සුනාමියට හසුව මියගිය හඳුනා නොගත් 137 දෙනෙකුගේ අස්ථි කොටස් කරාපිටිය වෛද්‍ය පීඨයේ තවම තියෙනවා
සුනාමි ඛේදවාචකය සිඳුවී අදට හරියටම වසර දහනවයකි.එදින මෙරට දකුණු වෙරළබඩ දුම්රිය මාර්ගයේ පැරූලිය හා තෙල්වත්ත යන ප්‍රදේශවලදී උදම් රැළ පහරට හසුවූ දුම්රිය තුළ සිටි මගීන් විශාල පිරිසක් මරණයට ගොදුරු විය.
මෙම
ඛේදවාචකය සිඳුවී ගෙවී ගිය මාස නවයක් අතර කාලයේදී තෙල්වත්ත හා පැරෑලිය
ප්‍රදේශවල පිහිටි කඩොලාන සහිත වගුරුබිම් වල තිබී සොයා ගත් හඳුනා ගැනීමට
නොහැකි වූ පුද්ගල මළ සිරුරුවල අස්ථි කොටස් 137 ක් මේ වන විටත් ගාල්ල
කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ තැන්පත් කර තිබෙන බව එහි
විශේෂඥ වෛද්‍ය මහචාර්ය යූ.සී.පී.පෙරේරා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
මෙම
මළ සිරුරු වල අස්ථි කොටස් පර්යේෂණ හා අධ්‍යයන කටයුතු සදහා යොදා ගන්නා බවද
ඔහු එහිදී පවසා ඇත.එලෙස සොයාගත් මළ සිරුරු වල කොටස් සමග හමුවූ එම
පුද්ගලයන්ගේ ඇඳුම් පැළඳුම්,උපැස් යුවලවල් පවා තවමත් සුරක්ෂිතව පවතින බවද
මහචාර්ය වෛද්‍ය වරයා වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
මෙම ප්‍රවෘත්තිය ලංකා සර මාධ්‍යවේදී පෝද්දල ලලිත් චාමින්ද වාර්තා කර තිබුණි.
Comments
Post a Comment