ටිරාන් ගේ හා සාගලගේ ජාවාරමක් මාට්ටු
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපෙලේ ගොඩ බැසීමෙන් පසු (On Arival) වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුව විසින් ඉන්දියානු සමාගමකට පවරා ඇති බව ජනතාවට හෙළි වූයේ සමාජ මාධ්‍ය මගින් සංසරණය වූ දර්ශන පටයක් නිසාය.එහි දැක්වෙන්නේ වීසා ලබා ගැනීමට සිඳුවූ ප්‍රමාදයක් හේතුවෙන් මෙරට ව්‍යාපාරික තරුණයකු වීසා නිකුත් කිරීමේ කාර්යය සිඳු කළ ඉන්දියානු සමාගමට හා ආණ්ඩුවට බැණ වදින ආකාරයයි. මෙරට බොහෝ ව්‍යාපාරික ආයතන තිබියදී ඉන්දියානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන්ද මේ තරුණයා එහිදී විරෝධය දක්වනු පෙනී යයි.
කෙසේ
වෙතත් එම තරුණයාගේ බැණ වැදීම සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමගම ආණ්ඩුවේ
බලධරයන් හොර රහසේ ගෙන ගිය මහා ජාවාරමක් අනාවරණය විය.නීතිය හා සාමය බාර
අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කරන ආකාරයට මෙම තීරණය 2023 දෙසැම්බර් මාසයේදී
අමාත්‍ය මණ්ඩල විසින් ගත් බවය.වසර දහයකට ආණ්ඩුව මෙම සමාගම සමග ගිවිසුම
අත්සන් කර ඇත්තේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරවය.
කටුනායක
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී සිදු වීම අන්තර් ජාලයේ සංසරණය
වීමත් සමගම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙතින් වහා නිවේදනයක් නිකුත්
කෙරිණි.
"...ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර
ගුවන්තොටුපොලේ BIA වීසා නිකුත් කිරීම ඉන්දියානු සමාගමක් බාර ගැනීම
සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය වාර්තා හා අදහස් අපි දුටුවෙමු.එම
වාර්තාවල සදහන් සමාගම ඉන්දියාව පදනම් වූ හෝ ඉන්දියානු නොවන අතර වෙනත්
ස්ථානයක මූලස්ථානය පිහිටා ඇත.මේ සන්දර්භය තුල ඉන්දියාව පිළිබඳව ඕනෑම සදහනක්
නුසුදුසුය..."
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිවේදනයේ එසේ දැක්වේ.මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට මෙම සමාගම Indian
Global Processing ltd නමින් හැඳින්වේ.එසේ නම් ඉන්දියානු මහ කොමසාරිස්
කාර්යාලය මෙම සමාගම ගැන වග නොකියන බවට කර ඇති ප්‍රකාශය තුළින් අනාවරණය කර
ගත හැක්කේ මෙය මෙරට දේශපාලඥයන් විසින් සිදු කළ මහා ජාවාරමක් බවය.එම ජාවාරමේ
විශාලත්වය වටහා ගත හැක්කේ සමාගම මැදිහත් වීමෙන් සිදු කෙරෙන අය කිරීම්
විමසා බලන විටය.මෙරට ගොඩබැසීම් වීසා සදහා දැනට අය කරන සම්මත ඩොලර් 75 ට
අමතරව මේ සමාගම විසින් ඩොලර් 25 ක් අය කරනු ලබයි.මෙරටට වසරකට පැමිණෙන
සංචාරකයන් සංඛ්‍යාව මිලියන 03 මෙසේ වීසා ලබා ගන්නේ නම් ඉන් සමාගම ලබන ලාභය
ඩොලර් මිලියන 60කි.එය රුපියල් වලින් ගත හොත් කෝටි 2000කි.
මෙතෙක් කාලයක් මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙම ක්‍රියාවලිය ඉතා නිවැරිදිව හා කාර්යක්ෂමව පවත්වාගෙන යන ලදී. එසේම
ඉන්දියානු සමාගම විසින් වීසා නිකුත් කිරීමේ කාර්යය පාලනය කරන බල
අධිකාරියක් හෝ අමාත්‍යවරයෙක් පිළිබඳවද තොරතුරු නොමැති වීමද බරපතල
ප්‍රශ්ණයකි.
Comments
Post a Comment