ඉදිරි ජනපතිවරණය කෙසේ වේවිද
මේ වන විට ජනාධිපති අපේක්ෂකයන් පැටව් ගසමින් තිබේ.තවත් සමහරු ඉපදීමට පස් මහ බැලුම් බලමින් සිටී.අයෙකු තවම මව් කුසයේය.තව මාස ගණනකදී ජනපති අපේක්ෂකවරුන් පෝලිමක් දැක ගන්නට පුළුවන් වෙන බව නම් ඒකාන්තය.දැනට ප්‍රසිද්ධියේ ජනපති අපේක්ෂක ලැයිස්තුවට එක් වීමට කුරුමාණම් අල්ලමින් ඉන්නේ ධම්මික පෙරේරා, දිලිත් ජයවීර,දයාසිරි ජයසේකර රොෂාන් වැන්නන්ය.ඒ ප්‍රධාන පක්ෂවලින් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයන්ට අතිරේකවය.ඒ අතරේ ඩඩ්ලි සිරිසේන වැනි ආසයි බයයි අපේක්ෂකයන් කිහිප දෙනෙක්ද වේ.ජනපතිවරණයට තරග කිරීමට අපේක්ෂා කරන මේ බොහෝ දෙනෙකුට ඉතා සුන්දර සිහින තිබේ.ඔවුන් ගේ කයිවාරුව වී ඇත්තේ රට ගොඩ දමන්නට හැකිවන්නේ තමන්ට පමණක් බවය.මෙවැනි කයිවාරුකාරයෙක් පසුගිය ජනපතිවරණයේදීද දැක ගත හැකි විය.ඒ පල්ලෙවත්ත නම් නීතිඥයකු විය.ඔහු ජනපතිවරණයට පෙර වහසි බස් දෙඩුවේ ලංකාව රටක් වශයෙන් ලබා ගෙන ඇති ණය ගෙවන්නට හැකි තරමේ වත්කමක් තමන්ට ඇති බවය.එහෙත් ජනපතිවරණයෙන් පසුව මේ කයිවාරුකාරයා අතුරුදන් විය.සැබෑවටම නීතිඥ පල්ලෙවත්තට දැන් හොඳ අවස්ථාවක් පවතී.ඒ බංකොලොත්ව තිබෙන ලංකාව ගොඩ දැමීමය.හතර අතේ විදේශ රටවලින් ලබා ගෙන ඇති ණය ගෙවා දමා නියම දේශප්‍රේමියකු ලෙස ජනතා ආදරය ගෞරවය දිනා ගැනීමය.නුමුත් රට ණය බරින් ගොඩ දාන්නට තරමේ වත්කමක් ඇතැයි කයිවාරු ගැසූ මේ නීතිඥ පල්ලෙවත්ත බැසිල් රාජපක්ෂ ගේ සට්ටැඹියෙක් විය.පල්ලෙවත්ත එළියට ආවේ එක්තරා ආකාරයක න්‍යාය පත්‍රයකටය.ඒ යටිබිම් ගත කුමන්ත්‍රණයකට අනුව සිදු වූ දේශපාලනික කඩා කප්පල් කිරීමක අත් උදව් කරුවකු ලෙසිනි.පල්ලෙවත්ත ඒ සඳහා මෙහෙයවූ ස්වාමියා වූයේ බැසිල් රාජපක්ෂය.එම ඵෙතිහාසික පාවා දීම මෙරට දේශපාලනික භූම්ය තුළ එතරම් ප්‍රචලිත වූ කාරණයක් නොවූවද එවැනි සිදුවීමක් සිදු වූ බව ලියා තැබිය යුතුය.මෙරට වෘත්තිකයන් දේශපාලනිකව සංවිධානගත කිරීමට අදහසක් මහාචාර්ය රෝහණ පී මහලියනාරච්චි තුළ අදහසක් හා ඒ සඳහා වූ සැලසුමක්ද ඔහු තුළ තිබුණි.ඔහු මේ සැලසුමට පදනම දමන්නේ පොදුජන පෙරමුණ වියත් මග ඇරඹීමට අවුරුදු ගනනකට පෙරය.මහචාර්යවරයා විසින් මෙරට වෘත්තිකයන් සඳහා දේශපාලන පක්ෂයක් නිර්මාණය කෙරිණි.එය සමාජ ප්‍රජතන්ත්‍රවාදී පක්ෂය ලෙස නම් කෙරිණි.පක්ෂ ලාංඡනය ලෙස පුන් කලස නිර්මාණය කෙරුවේද මහචාර්යවරයාම විය.පක්ෂය සඳහා නිළධාරී මණ්ඩලයක්ද තෝරා පත් කර ගැනිනි.