කොස්ගොඩ සුජී ගේ නියෝග මත වැබ පොලිස්පති දේශබන්දු රාජකාරි කරන බව හෙළිවේ
වැබ පොලිස්පති දේශබන්දුගේ හෙරොයින් මර්ධන වැඩපිළිවෙල එක්තරා බිහිසුනු යටි බිම්ගත සැලසුමක් බවට මේ වන විට හමුදා බුද්ධි අංශ වෙතින් අනාවරණය වේ.මෙහිදී දකුණු පලාතේ අම්බලන්ගොඩ බලපිටිය කොස්ගොඩ හා රත්ගම ආවරණය කරමින් පාතාල මර්ධනය සඳහා යැයි ප්‍රකාශ කරමින් දියත් කර ඇති එස්ටීඑෆ් මෙහෙයුම්වලින් අත් අඩංගුවට ගන්නේ කොස්ගොඩ සුජීවට එරෙහි ප්‍රතිවාදී කණ්ඩායම් වල සාමාජිකයන් පමණක් බව හමුදා බුද්ධි අංශ වලට නිරීක්ෂණය වී තිබේ.මේ වන විටත් කොස්ගොඩ සුජීට එරෙහිව සිටින පාතාල ක්රියාකාරිකයකුවන ජයලත් සුද්දාාගේ ගෝලයකු හා ඌරගහ එස්එෆ් ඉන්දිකගේ ගෝලයකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇති අතර රතුගම විදුර හා සම්බන්ධව සිටින ඔහුගේ ගෝලයන්ගේ නිවාස වලටද විශේෂ කාර්ය බලකාය කඩා පනිමින් සිටී.එහෙත් කොස්ගොඩ සුජී හා සමිබන්ධ මෙරට සිටින කිසිම පාතාල ක්‍රියාකාරිකයකු ගේ නිවාස සෝදිසි කිරීමට විශේෂ කාර්ය බලකාය මැදිහත් වීමක් වන්නේ නැති බවද හෙළි වී තිබේ.
බුද්ධි බලකායේ ඡ්‍යෙෂ්ඨයකු මරා දැමීමට සැළසුම් කරමින් සිටි සුජීගේ වෙඩික්කරු අබිරහස් ලෙස මිය යාම විශේෂ කාර්ය බලකායේ සුජී හිතවත් පාර්ශවයේ දැඩි කෝපයට හේතු වී ඇති බවද හෙළිවේ.මෙම වෙඩික්කරුට පහසුකම් සළසමින් සුජීට එරෙහි පාතාල ක්රියාකාරිකයන් මරා දැමීම විශේෂ ආරක්ෂක බලකායේ සැළසුම වී තිබුණි.පසුගියදා අම්බලන්ගොඩදී පොලී විකුම් නැමැත්තාට වෙඩි තැබූ සුජීව පාර්ශවයේ දෙලා නැමැති පාතාල ක්‍රියාකාරිකයා අත් අඩංගුවට නොගෙන සඟවා පහසුකම් සලසා දෙමින් සිටින්නේද විශේෂ කාර්ය බලකායේ කොස්ගොඩ සුජී හිතවතුන් බව ආරක්ෂක අංශවල බුද්ධි අංශ පවසයි.
මෑතකදී ඕපාත පොලිසිය මගින් අත් අඩංගුවට ගත් කොස්ගොඩ සුජී ගේ සමීපතමයකු වන බලපිටියේ බොබ් මාලේ දෙනියාය අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ සුළු වැරදිකාරයෙක් බවට බී වාර්තාවක් සකසා බවද එහිදී මොහු මුදා හැරීමට පොලිස් ප්‍රධානීන් මැදිහත් වූ බවද කියවේ.මේ බොබ් මාලේ නැමැත්තා මෙරට මුහුදේදී හෙරොයින් විශාල තොගයක් සමග අත් අඩංගුවට ගනු ලැබූ ධීවර යාත්‍රාවේ ප්‍රධානියා වේ.එම වරදට ඇප ලබා සිටියදී ඕපාත ප්‍රදේයේ සැක සහිත ආකාරයෙන් සැඟව සිටියදී නැවත ඔහු අත් අඩංගුවට ගැනිනි.ඕපාත පොලීසියේ ප්‍රශ්ණ කිරීමේදී බොබ් මාලේ පවසා ඇත්තේ කොස්ගොඩ සුජී හට පාකිස්ථානයෙන් හෙරොයින් නැවක් වුවද අත්පිට මුදලට ලබා ගත හැකි බවය.ඕපාත පොලීසිය බොබ් මාලේ සතු දේපොල වත්කම් පිළිබඳව විමර්ශනය කරන ලෙසට සීඅයිඩීය වෙත කරුණු වාර්තා කෙරුවද ඒ නොසලකා හැර තිබේ.
වැබ පොලිස්පති දේශබන්දු පසුගියදා සීනිගම දේවාලයේ පූජාවක් සඳහා පැමිණියේ හෙරොයින් ජාවාරම් හා සම්බන්ධ වී මෙරටින් පැන ගොස් ඩුබායිහි කොස්ගොඩ සුජී සමීපයේ සිටින පාතාල ක්රියාකාරිකයකුගේ සහෝදරයකු සමගය.හමුදා බුද්ධි අංශ ඡ්‍යෙෂ්ඨයකු ඝාතනය කිරීමට සැළසුම් කර තිබෙන්නේද මේ පාතාලයා වේ.අප ඉදිරිපත් කර ඇති මෙම කරුණු අසත්‍යය නම් දේශබන්දු පාර්ශවයට ඒ පිළිබඳව තමන්ගේ කරුණු දැක්වීමට අප ඉඩ දීමට කැමතිය.නමුත් එවැන්නක් කිරීමට ටිරාන් හා දේශබන්දුට හැකියාවක් නැති බවද අපට සියයට දෙසීයක්ම විශ්වාසය.
Comments
Post a Comment