ඇමති ටිරාං ගේ හා වැබ දේශබන්දුගේ ඇස්බැන්දුම් පාතාල මර්ධනේ
ඇමති ටිරාන් අලස් පාතාල මර්ධනය හෙට සිට අරඹන බව විශේෂ ප්‍රවෘත්තියක් ලෙස අද (16)සිරස වාර්තා කරන ලදී.සිරසට ටිරාන් අලස් පිළිබඳවඅමුතු ප්‍රේමයක් හට ගෙන තිබීම සැකයක් මතුවන කාරණයකි.පොදුජන පෙරමුණේ සම්මේලනයට ගිය ඇමති ටිරාන් අලස් හිටියේ මාර ගැම්මකිනි. රාජපක්ෂලාට එරෙහිව ජනපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය කිසියම් හෝ සැලසුමක් දියත් කෙරේ සැලසුම කුඩේ කුඩු කරන්නේ ඇමති ටිරාන් අලස්ය.
ජනපතිවරයාට
පොලිස් ඇමති කමෙන් ටිරාන් අලස් ඉවත් කිරීමට බැරි තරමේය.දැන් ටිරාන් අලස්
හා වැබ දේශබන්දු ජනපති රනිල් වික්‍රමසිංහට හා සාගල රත්නායකට පවා අභියෝග
කරමින් සිටී.
ටිරාන් අලස්ට මේ හයිය පොම්ප කරන්නේ පොදු ජන පෙරමුණේ මැති ඇමති වරුන්ය.මෙහි අවසානය බරපතල අර්බුදයක් බව නම් අපට සහතිකය.
ටිරාන්
අලස් ඊයේ පැවති රැස්වීමකදී මෙරට නීතිඥ ප්‍රජාව හොරොයින් ජාවාරම්කරුවන්
සම්බන්ධ බවට ප්‍රසිද්ධියේ චෝදනා කරන ලදී.හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අත්
අඩංගුවට ගන්නා ලද සැකකරුවකු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥ වරුන් එම
සැකකරුවන් සමග හෙරොයින් ජාවාරම් වල නිරත වන්නන් බවට ප්‍රකාශ කිරීම ඉතා
බරපතල ප්‍රකාශයකි.ටිරාන් අලස් නීතිඥ ප්‍රජාව පිළිබඳව සිදු කළ එම ප්‍රකාශයට
එරෙහිව මෙරට නීතිඥ සංගමය මැදිහත් වී සියළු නිතිඥයන්ගේ වෘත්තීය ගරුත්වය
ආරක්ෂා කරනු ඇති බව අපට විශ්වාසය.
නීතිඥවරුන්ට
ජාවාරම්කරුවන් ලෙස චෝදනා කරන ටිරාන් අලස් එකම ඉඩම කූඨ ලෙස ඇපකරයක් ලෙස තබා
වංචනිකව රාජ්‍ය බැංකු දෙකකින් ණය මුදල් ලබා ගැනීම ගැන ප්‍රකාශ කරන්නේ
කුමක්ද යන්න දැන ගැනීමට අපි කැමතිය.
ඒ විතරක් නොවේ.
ගවේෂණාත්මක
මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ICIJ ඔවුන්ගේ වෙබ් අඩවියේ පල කර ඇති
ලිපියනට අනුව ලංකාවේ හා බ්‍රිතාන්‍යයේ ද්විත්ව පුරවැසියකු වන ටිරාන් අලස්
පිළිබඳව පැන්ඩෝරා පේපර්ස් දත්ත ගබඩාවේ අන්තර්ගත තොරතුරු අනුව ලන්ඩනයේ
සුඛෝපභෝගී මහල් නිවාස දෙකක් මිලයට ගෙන තිබේ .එහිදී ICIJ විශ්ලේෂණයන්හි
සඳහන්ව ඇති පරිදි 2006 වර්ෂයේදී මෙම එක් නිවසක් ටිරාන් අලස් මිලයට ගෙන
ඇත්තේ ඩොලර් 960,000කටය.තවදුරටත් ටිරාන් අලස් බ්‍රිතාන්‍යයේ වර්ජින්
අයිලන්ඩ්ස් සමාගම් දෙකක හිමි කරුද වේ.
මෙම දේපල
පිළිබඳව ICIJ ටිරාන් අලස් ගේ ආයතන වලින් ප්‍රශ්ණ කෙරුවද කිසිදු
ප්‍රතිචාරයක් දක්වා නැත.මෙතෙක් පැන්ඩෝරා පත්‍රිකා මගින් හඳුනා ගෙන ඇති
මෙරටදේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් හතර දෙනාගෙන් එක් අයෙක් වන්නේද ටිරාන්
අලස්ය.
මෙරට සමාජය ඉදිරියේ බබා හුකුං ප්‍රකාශ
කරමින් මුදුනා වීමට දඟලන ටිරාන් අලස් ගේ සැඟවුන පැටිකිරිය එහෙමය.ටිරාන්
අලස් හා දේශබන්දු රයිගමයා හා ගම්පොළයා වාගේය.
දේශබන්දු වැඩ බලන
පොලිස්පති වරයා බවට පත් කෙරුවේ තමන් බවද ඒ ඔහු තමාගේ ගෙදර එක්කගෙන යාමට
නොවන බවද ටිරාන් අලස් රැස්වීමකදී ප්‍රකාශ කෙරුවේය.
Comments
Post a Comment