පක්ෂයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහණද උප සභාපතිවරයා ලෙස නීතිඥ පල්ලෙවත්තද ප්‍රධාන ලේකම්වරයා ලෙස ජොනතන් නම් උගත් දමිල ව්‍යාපාරිකයෙක්ද භාණ්ඩාගාරික ලෙස ස්ටෙප්න් ආනන්ද නම් සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක්ද ප්‍රචාරක ලේකම් ලෙස සජින්වාස් ගුණවර්ධනගේ පෞද්ගලික ලේකම් වරයා ලෙස කටයුතු කර ඉවත්ව සිටි මාධ්‍යවේදී කීර්ති ලොකුලියනද පත් කෙරිණි.නිළධාරී මණ්ඩලය පත් කරගැනීමෙන් අනතුරුව පක්ෂය ලියා පදිංචි කිරීම සඳහා ලියකියවිලි මැතිවරණ කාර්යාලයට බාර දීම පවා සිදු කෙරිණි.මේ නව පක්ෂයේ උප සභාපතිවරයා වූයේ පල්ලෙවත්තය.ඒ වන විටත් මෙරට දේශපාලන භූම්යේ වෘත්තිකයන් ගේ දේශපාලන සහභාගිත්වයේ රික්තයක් පැවතුණි.මහචාර්ය රෝහණ පී මහලියනාරච්චි ප්‍රයත්නය දැරුවේ ඒ හිඩැස පියවීමටය.සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලියාපදිංචිය හා එහි ආරම්භය පිළිබඳව බැසිල් රාජපක්ෂ දැනුවත් වූයේ පල්ලෙවත්ත වෙතිනි.පල්ලෙවත්ත ඒ වන් විටත් බැසිල් රාජපක්ෂගේ සමීපතම ඔත්තු කරුවකු ගේ භූමිකාව රඟ දක්වමින් සිටියේය.වෘත්තිකයන් දේශපාලනිකව ඒකරාශී කිරීම බැසිල් රාජපක්ෂ දේශපාලන සිතීමට ආකර්ශනීය වූ නව අත් දැකීමක් වන්නේ එතැන් සිටය.ඉන් අනතුරුව ඔහු වැඩ අරඹන ලද්දේ පල්ලෙවත්ත හරහා මහාචාර්ය රෝහණ පී මහලියනාරච්චි ගේ සැලසුම කඩාකප්පල් කර දමමිනි.වියත් මග නිර්මාණය වන්නේ සමාජ ප්‍රජතන්ත්‍රවාදී පක්ෂයේ කඩා බිඳ දැමුනු අපේක්ෂාවන් තුළය.අප මේ කතාව මෙහි ලියන ලද්දේ මෙරට දේශපාලන නායකයන් සිය බලය ආරක්ෂා කර ගැනීම සඳහා සිඳු කරන ගේම් ගැන අදහසක් දෙන්නටය. පල්ලෙවත්ත වැන්නන් කයිවාරු ගසමින් ජනතාව මුලාවට පත් කරන්නේ මේ ගේම් අස්සේ සැඟවී හිඳිමිනි.එළඹෙන වර්ෂයේ ජනපතිවරණය පැවැත්වීමට පෙර ජනතාව මුලාකරන මෙවැනි බොහෝ තක්කඩි න්‍යාය පත්‍ර කල එලි බසින්නට පුළුවන.අපට හැඟී යන ආකාරයට දිලිත් ජයවීර ,රොෂාන් රණසිංහ වැනි ව්‍යාපාරිකයන් ජනපතිවරණ අපේක්ෂකයන් ලෙස කරළියට එන්නේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීමේ අදහසිනි.එහිදී කුරුල්ලන් දෙදෙනෙකු කෙසේ වෙතත් මේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් දෙදෙනා ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමෙන් පසු පරාජයට පත් වුවද ඔවුන් හට ඉන් ලැබෙන සම්භාවනීය වටිනාකම ජාත්‍යන්තර ව්‍යාපාරික ගණුදෙනුවලදී මහත් රුකුලක් වනු නිසැකය.