ටිරාන් ගේ හා දේශබන්දුගේ තක්කඩි ගේම් ගැන ඇත්ත කතාව මෙහෙමය

 


  • ඇමති ටිරාන් ගේ හා වැබ පො දේශබන්දු ගේ හෙරොයින් මර්දන  විහිළු නාටකය දේශපාලනික ප්‍රබලයන්ගේ දෙදෙනෙකුගේ බලය පිළිබඳ ආරවුලක අතුරු ප්‍රතිඵලයක්  බව අනාවරණය වී තිබේ.  

    එය විශ්වාස කළ නොහැකි එහෙත් සිඳු වෙමින් පවතින සත්‍යයකි.මෙම දෙශපාලන ආරවුල ඇති වී තිබෙන පාර්ශවයන් දෙක වන්නේ සාගල රත්නායක හා වජිර අබේවර්ධනයන්ය.
    සාගල රත්නායක ජනපති රනිල් වික්‍රමසිංහ සමීපයේ සිටිනවා දකින්නට වජිර අබේවර්ධන අකමැතිය.වජිර අබේවර්ධන නිතර උත්සාහ කරමින් සිටින්නේ සාගල හා ජනපතිවරයා අතර පවතින සම්බන්ධය බිඳ වීමටය.

    ටිරාන් අලස් හා දේශබන්දු තුරුම්බුව වජිර අබේවර්ධන පිටියට දමන්නේ ඒ නිසාය.ඒ අතරේම වජිර අබේවර්ධන රාජපක්ෂ පවුල සමග ගණුදෙනු කරමින් සිටී.කොටින්ම කියතොත් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනපතිවරයාට සම්බන්ධ කරමින් තිබෙන්නේ වජිර අබේවර්ධනය. රාජපක්ෂ පවුලේ අවශ්‍යතාව මත හා ටිරාන් අලස් ගේ මැදිහත්වීම මත දේශබන්දු වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනපතිවරයා පොළඹවන්නේද වජිර අබේවර්ධනය.

    මේ හොරොයින් මර්දන නාටකය මිල්ටෙරි නන්දසේන බලයට ගෙන ඒමට නිෂ්පාදනය කළ කැලණි නයා නාටකයේ දෙවැනි කොටස ලෙස හැඳින්වූවත් එය නිවැරිදිය.එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීම වජිර අබේවර්ධනගේ අපේක්ෂාව වී ඇත්තේය.මෙරට පාතාල හෙරොයින් ජාවාරම නැවැත්වූ ජනපතිවරයා රනිල් බවට  සමාජය ගොනාට ඇන්දීම පළමුවද දෙවනුව ටිරාන් අලස් හා වැබපො ⁣දේශබන්දු නුරුස්සන සාගල රත්නායක රිදවීමද ඒ අපේක්ෂාව තුළ පවතී.  

     දේශබන්දුගේ  මෙහෙයුම තුළ අත් අඩංගුවට ගැනෙන්නේ කන් හැන්දක් පමණ හොරොයින් ලඟ තියා ගන්නා සිල්ලර කුඩ්ඩන්ය.මහා ජාවාරම් කරුවන්  ගැන ඇහැක් ඇර බලන්නේ නැත.මේ වන විට රාජ්‍ය ආරක්ෂාව බාරව සිටින ජනපති රනිල් වික්‍රමසිංහට අනියම් ආකාරයේ තර්ජනයක් වන ආකාරයට ටිරාන් අලස් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරමින් සිටී.ඒ ප්‍රකාශ තුළ හැඟවෙන ආකාරයට අනීතිකව මනුෂ්‍ය ඝාතනයන් කිරීමට පොලීසියට බලය පවරා තිබේ. ටිරාන් අලස් සිය අමාත්‍ය ධුරයේ බලය අව භාවිතා කරමින් ඒකාධිපති පාලකයකු ලෙස රූපාන්තරය වෙමින් තිබෙන බව දැක ගත හැකිය.

    ටිරාන් අලස් ගේ මේ භාවිතය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා සසඳා ගත් කළ බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. ජනපති රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් තවමත් නිහඬය.

