ගාල්ල මහේස්ත්‍රාත්වරයා ⁣ටිරාං හා දේශබන්දුගේ යුක්තියේ මෙහෙයුමට රෙදි අන්දයි

  


ගාල්ල මහේස්ත්‍රාත්වරයා විසින් තම අධිකරණ කළාපයේ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නිවේදනයක් ප්‍රකාහයට පත් කරමින් දන්වා ඇත්තේ  2007 අංක 54 දරණ ඖෂධ වලට ඇබ්බැහි වූ තැනැත්තන් (ප්‍රතිකාර හා පුනුරුත්ථාපනය)පිළිබඳ පනතේ 10(1)(2) සහ (3)උප වගන්තිවල කාර්ය පරිපාටිය අනුගමනය කිරීමකින් තොරව පදනම් විරහිතව අධිකරණයට තැනැත්තන් ඉදිරිපත්  කිරීම සම්බන්ධයෙන් දැනට සිදු කරමින් පවතින අවිධිමත් කාර්ය පරිපාටිය නිවැරිදි කරන ලෙසය.


මෙහිදී ගාල්ල මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ එම නීතිමය ප්‍රතිපාදන යටතේ යම් තැනැත්තකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේදී පොලිස් නිළධාරියා විසින් අදල තැනැත්තා රජයේ වෛද්‍ය නිළධාරියකු වෙත ඉදිරිපත් කර අන්තරායදායක ඖෂධ වලට ඇබ්බැහි වූ තැනැත්තකු බවට සනාථ කර ගැනීමෙන් පසු වැඩිදුරටත් ඒ තැනැත්තාගේ ඇබ්බැහිවීමේ ප්‍රමාණය ප්‍රතිකාර මධ්‍යස්ථානයක අනිවාර්ය ප්‍රතිකාර සහ පුනුරුත්ථාපනය සඳහා යැවිය යුතු මට්ටමට නිර්දේශ ලබා ගෙන තිබිය යුතු බවත් මෙවැනි පුනුරුත්ථාපන නීති සම්බන්ධයෙන් අපරාධයකට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට අදාල ක්‍රමවේදයකට අනුව ක්‍රියා කළ යුතු බවත් හා එවැනි තැනැත්තකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ ප්‍රතිපාදන නොමැති බවත් රාජ්‍ය මුල්‍ය නාස්තියස ක්‍රියා පරිපාටික අවභාවිතාවන්ද වලක්වා ගැනීම සඳහා ශීර්ෂ ගත පනතේ විධි විධාන අනුව කටයුතු කළ බවත්ය.

ගාල්ල මහේස්ත්‍රාත්වරයා ගේ මෙම ලිඛිත නිවේදනය තුළින් තහවුරු වන්නේ නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් ගේ හා වැබ පොලිස්පති දේශබන්දු ගේ නියෝග මත මේ වන විට මෙරට ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම තුළ පවතින බලහත්කාරී අනීතික බවය.ඇමතිවරයාගේ හා වැබ පොලිස්පතිගේ කුමන්ත්‍රණකාරී දේශපාලනික අවශ්‍යතාව මත සිඳු කරන මෙම මෙහෙයුම තුල මේ වන විටත් මෙරට සාමකාමී ජනතාව ඉතා බරපතල ලෙස පීඩාවට පත්වෙමින් සිටින බවට වාර්තා වේ.මෙහිදී අනවසරරයෙන් නිවාස තුළට කඩා වැදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මිල්ටෙරි ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට අනාවරණය වේ.මෙම මෙහෙයුම තුළින් පොදුජන පෙරමුණේ බංකොලොත් දේශපාලනයද ජනපති රනිල් වික්‍රමසිංහ කෙරෙහි පවතින මහජන විරෝධය හා පිළිකුල යටපත් කිරීම අපේක්ෂාව වී ඇති බව තහවුරු වේ.

⁣නීතිය හා සාමය බාර ඇමතිවරයා හා වැබ පොලිස්පති දේශබන්දු හා ඔවුන් අනුගාමික පොලිස් නිළධාරීන් විසින් තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ගෙන යන මෙහෙයුම අවසානයේ පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කිහිප දෙනෙකු ඝාතනය කිරීමටද සැළසුම් කර තිබේ.ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ දැනට ඩුබායි සැඟව සිටින කොස්ගොඩ සුජී නම් පාතාල නායකයාට විරුද්ධ රත්ගම විදුර ,පොඩි ලැසී,කරන්දෙණිය සුද්දා  හා ඌරගහ එස්එෆ් ඉන්දික වැනි පාතාල නායකයන් ගේ  කණ්ඩායම් වලට එරෙහිව බව පොලිස් ආරංචි මාර්ග වලින් පැවැසේ.මෙහිදී කොස්ගොඩ සුජීව සතුව අම්බලන්ගොඩ බලපිටිය හා කොස්ගොඩ පිහිටි දේපොල සම්බන්ධයෙන් පොලීසිය හෝ විශේෂ කාර්ය බලකාය කිසිදු අවධානයක් දක්වා නොමැති බවද දැන ගැන්මට තිබේ.බලපිටිය මහාධිකරණ විනිසුරු හා විශේෂ කාර්ය බලකායේ ප්‍රධානීන් ගේ උත්සව හා සාද සඳහා නොමිලයේ මාළු සපයා ඇත්තේ කොස්ගොඩ සුජී ගේ සමීපතමයකු වන අම්බලන්ගොඩ කේලමා නොහොත් මනෝජ් නැමැත්තා බවද ඔහු මේ වන විටත් ඩුබායි සැගව සිටින බවත්  හමුදා බුද්ධි අංශ වලට වාර්තා වී ඇත.   

 හමුදා බුද්ධි අංශ මේජර්වරයකු ඝාතනය කිරීමට සැළසුම් කරන ලද කොස්ගොඩ සුජීවගේ සමීපතමයකු වන පොන්සි දසුන් නැමැත්තාද ඩුබායි සැඟව සිටී.එම බුද්ධි අංශ මේජර්වරයා ඝාතනය කිරීම සදහා කොස්ගොඩ සුජීවගේ මෙරට ඝාතනයා වූ ආමි රුවන් නැමැත්තා බලපිටිය ප්‍රදේශයේ සැරිසරන බවටත් එම ඝාතකයාට අම්බලන්ගොඩ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා හා මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා රැකවරණය සැපයූ බවටත් අපට තොරතුරු ලැබී තිබුණි.පසුව ආමි රුවන් සිය දිවි නසා ගත් බවට වාර්තා විය. ඒ සමඟම මෙම පොලිස් නිළධාරීන් දෙදෙනා දැනට ඩුබායි සුජී සමග.වෙසෙන ඌරගහ මයිකල් හා මානවඩු යන අපරාධකරුවන් හා සමීපතම සම්බන්ධතා පවත්වන බවටත් තොරතුරු ලැබී තිබේ.

එම පොන්සි දසුන් ගේ සහෝදරයා වන පිස්සු කට්ටඬියකු වන ෂාන් සමග පසුගියදා වැබ පොලිස්පති දේශබන්දු සීනිගම දේවාලය⁣ට පවා පැමිණ තිබුණි.ඉන් තහවුරු වන්නේ ටිරාන් හා දේශබන්දු යුගලය සිය යටි අරමුණු තහවුරු කර ගැනීමට යුක්තිය මෙහෙයුම උපයෝගී කර ගන්නා බවය. 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්