එහිදී ඔවුන්ට හිමි වන පුද්ගල අනන්‍යතා පිළිගැනීම ඉහළ යනු ඇත.රටක ජනපති අපේක්ෂකයකු යනු සෙල්ලම් පහේ පුද්ගලයෙක් නොවේ.රට බංකොලොත් වූවාට ජාත්‍යන්තරයේ මේ පිළිබඳ සිතීම බංකොලොත් නැති බව අප තේරුම් ගත යුතුය.දිලිත් ජයවීර ජනපතිවරණ සූදුවට වාඩි වෙන්නේ එය තේරුම් අරගෙන මිස වෙන දෙයකට නොවේ.ඊළඟට අප විමසිය යුතු වන්නේ ජනපතිවරණ පිළිබඳව මහ පොළව හැඩ ගැසෙමින් තිබෙන්නේ කවර ආකාරයේ ස්වරූපයකටද යන්න ගැනය.සැබැවින්ම ජනතාව තුළ රට බංකොලොත් කරන ලදැයි රාජපක්ෂ වරුන් කෙරෙහි ඇත්තේ දැඩි කෝපයකි.ඔවුන්ගේ අනුගාමිකයන් පිළිබඳව ජනතාවගේ වෛරය එසේමය.සියළු සමාජ ස්ථරයන්හි ජනතාව තුළ එක අපේක්ෂාවක් ගොනු වෙමින් පවතින බව දැක ගත හැකිය.ඒ අපේක්ෂාව ඇවිලෙමින් තිබෙන්නේ රට බංකොලොත් කළ වුන් වැලිකඩ දැක්කීමේ චේතනාවෙනි.ජනතාව බොහෝ දෙනෙකු රාජපක්ෂ වරුන් ජම්පර අඳිනවා දකින්නට කැමැත්තෙන් සිටී.ඔවුන්ගේ අනුගාමික හොර මදාවි රැළද වැලිකඩ ගාල් කිරීම ජනතාව බලාපොරොත්තු වේ.රටේ ආර්ථික ප්‍රශ්ණ ගැන හිතනවාට වඩා ජනතාව දැන් හිතන්නේ තමන් දුක් ගින්දරේ දැමූ එවුන් හට දඬුවම් කිරීමටය. පවතින ආණ්ඩුවේ ජනපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ ගැන ඔවුන් කතා කරන්නේ තුක් නොදකින් කියාය.පවතින ආණ්ඩුවද රාජපක්ෂ හොර කල්ලියේ ආණ්ඩුවට එහා නොගිය ආණ්ඩුවක් බව ජනතාවගේ දැඩි විශ්වාසයයි. එය තහවුරු කිරීමට ආදර්ශයන්ද පවතී.හොර ඖෂධ ජාවාරමේ ප්‍රධානියා වූ කෙහෙළිය රඹුක්වැල්ල අත් අඩංගුවට ගැනීම වැලැක්වී ඇත්තේ පවතින මජර ක්‍රමය නිසා බවද ඔවුන් පවසයි.අළුත්කඩේ අධිකරණයේ විනිසුරු වරුන් බොහෝ දෙනෙකුද මේ තක්කඩි දේශපාලනික ජාවාරම් කරුවන්ගේ හුරතලුන් බව සිතන්නට තරමේ නඩු තීන්දු ප්‍රකාශයට පත් වෙමින් තිබෙන වටපිටාවක සමාජය ඉතා කෝපයට පත් වීම සාධාරණය.එබැවින් ජනතාව සමාජ දේශපාලනික වෙනස් වීමක් අපේක්ෂා කරති.යුක්තිය මෙහෙයුමෙන් සියල්ල ගොඩ දා ගත හැකියැයි ආණ්ඩුවේ ජාවරම්කරුවන් සිතා සිටී.එහෙත් යුක්තිය මෙහෙයුම මෙහෙයවන්නන් පිළිබඳව පොදු ජනතාව තුළ පවතින්නේ විහිළුකාර හැඟීමකි.ටිරාන් අලස් යනු ජාතිය පාවා දුන් ත්‍රස්තවාදියකු බව සමාජය දනී.දේශබන්දු යනු ජාවාරම්කාරයකු බවටද ඔවුන් දැනුවත්ය.මොවුන් දෙදෙනා මෙහෙයවනයුක්තිය මෙහෙයුම ඇස් බැන්දුමක් බව සමාජ සිතීම සාධාරණය.කෙසේ වෙතත් මේ යුක්තිය මෙහෙයුම නිසා රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා සතුව පැවැති නාගරික ලුම්පන් ඡන්ද ගිලිහී යමින් තිබෙන බව පෙනෙන්ට තිබේ.