ඇමති ටිරාං ගේ හා වැබ දේශබන්දුගේ ඇස්බැන්දුම් පාතාල මර්ධනේ
ඇමති ටිරාන් අලස් පාතාල මර්ධනය හෙට සිට අරඹන බව විශේෂ ප්‍රවෘත්තියක් ලෙස අද (16)සිරස වාර්තා කරන ලදී.සිරසට ටිරාන් අලස් පිළිබඳව අමුතු ප්‍රේමයක් හට ගෙන තිබීම සැකයක් මතුවන කාරණයකි.
පොදුජන පෙරමුණේ සම්මේලනයට ගිය ඇමති ටිරාන් අලස් හිටියේ මාර ගැම්මකිනි. රාජපක්ෂලාට එරෙහිව ජනපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය කිසියම් හෝ සැලසුමක් දියත් කෙරේ ඒ සැලසුම කුඩේ කුඩු කරන්නේ ඇමති ටිරාන් අලස්ය. ජනපතිවරයාට
පොලිස් ඇමති කමෙන් ටිරාන් අලස් ඉවත් කිරීමට බැරි තරමේය.දැන් ටිරාන් අලස්
හා වැබ දේශබන්දු ජනපති රනිල් වික්‍රමසිංහට හා සාගල රත්නායකට පවා අභියෝග
කරමින් සිටී.
ටිරාන් අලස්ට මේ හයිය පොම්ප කරන්නේ පොදු ජන පෙරමුණේ මැති ඇමති වරුන්ය.මෙහි අවසානය බරපතල අර්බුදයක් බව නම් අපට සහතිකය.
ටිරාන්
අලස් ඊයේ පැවති රැස්වීමකදී මෙරට නීතිඥ ප්‍රජාව හොරොයින් ජාවාරම්කරුවන්
සම්බන්ධ බවට ප්‍රසිද්ධියේ චෝදනා කරන ලදී.හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අත්
අඩංගුවට ගන්නා ලද සැකකරුවකු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥ වරුන් එම
සැකකරුවන් සමග හෙරොයින් ජාවාරම් වල නිරත වන්නන් බවට ප්‍රකාශ කිරීම ඉතා
බරපතල ප්‍රකාශයකි.ටිරාන් අලස් නීතිඥ ප්‍රජාව පිළිබඳව සිදු කළ එම ප්‍රකාශයට
එරෙහිව මෙරට නීතිඥ සංගමය මැදිහත් වී සියළු නිතිඥයන්ගේ වෘත්තීය ගරුත්වය
ආරක්ෂා කරනු ඇති බව අපට විශ්වාසය.
නීතිඥවරුන්ට
ජාවාරම්කරුවන් ලෙස චෝදනා කරන ටිරාන් අලස් එකම ඉඩම කූඨ ලෙස ඇපකරයක් ලෙස තබා
වංචනිකව රාජ්‍ය බැංකු දෙකකින් ණය මුදල් ලබා ගැනීම ගැන ප්‍රකාශ කරන්නේ
කුමක්ද යන්න දැන ගැනීමට අපි කැමතිය.
ඒ විතරක් නොවේ.
Comments
Post a Comment