ලංකා දවස කර්තෘ ජිනීවා යයි

 


පසුගිය 11 වනදා ආරම්භවූ මානව  හිමිකම් සංවිධානයේ 54 වන සැසියට ශ්‍රී ලංකා පොලීසිය දේශපාලනීකරණයෙන්

මුදා ගැනීමේ සංවිධානයේ සභාපති හා ලංකා දවස අන්තර්ජාල  ප්‍රකාශනයේ ප්‍රධාන කර්තෘ අජිත් ධර්මපාල සහභාගි වීමට නියමිතය.

දේශපාලනීකරණය හේතුවෙන් ශ්‍රී ලංකා⁣ පොලීසිය වර්තමානයේ මුහුණ පා සිටින ඛේදජනක ඉරණමද පොලිස් නිළධාරීන්ගේ සුභ සාධනය කෙරෙහි රජය කිසිදු අවධානයක් නොදැක්වීම හා මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරයෙන්  මහජන විරෝධතා මර්ධනය කිරීමට පොලිස් නිළධාරීන්  යොදවා ගැනීම පිළිබඳවද  අජිත් ධර්මපාල විසින් මානව හිමිකම් කොමිසම වෙත කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

අජිත් ධර්මපාල වැඩිදුරටත් ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ රහස්‍ය තොරතුරු ගණනාවක් ගැනද  මානව හිමිකම් කොමිසම දැනුවත් කිරීමට අපේක්ෂිතය.

අජිත් ධර්මපාලට ලංකා දවසේ සුබ පැතුම් පිරිනමමු.


Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා