍රීවරයකු වූ රංඟෙ බණ්ඩාර විසින් ඉදිරිපත් කරන ලද වරප්‍රසාද කඩ වීමේ ප්‍රශ්ණය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවකුත් ප්‍රශ්ණ නොකිරීම මෙහි විශේෂ සිදුවීමකි.එය මෙරට දේශපාලනයේ නියැලෙන "මුන් ඔක්කොම යාළුවෝ මල්ලී"යැයි රන්ජන් රාමනායක ගේ කියමන තහවුරු කරන්නකි.හොරුන් දූෂිතයන් ගාලු මුවදොරට ගෙනවිත් එල්ලනවා යැයි වේදිකාවල හඬ නැගූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරියගේ පාලනය යටතේ පැවැති ආණ්ඩු පක්ෂය ඒ අවස්ථාවේ සිට ගත්තේ විපක්ෂ මන්ත්‍රී රංගෙ බණ්ඩාර ගේ පැත්තේය.ඒ දිනවල පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ඇමති ධුරවල සිටි වීරයන් වර්තමානයේද පාර්ලිමේන්තුව නියෝජනය කරන බව සිහිපත් කළ යුතුය. සුසිල් ප්‍රේමජයන්ත්,නිමල් සිරිපාල ද සිල්වා ,අනුර ප්‍රියදර්ශන යාපා,මහින්ද රාජපක්ෂ,පවිත්‍රාදේවී වන්නිආරච්චි ,බන්දුල ගුණවර්ධන ,එස්.බී දිසානායක,ජී.ඇල්.පීරිස් ආදීන් ඒ අතරින් ප්‍රධාන වේ.අල්ලස් ගැනීම මන්ත්‍රී වරප්‍රසාද වලින් වසන් කරගැනීම නීතියට පටහැනි බව මේ කිසිවකුත් පවසා නැත.මේ නම් සදහන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප පොළක්ම නීතිඥයන් වන අතර ජී.ඇල් පීරිස් නීති විෂය ප්‍රමාණික මහචාර්යවරයෙක් බවද අප මෙහිදී අමතක කළ යුතු නැත.රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනතාව සතු ප්‍රජතන්ත්‍රීය අයිතිය උදුරා ගන්නට කැස කවන රංඟෙ බණ්ඩාරගේ කෙරුවාව එහෙමය. ජරා බායියකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය කෙලසූ මේ සට්ටැඹියා දැන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් වරයා වේ.වත්මනඑක්සත් ජාතික පාක්ෂිකයන් ගේ වීරයන් වී ඇත්තේ ආතක් පාතක් නැති අශුද්ධ හෘද සාක්ෂියක් ඇති මෙවැනි පාදඩයන්ය.බුරුත පුටු සැටියකට තමන් හම්බ කරගෙන කෑ පොලිස් දෙපාර්තමේන්තුවේ අසූචි ගෑ මෙවැනි පාදඩයකු මුදලට තම පස්සා පැත්ත වුවද උස්සා දෙන බව සහතික කර කියන්නට පුළුවන.පොලිස් සේවයේ නිරතව සිටියදී අල්ලස් චෝදනාවට ලක්වූ රංඟෙ බණ්ඩාර යහපාලනය සමයේදී දේශපාලන පළිගැනීම් වලට ලක් වූ බව සඳහන් කරමින් සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස පසු දාතම් උසස්වීමක් ලබා ගත්තේය.මේ උන්දෑ වර්තමානයේ රජයේ කිසිම තනතුරක් නොදරයි.පසුගිය දවසක මොහු ගමන් ගත් වාහනය නුවරඑළියෙදී අනතුරට පත් වී තිබුණි.එම වාහනය කම්කරු අමාත්‍යංශයට අයත් WP KY 1649 දරණ වාහනයක් බව මාධ්‍ය වෙතින් හෙළිදරව් කෙරිණි.ඒ අතරේ එම වාහනය මේ මාසයේ 07 වෙනිදා බම්බලපිටියේදී අනතුරට ලක් වූ බවට සඳහන් කරමින් එම්බීඑස්එල් රක්ෂණ සමාගම වෙත වන්දි ලබා ගැනීමට යොමු කර තිබේ.එහිදී අනතුරට ලක්වූ වාහනය අලුත්වැඩියාව සඳහා ලක්ෂ දෙකක මුදලක් ඉල්ලුම් කර ඇති අතර රක්ෂණ සමාගම එම ගෙවීම අනුමත කර නැත.ඒ වාහනයට අනතුරෙන් සිදුවී ඇති හානිය පරණ වීම නිසාය.රක්ෂණ සමාගම වෙත මෙම වාහනය ඉදිරිපත් කර ඇති රියදුරු වන්නේ නිවිතිගල සිදුරුපිටිය පාරේ පදිංචි වසන්ත ප්‍රේමකුමාර නැමති අයෙකි.ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය 7430100094 V වේ.එම වාහනය නුවරඑළියේ ලබුකැලේ ප්‍රදේශයේදී අනතුරට ලක් වන අවස්ථාවේ එහි රියදුරා වශයෙන් සිට ඇත්තේ අමාත්‍යංශයේ නිල රියදුරු නොවේ.වාහනය ගැටී ඇත්තේ පෞද්ගලික බස් රථයකය. එහෙත් මෙම අනතුර පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී නැතත් එම අවස්ථාවේ රථවාහන පොලීසියේ නිළධාරීන් අනතුර සිදුවූ ස්ථානයට පැමිණ ඇති බවට ඡයාරූප සාක්ෂි තිබේ.එම ඡායාරූප වල රංඟෙ බණ්ඩාරද සිටී.අනතුර සිදු වූයේ මැයි මස 05 වෙනදාය.මේ ඡායාරූප වල සිටින නුවරඑළිය පොලීසියේ රථවාහන අංශයේ නිළධාරීන් එම අනතුර පිළිබදව සාක්ෂිකරුවන්ය.මෙදින මෙම වාහනයේ නිල රියදුරු නිවාඩු ගොස් සිටි බව කම්කරු අමාත්‍යංශයේ සදහන්ව තිබේ.මින් හෙළිදරව් වන්නේ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර තම අමාත්‍යංශයේ වාහනයක් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් වරයාගේ පරිහරණයට ලබා දී ඇකි බවය.සත්‍ය වශයෙන්ම මෙය රාජ්‍ය දේපොල අවභාවිතා කිරීමකි.ඇට දෙක බිමට පාත් වනතුරු යටි ගිරියෙන් මොර දී දූෂණය නැවැත්වීම ගැන ජාතක කතන්දර කියන ඇමති මනූෂ නානායක්කාර ගේ සැබෑ කෙරුවාව මේ වාහන ගනුදෙනුවෙන් සිතා ගත හැකිය.සත්‍ය ලෙසම මේ තක්කඩියන්ට ලැජ්ජාවක් නැත.ජනපති රනිල් වික්‍රමසිංහ මහල්ලා ජනපති කමින් තොලෙංචි වීමෙන් පසුව මේ සැප නොලැපෙන බව රංගෙ බණ්ඩාර,මනූෂ නානායක්කාර,හරීන් ප්‍රනාන්දු වැන්නන් දනී. රනිල් වික්‍රමසිංහ මහල්ලා ජනපති පුටුවේ තබා හාකබොන්ඩ් ගා අලවා තබන්නට මේ උන්දැලා උත්සාහ කරන්නේ ඒ නිසාය.
Comments
Post a Comment