    වැබ පො දේශබන්දු යනු මහා පරිමාණයේ පාතාල ක්‍රියාකාරිකයන් සමග ගණුදෙනු කරන එම පාතාල නායකයන්ගේ සමීපතම මිත්‍රයෙක් බව පොලීසියට රහසක් නොවේ.අප විසින් පසුගියදා දේශබන්දු සීනිගම දේවාලයට ගිය විට ඔහු හා එහි ගොස් සිටියේ කොස්ගොඩ සුජී සමග සෘජු සම්බන්ධතාවක් තිබෙන මානසික ආබාධිත ⁣කට්ටඬියෙකි.මේ වන විටත් එම මානසික ආබාධිතයාගේ සහෝදරයා කොස්ගොඩ සුජී සමග ඩුබායි රාජ්‍යයේ සිටින බවට අපි තොරතුරු හෙළි කෙරුවෙමු.ප්‍රධාන පෙලේ හෙරොයින් ජාවාරම්කරුවකු වන කොස්ගොඩ සුජී හා එක මල්ලේ ලුණු කන දේශබන්දුගේ කුඩු මෙහෙයුම අපට නම් බඩ කොරවෙන තරමේ විහිළුවකි. 
    ඒ සමග පානදුරේ කුඩු සලිඳු විසින් මනුෂ්‍ය ඝාතනයක් සදහා භාවිතයට ගත් ටී පනස් හයක් හා යතුරු පැදියක් පිළිබඳව ඉදිරි කටයුතු නොකරන ලෙසට දේශබන්දු විසින් දුරතකථනයෙන් උපදෙස් දුන් බවට පානදුර පොලීසියේ සටහන් දමා තිබේ.අම්බලන්ගොඩ ව්‍යාපාරිකයකු හට මුදල් විශුද්ධිකරණය යටතේ පැවැති සීඅයිඩී පරීක්ෂණයක් වහාම නැවැත්වීමට කටයුතු කරන ලෙසටද දේශබන්දු නියෝග කර තිබේ.මෙම ව්‍යාපාරිකයා හට දේශබන්ධු සම්බන්ධීකරණය කර දී ඇත්තේ ඩුබායි සිටින කොස්ගොඩ සුජීවය.පාස්කු ප්‍රහාරයේ බෝම්බ ප්‍රහාරය සඳහා ගෙන ගිය බෝම්බ ප්‍රවාහනය කළ ලොරිය බණ්ඩාරගම අධිවේගී ප්‍රවේශයේදී අත් අඩංගුවට ගත් විට එය මුදා හැරීමට නියෝග කරමින් දුරකතන ඇමතුමක් ලබා දුන්නේද  මේ දේශබන්දුය.
    ගාලු මුවදොර ප්‍රහාරය සඳහා ⁣පොදු ජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරියන්ට ඉතා සෘජුව උදව් උපකාර කරන ලද්දේද මොහුය.

    මේ දේශබන්දු ගේ දූෂිත භාවිතය පිළිබඳ ප්‍රසිද්ධ තොරතුරුය.එහෙත් පොලීසියේ ⁣
     බොහෝ දෙනෙකු දේශබන්දුගේ පැටිකිරිය ගැන දන්නා තොරතුරු මීට වඩා වැඩිය.

    වජිර අබේවර්ධන ,ටිරාන් අලස් හා දේශබන්දු ස්වකීය දේශපාලන හා සිය පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් තක්කඩි ගේම් මුදා හරිමින් පවතින වට පිටාවක සාගල රත්නායකද නිහඬව නොසිටින බව පෙනී යයි.ඒ සඳහා වූ හොඳම සාක්ෂිය ලෙස දැක්විය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් දේශබන්දුට එරෙහිව ලබා දුන් නඩු තීන්දුවය.මෙම තීන්දුවට රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාගේ හා සාගල රත්නායකගේ බලපෑමක් තිබුණ බව සිතීම වරදක් නැත.

    මේ මොහොතේ දෙපාර්ශවයේම තුරුම්බු සමාජයට මුදා හරිමින් තිබේ.
    සමාජය ටිරාන්ගේ හා දේශබන්දුගේ කුඩු මෙහෙයුම ගැන කවර තීරණයක් ගනු ඇද්ද යන්න අවිනිශ්චිතයකි.එහෙත් දැනුවත් සමාජය මොවුන්ගේ තක්කඩි ක්‍රියා දාමය ගැන දැනුවත්ය.ඒ අතරේ ජනපතිවරයා හා සාගල රත්නායක මේ තක්කඩියන් දෙදෙනාට යටත් වේද යන්න කාලයට ඉඩ දිය යුතු කාරණයක් වී තිබේ. 

    එහෙත් ජනපති කාර්යාලයෙන් අපට ලැබෙන තොරතුරු අනුව ටිරාන්ට හා දේශබන්දුට ලඟදීම බඩු බනිස් වෙන පාටක් ඇසේ.කෙසේ වෙතත් ඒ තොරතුර සත්‍යයක් බව හැගී යන්නේ  දේශපාලනයේ කට්ට කයිරාටික නරියකු වන ජනපති රනිල් වික්‍රමසිංහ ඇන්දීමට ටිරාන් හා  දේශබන්දු ගේ සිඟිති ආතල්  මදි බව අපේ විශ්වාසය නිසාය.




Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්