දෙවියන් අහක බැලූ වැ.බ.පො.ප ගේ දේශබන්දු ගේ කරුමය
මෙරට මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව ජාත්‍යන්තරයෙන් බරපතල චෝදනා එල්ලවෙමින් තිබියදී පුරවැසියෙකු නීති විරෝධීව අත් අඩංගුවට ගෙන වද හිංසා පැමිණවීමකට වරදකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (14) දින වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට පොලිස් කොමිසමට හා නීතිපතිවරයාට නියෝග කරන ලදී.එහිදී වැඩිදුරටත් වැබ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිළධාරීන් සිවු දෙනෙකුට අගතියට ලක්වූ පාර්ශවයට පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 2ක වන්දි මුදලක් ගෙවන ලෙසටද තීන්දු කෙරිණි.
මෙවැනි මානව හිමිකම් කඩකිරීම් ගණනාවක්
සම්බන්ධයෙන් වැබ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මේ වන විටත්
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක්ම විභාගයට වෙමින් පවතී.මේ නිසාම
දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්
කිරීීමට
එරෙහිව මෙරට බොහෝ මානව හිමිකම් සංවිධාන,පුරවැසි සිවිල් ක්‍රියාකාරිකයන් හා
කාදිනල් අති උතුම් මැලිකම් රංජිත් පියතුමාද ජනපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය
ප්‍රකාශ කරන ලදී.ජනපතිවරයා දේශබන්දු ටතන්නකෝන් වැඩ බලන පොලිස්පති ලෙස පත්
කරන ලද්දේ එම මහජන විරෝධය නොතකාය.
මානව
හිමිකම් කඩ කිරීම් පිළිබඳව රාජ්‍ය නිළධාරීන්ට එරෙහිව පවරන නඩු වලදී එම
රාජ්‍ය නිළධාරීන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින නමුත් මේ වන විට
දේශබන්දු තෙන්නකෝන් මෙරට වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන නිසා මේ
නඩු විභාගයේදී ඔහු වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටින ලද බව සඳහන් වේ.මෙම
ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවේ සඳහන් ආකාරයට වැඩ බලන පොලිස්පති දේශබන්දු
තෙන්නකෝන් හා අනෙකුත් වග උත්තරකාර පොලිස් නිළධාරීන්ට එරෙහිව විනය පියවර
ගැනීමටද පොලිස් කොමිසමට නියෝග කර තිබේ.
වර්තමානයේ
මෙරට පොලිස්පතිවරයා ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන ලදැයි නීතියෙන් දඬුවම්
ලද අයෙකු කටයුතු කිරීම පිළිබඳ ආණ්ඩුවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන
වලින් බරපතල බලපෑමක් එල්ල විය හැකිය.ජනපති රනිල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන්
කවර ප්‍රතිචාරයක් දක්වන්නේද යන්න ගැනත් ජාත්‍යන්තරයේ අවධානයට ලක් වනු
ඇත.කෙසේවෙතත් මානව හිමිකම් කඩ කළ තැනැත්තකු මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු
කිරීම ලෝක වාර්තාවකි.
වැබ පොලිස්පතිවරයා වශයෙන්
පත් වූ දේශබන්දු තෙන්නකෝන් එම පත්වීම ලබා ගැනීම සඳහා සිදු කරන
මිථ්‍යාදෘෂ්ඨික ගුරුකම් හා බාර ඔප්පු කිරීම සඳහා මේ වන විට මෙරට ප්‍රසිද්ධ
දේවාල වල කරක් ගසමින් සිටී.මීට දවස් ගනනකට පෙර මානසික ආබාධිත ගුරුකම්
කරන්නකු හා සීනිගම දේවාලයේ බාර ඔප්පු කිරීමක් සඳහා පැමිණි වැඩ බලන
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සීනිගම දේවාලයේ දැල්වූ පොල්තෙල් පහන
නිවී යන්ටත් පෙර ඔහු දඬුවමට ලක් වීම හාස්‍යජනකය.
