මැඩිල්ලේ ප්‍රඥාලෝක මිනිස් ජාවරම්කරුවෙක් බව හෙළිවේ
මහින්ද රාජපක්ෂ පවුලට සම්බන්ධ මෙරට චීවරධාරියකු වන මැඩිල්ලේ ප්‍රඥාලෝක විසින් මහා බ්‍රිතාන්‍යයට භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුට වීසා ලබා ගැනීමට බ්‍රිතාන්‍යයේ උප ප්‍රධාන සංඝනායක බර්මින් විහාරයේ විහාරාධිපති විතාරන්දෙණියේ කස්සප හිමියන් ගේ ලිපි ශීර්ෂ සහ අත්සන කූඨ ලෙස යොදා ගෙන ඇතැයි වාර්තා වේ.
මේ
පිළිබඳව සමාජ මාධ්‍යයන්හි සටහනක් පල කර ඇති බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක
බර්මින් විහාරයේ විහාරාධිපති විතාරන්දෙණියේ කස්සප හිමියන් විසින් මැඩිල්ලේ
ප්‍රඥාලෝක තමන්ගේ නම භාවිතා කරමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද අනුග්‍රාහක
ලිපි යොදා ගනිමින් යම් යම් පුද්ගලයන් වෙත ලබා දී ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ 5
සිට ලක්ෂ 15 දක්වා අය කර ගෙන ඇති බවට සඳහන් කර තිබේ.
මෙයට
පෙර මැඩිල්ලේ ප්‍රඥාලෝක විසින් පවත්වාගෙන යන මෙම මිනිස් ජාවාරම පිළිබඳව
තමන් පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිල්ලක් සිදු කළ බවත් එම පැමිණිල්ල
සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් ආරම්භ කළද
පසුගිය මාස කිහිපය තුළදී එම පරීක්ෂණය යටපත් වූ බවද එහෙත් තමන් වහන්සේ
විසින් මෙම වංචාව පිළිබඳව මහා බ්‍රිතාන්‍යයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට
පැමිණිලි කර ඇති බවද විතාරන්දෙණියේ කස්සප හිමියන් වැඩිදුරටත් පවසා ඇත.
මැඩිල්ලේ
ප්‍රඥාලෝක මෙරට ජාතිවාදය අවුස්සමින් රාජපක්ෂ පවුලේ දේශපාලන බලය තහවුරු
කිරීම සදහා බුදුන්වහන්සේ විසින් දේශනා කළ බෞද්ධ දර්ශනය කෙලෙසන අන්තවාදී
චීවරධාරියෙකි.
Comments
Post a Comment