ඒ මන්ද යත් හොරොයින් ජාවාරම වැඩි වශයෙන් පවතින්නේ නාගරික ලුම්පන් ප්‍රජාව තුළ නිසාය.එහිදී කොළඹ නාගරිකය උදාහරණයට ගත හොත් මෙම ලුම්පන් ප්‍රජාව දේශපාලනිකව වඩාත් සමීප එක්සත් ජාතික පක්ෂයට බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.ටිරාන් අලස් හා දේශබන්දු ජෝඩුව ක්‍රියාත්මක වන්නේ රනිල් වික්‍රමසිංහ සතුව පවතින එම ඡන්ද පරාසය ගලවා දැමීම බවටත් සැක කළ හැකිය.ඒ තුළ යුක්තිය මෙහෙයුම වඩාත් ප්‍රයෝජනයට ගන්නේ පොදු ජන පෙරමුණ බව සිතිය හැකිය.ඉදිරි ජනපතිවරණ සටන ඇත්තේ පක්ෂ දෙකක් අතරේ පමණි.ඒ සමගි ජන බලවේගය හා මාලිමාව අතරය.ඒ අතරින් මාලිමාව මේ වන විට මෙරට ග්‍රාමසේවා වසම් 14022 ක තුලම සිය දේශපාලනික මතවාදය වේගයෙන් වපුරමින් සිටී.මෙහිදී උතුර නැගෙනහිර හා කඳුකරය තුළද මාලිමාව අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වේ.නැගෙනහිර මුස්ලිම් කළාපය තුළ මාලිමාව වැඩි ප්‍රවනතාවක් දැක ගත හැකිය.කෙසේවෙතත් මුස්ලිම් හා කතෝලික ප්‍රජාව තුළ මාලිමාවේ දේශපාලනය මිශ්‍ර වෙමින් තිබේ.පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු වනු ඇත්තේ මාලිමා දේශපාලනයේ ජයග්‍රහණය තුළ බව කතෝලික ප්‍රජාව විශ්වාසය තබා ගෙන සිටී.මාලිමාවේ දේශපාලනයට ඉහළ ගුණාත්මක වටිනාකමක් ලැබෙන්නට වූයේ හමුදා විශ්‍රාමිකයන් බල මුළු ගැන්වීම තුළය.රාජපක්ෂ වරුන් සතුව පැවැති රණවිරු ධජය මාලිමා දේශපාලනයෙන් උදුරා ගැනිනි.මේ වන විට පොලීසිය ඇතුළු සක්‍රීය හමුදා සේවය තුළට පවා මාලිමා දේශපාලනට කාන්දු වී හමාරය.ඒත් එය ඇත්තේ නිශ්චලවය.හරියට ගිනි කන්දක ලාවා පැහෙමින් පවතින විදියටය.පොලීසියේ හා ආරක්ෂක හමුදාවල රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ ගැති ඡ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු තවමත් සිටී.එහෙත් ඔවුන් ඇත්තේ කර කියා ගත හැකි තත්වයක නොවේ.සියල්ල එක මොහොතක පුපුරා යා හැකි බව ඔවුන් දනී.මාලිමාවේ රණ විරු විශ්‍රාමික බල මුළු සංවිධානය කළ මේජර් ජනරාල් අරුණ ජයසේකර වින් කමාන්ඩර් තුයිය කොන්තා වැන්නන් මෙරට පැවැති යුද්ධයේදී දස්කම් පෑ අයවළුන් වේ.යුද්ධය ගසා ගෙන කෑ සෙන්පතිවරුන්ද නොවේ.ඒ දිනවල හමුදා කඳවුරු තුළ සෙනීන් අතර පිළිගැනීමට හා ඇගයීමට ලක් වූවන්ය.එසේම ඔවුන් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කමල් ගුණරත්න වැනි දේශපාලනික තක්කඩියන්ද නොවීය.