සැබවින්ම
මෙම දඬුවම හේතුවෙන් ලැජ්ජාවක් හිරිකිතයක් පවතී නම් දේශබන්දු තෙන්නකෝන් වැඩ
බලන පොලිස්පති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුය.එසේත් නැතහොත් ජනපතිවරයා
විසින් මොහු ඉවත් කළ යුතුය.මේ දෙපාර්ශවයම ලැජ්ජා ඇති අයවළුන් නම් නොවන බව
නම් ඇත්තය.එහෙත් මේ ප්‍රශ්ණය දූපතට සීමා වූ ප්‍රශ්ණයක් නොවන නිසා ආණ්ඩුවට
ජාත්‍යන්තරව
එල්ල වන බලපෑම බරපතල විය හැකිය.
මෙරට
අධිකරණය ආණ්ඩුවේ දූෂිතයන්ට එරෙහිව ලබා දෙන බොහෝ තීන්දු පිළිබඳව ජනතාව
සිටින්නේ සැංකා සහිතවය.ඒ එම දූෂිතයන්ට එරෙහිව පවරා තිබෙන නඩු වලින් ඔවුන්
නිදහස් කරන අවස්ථා ගනනාවක් පසුගිය දිනවල වාර්තා වී ඇති හෙයිනි.
කෙසේ
වෙතත් පොලිස්පති ධුරයට පොලිස් දෙපාර්තමේන්තුවේ ඡේයෂ්ඨයකු පත් කිරීමට
ජනපතිවරයා පමුඛ ආණ්ඩුවට නොහැකි වී තිබුණි.දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන
පොලිස්පතිවරයා ලෙස පත් කරන්නේ මෙවැනි වට පිටාවකය.
දේශබන්දු
තෙන්නකෝන් එම තනතුරට පත් කිරීම සඳහා ජනපතිවරයා වෙත දැඩි බලපෑමක් කරන ලද්දේ
නීතිය හා සාමය බාර ඇමති ටිරාන් අලස්ය.ටිරාන් අලස්ගේ බලපෑමට ජනපතිවරයා යටත්
වූයේයි නිගමනය කරනවාට වඩා එම බලපෑම පිටුපස සිටියේ රාජපක්ෂ පවුල හා පොදු ජන
පෙරමුණේ මැති ඇමතිවරුන් බව තීරණය කිරීම නිවැරිදිය.
ජනපති
රනිල් වික්‍රමසිංහ යනු මෙරට දේශපාලනයේ උද්දච්ච දේශපාලකයෙකි.සිය ලිංගික
සහකරු සාගල රත්නායක හැරෙන්නට වෙන සමීපතමයකුගේ උපදෙසක් නාහෙන් උඩට ගන්නා
ජාතියේ පුද්ගලයකුද නොවේ.එවැන්නකු ටිරාන් අලස් වැනි සිල්ලරයකුගේ බලපෑමට යටත්
වේ යැයි සිතිය හැකි නොවේ.මෙම නාටකයේ වඩාත්ම විශේෂ කාරණය වන්නේ දේශබන්දු
තෙන්නකෝන් පිලිබඳව සාගල රත්නායක කිසිඳු ප්‍රසාදයක් හෝ කැමැත්තක් නැති බවට
අපට පවා වාර්තා වී තිබුණි.සාගල රත්නායක ගේම් ගහන්නේ දිය යටින් ගින්දර ගෙන
යන ආකාරයටය.ඒ සියල්ල සිද්ධ වන්නේද ජනපතිවරයාගේ අවබෝධයෙනි.පසුගියදා මහින්ද
රාජපක්ෂ ගේ හා බැසිල් රාජපක්ෂගේ දේශපාලනය කුජීත කෙරුවේ එවැනි සැලසුමකින්
බව අප මීට ඉහතදී අනාවරණය කෙරුවෙමු.දේශබන්දු තෙන්නකෝන් ඊළඟ ඉලක්කය වී තිබේ.
දැන්
දේශබන්දු ආරක්ෂා කරන්නට රාජපක්ෂ වරුන්ට නොහැකිය.හෙට අනිද්දා වෙන විට
දේශබන්දුට එරෙහිව තව තව අධිකරණ තීන්දු ලැබෙන බව නිසැකය.එවිට දේශබන්දු ගේ
පොලිස්පති සිහිනය ගොඩ දැමීමට මෙරට තිස් තුන් කෝටියක් දෙවිවරුන්ටත් නොහැකි
වනු ඇති බව පැහැදිලිය.
ටිරාන් අලස් පව්ය
දේශබන්දු පව්ය
ඒත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක කට කොනකින් සිනාසෙන ආකාරය අපට මැවේ.
Comments
Post a Comment