ටිරාන් හා දේශබන්දු ජෝඩුවට ලංකා දවසෙන් ආතල් යෝජනාවක් මෙන්න
ටිරාන් හා දේශබන්දු ජෝඩුවට රනිල් හාමුගෙන් දෑවැද්ද ලෙස ලැබූණ පොලීසිය විසින් යුක්තියේ මෙහෙයුම නම් සෙප්පඩ විජ්ජාව පෙන්වා මෙරට ස්වාධීනව ක්රියාත්මකව පැවැති අධිකරණ බලයද පොලීසියටම පවරා ගෙන තිබේ.ඒ නිසා දැන් නඩු අහන්නේ පොලීසියයි.අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ට මහ පාරේ දඬුවම් දෙන්නේද පොලීසියයි පොලීසිය කවරකු හෝ සැක පිට අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු පරණ පුරුදු කතන්දරයෙන් එම මෙලේච්ඡ ඝාතනයේ සැබෑව වසා දැමේ.ඒ මරා දැමුණු පුද්ගලයා කුඩු ජාවරම්කාරයෙකි.එසේත් නැතිනම් ලැයිස්තුගත අපරාධකරුවෙකි.
පොලීසියේ
ගිරා පෝතකයා පවසන්නේ එහෙමය.වෙඩි තැබුවේ සැඟවූ ආයුද පෙන්වීමට ගොස් පැන යාමට
උත්සාහ කිරීම නිසාය.එම කතා පිටපත හැමදාම එක විදියටම ප්රචාරය කෙරේ.එය අසා
සිටින සමාජයද හා එහෙනම් කමක් නෑ වැඩේ මාරයි යැයි ඒ මෙලෙච්ඡ ඝාතනයට අත්
පොලසන් දෙයි.
මේ
නිසාම මෙරට සමාජයේ වීරයන් ලෙස ඇඳගන්නට දත මිටි කන ටිරාන් හා දේශබන්දු
ජෝඩුවගේ යුක්තියේ මෙහෙයුමට තවදුරටත් වටිනාකමක් අත් කරදෙන යෝජනාවක් කරන්නට
අප කැමතිය.සැබැවින්ම ඒ යෝජනාව ගැන අදහස අපට ආවේ මෙරට සිටි ප්රබුද්ධ
දාර්ශනික ආචාර්ය වරයකු වූ ඊ.ඩබ්.අධිකාරම් මැතිතුමා ලියු ලිපියක
තිබූ සඳහනක් කියවීමෙනි.
එය මෙසේය
"යුගෝස්ලෝවියාව
රටේ පොලිස් කාරයෙක් නුඹට වෙඩි තැබුහොත් ඒ වෙඩි උන්ඩයට යන වියදම නුඹ විසින්
හෝ නුඹගේ කිට්ටුම ඥාතියා විසින් ගෙවිය යුතුය.රැස්ව සිටි ජන සමූහයක්
විසුරවා
හැරීම පිණිස වෙඩි තබද්දී එක මිනිසකුගේතොප්පියට වෙඩිල්ලක් වැදී එය විසි වී
ගියේය.එවිට නිරර්ථක වූ උණ්ඩයේ වටිනාකම වශයෙන් පැන්ස පහක් තොප්පිය
අයිතිකාරයාගෙන් අය කර ගන්නා ලදී.තවද එක්තරා පිටිසර මුරකරුවෙක් සොල්දාදුවන්
විසින් වෙඩි තබා මරණ ලදී.ඔහු මැරීම පිණිස පාවිච්චි කරන ලද වෙඩි උණ්ඩයේ
පාඩුව පිරිමසා ගැනීමට පැන්ස තුනාමාරක් ගෙවීමට මේ මුරකරුවාගේ වැන්දඹු
භාර්යාවට සිඳුවිය
(ආචාර්ය ඊ.ඩබ්.අධිකාරම්- ප්රබුද්ද ලිපි)
ආචාර්ය
ඊ.ඩබ්.අධිකාරම් මැතිතුමා මේ ලිපිය රචනා කරන්නට ඇත්තේ මීට අවුරුදු හැට
හැත්තෑවක ඈත කාලයකදීය.යුගෝස්ලෝවියාවේ ඒ දිනවල නීතිය හැසිරවෙන්නට ඇත්තේ මේ
ආකාරයෙන් වෙන්නට පුළුවන.
ටිරාන් හා
දේශබන්දු ජෝඩුවට තමන්ගේ යුක්තිය මෙහෙයුමෙන් රනිල් හාමු ගේ ආණ්ඩුවට තවත්
කීයක් හරි හොයාගන්නට පැරණි යූගෝස්ලෝවියා ක්රමය උපයෝගි කර ගත්තානම් මරුය.
ඔය
පෙලපාලිවල යන හර්තාල් කරන නසරානියන්ට ගහන කඳුළු ගෑස් වලට යන වියදම පවා ඒ
විදියට හොයා ගන්නට පුළුවන.ඒ පෙළපාලිය හෝ හර්තාලය සංවිධනය කළ නායකයන්
අල්ලාගෙන ඒ වියදම ඒ අයවළුන් ගෙන් අය කර ගැනීමෙනි.එසේම අත් අඩංගුවට ගෙන වෙඩි
තබා මරා දමන ලද සැකකරුවන්ගේ බිරිඳ ගෙන් දෙමව්පියන්ගෙන් හෝ ඥාතීන් ගෙන් වැය
වූ වෙඩි උණ්ඩ වලට අය කර ගත යුතුය.ඒ ඝාතනයට සම්බන්ධ වූ නිළධාරීන්ට බටා වලට
යන වියදමද ඒ බිලට එකතු කළ යුතුය.
මෙරට අධිකරණය මායිම් නොකරන ටිරාන් හා දේශබන්දු ජෝඩුවට ගැලපෙන විදිය මේ විදිය බව අපි සිතමු.
යුක්තියේ මෙහෙයුමට වටිනාකමක් ලැබෙන්නේ එවැනි ආකාරයේ නිර්මාණශීලී හැඩයට සිඳු කළ හොත් පමණය.
පව් නේද අපි............
Comments
Post a Comment