සමගි ජන බලවේගය දේශපාලන ප්‍රචාරය තුළ සිටින්නේ ඉතා පසුගාමීවය.ඒ දුර්වලතාව බැඳී ඇත්තේ තමන් පරම පවිත්‍ර එකම නායකයා ලෙස සජිත් ප්‍රේමදාසගේ සිතීම තුළය.මිල්ටෙරි නන්දසේනගේ ආර්ථික උපදේශක වරයා ලෙස සිටි නාලක ගොඩ හේවා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගේ ආර්ථික උපදේශකයා ලෙස පත් කර ගත් බව පසුගිය දින මාධ්‍ය වාර්තා කර තිබුණි.මෙය සත්‍යයක් නම් එය සමගි ජන බලවේගයේ ඇතුළාන්ත දේශපාලනය කම්පනයකට ලක් වන සිද්ධියක් විය හැකිය.සජිත් ප්‍රේමදාස විසින් තනි මතයට ගන්නා මෙවැනි අදූරදර්ශී තීරණ සමාජයේ හාස්‍යයට ලක් වෙනු ඇති අතරම පක්ෂයේ අනිකුත් ක්‍රියාධරයන් පවා විමතියට පත් වෙනු ඇත.මේ තීරණ වල අස්වැන්න දැක ගත හැකි වන්නේ ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඇරඹීමෙන් පසුවය.පාඨලී චම්පක රණවක මන්ත්‍රීවරයාද ජනපතිවරණය ඉලක්ක කරගනිමින් දේශපාලනික වැඩ සටහන් අරඹා ඇති බව දකින්නට තිබේ.එය හුදකලා දේශපාලනික මෙහෙයුමක් ලෙස සමාජගත වුවද පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මේ තෙරපුම සිල්ලර ලෙස අහක දැමිය හැකිද නොවේ.ඔහු දේශපාලන පක්ෂ නායකයෙක් නොවූවද ඔහුගේ දේශපාලනික අපේක්ෂාව තුළ යටි බිමි ගත සැළසුමක් ඇති බව අපට වැටහේ.කෙසේ වෙතත් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා යනු මෙරට දේශපාලනයේ කවර හෝ අන්තයක ක්‍රියාත්මක විය යුතු බුද්ධිමත් ප්‍රායෝගික චරිතයකි.අවංකකම ඔහු තුළ පවතී.එහෙත් ඔහු තුළ පවතින අඩුව වන්නේ අනෙකාගේ දේශපාලනය කෙරෙහි සාමදාන ප්‍රවේශයක් නොමැතිකමය. පාඨලී චම්පක රණවක මන්ත්‍රීවරයා සිය ඒකමතික ස්ථාවරය පොදු ජනතාව වෙනුවෙන් මෙි මොහොතේදී අත් හළ යුතුමය.එසේ නැතුව ගලා ගෙන යන ජල ප්‍රවාහයක් දෑතින් නවත්වන්නට නොහැකි බව ඔහු තේරුම් ගත යුතුය.මේ වතාවේ පැවැත්වෙන ජනපතිවරණය බොහෝ තක්කඩි දෙශපාලකයන්ගේ ඉරණම විසඳෙනතරගයක් වනු ඇත්තේය.තමන් දේශපාලනයේ කළ තක්කඩිකම් වලට ජනතාවගේ ප්‍රතිචාරය හා තීන්දුවද ඉතා නිවැරිදිව ලැබෙනු ඇත.මේ ජනතා තීන්දුව සමඟ ගාලු මුවදොර අරගලයත් සමග රටින් පලා ගිය ආකාරයෙන් පලා යන්නට නම් තක්කඩි දේශපාලන නායකයන්ට හැකියාවක් නොලැබෙන බව නම් පැහැදිලිය.ඒ සඳහා උදව් උපකාර දෙන ආරක්ෂක හමුදා ලොක්කන්ට මේ වතාවේ හොඳ පාඩම් ඉගෙන ගන්නටද හැකි වනු ඇති බව අපට සිතිය හැකිය.ඒ මන්ද යත් සමාජ සාධාරණයේ අවසාන විනිශ්චයකරුවා වන්නේ ජනතාව වන බැවිනි.
Comments
Post a Comment