බූරු නාමල් පීචං වේ
ආසියානු කුසලානය වෙනුවෙන් ඊයේ (17)ඉන්දියාව හා ලංකාව අතර පැවැති තරගය විකාශනය කරන අවස්ථාවේ පොදුජන පෙරමුණේ දේශපාලන ධජය කිහිප විටක ප්‍රදර්ශනය කරන ලදී.එම ක්‍රිකට් තරගය අවසන් වූයේ ලංකාවට අන්ත පරාජයක් අත් කර දෙමිනි.තරඟ පරාජයත් සමග ශ්‍රී ක්‍රිකට් ලෝලීන් පොදු ජන පෙරමුණ රට බංකොලොත් කෙරුවා සේම ක්‍රිකට් වලටද සාපයක් වූ බවට දොස් නඟා රාජපක්ෂ සනුහරයට සාප කරමින් නිර්මාණය කරන ලද පෝස්ටු හා ලියන ලද කමන්ටු මුහුණු පොතෙහි බහුලව දකින්නට තිබේ.පොදු ජන පෙරමුණේ රාජපක්ෂ පාර්ශවය මේ වන විට තම පක්ෂ නායකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරියට ගෙන එමින් ප්රචාරක රැස්වීම් පවත්වා ගෙන යයි.එහිදී පක්ෂයේ ඉදිරි පෙළ නියෝජනයන් නාමල් රාජපක්ෂ හඳුන්වන්නේ පොඩි සිංහයා ලෙසටය.එහෙත් මේ හැඳින්වීම සමාජගත වෙමින් පවතින්නේ අප්පා මයිනා බාප්පා කපුටා "පුතා බූරුවා" ලෙසටය.ඊයේ පැවැති ක්‍රිකට් තරඟය ප්රචාරයේදී පොදු ජන පෙරමුණු ධජය ප්‍රදර්ශනය කරවීමද බූරුවා නොහොත් නාමල් රාජපක්ෂගේ උපදෙස් මත සිදු වූ ක්‍රියාවක් බව අනාවරණය වේ.එහිදී ඔහුගේ සැළසුම වී තිබුණේ ඉන්දියාව පරදවා අපේ රට ජයග්‍රහණය කෙරුවේ නම් සංවිධානාත්මකව නැවත ජාතිවාදී ආකාරයෙන් උතුරු නැගෙනහිර යුද ජයග්‍රහණය සිහිපත් කරමින් රට පුරා ක්‍රිකට් තරග ජය සැමරීමටය.ඒ සඳහා පොදු ජන පෙරමුණේ ආසන සංවිධායක වරුන්ට උපදෙස් දී තිබිණි.අප්පා මයිනා වල කජ්ජ ගහන්නට ඔන්න මෙන්න තිබියදීත් බලය අත් හරින්නේ නැතුව සිටී.බාප්පා කපුටා සියයට දහයේ කොමිස් ගසා කමින් රට බංකොලොත් බවට ඇද දැම්මේය.පුතා බූරුවා ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මස්ත බාල්දු කෙරුවේය.රටට කොඩිවිනයක් වූ මේ පාදඩ හැතිකරය එකම නමකින් හඳුන්වන්නේ නම් "කාලකණ්නි" කියා හැඳින්විය හැකිය.
Comments
Post a Comment