ලංකා දවස කර්තෘ ජිනීවා යයි

 


පසුගිය 11 වනදා ආරම්භවූ මානව  හිමිකම් සංවිධානයේ 54 වන සැසියට ශ්‍රී ලංකා පොලීසිය දේශපාලනීකරණයෙන්

මුදා ගැනීමේ සංවිධානයේ සභාපති හා ලංකා දවස අන්තර්ජාල  ප්‍රකාශනයේ ප්‍රධාන කර්තෘ අජිත් ධර්මපාල සහභාගි වීමට නියමිතය.

දේශපාලනීකරණය හේතුවෙන් ශ්‍රී ලංකා⁣ පොලීසිය වර්තමානයේ මුහුණ පා සිටින ඛේදජනක ඉරණමද පොලිස් නිළධාරීන්ගේ සුභ සාධනය කෙරෙහි රජය කිසිදු අවධානයක් නොදැක්වීම හා මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරයෙන්  මහජන විරෝධතා මර්ධනය කිරීමට පොලිස් නිළධාරීන්  යොදවා ගැනීම පිළිබඳවද  අජිත් ධර්මපාල විසින් මානව හිමිකම් කොමිසම වෙත කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

අජිත් ධර්මපාල වැඩිදුරටත් ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ රහස්‍ය තොරතුරු ගණනාවක් ගැනද  මානව හිමිකම් කොමිසම දැනුවත් කිරීමට අපේක්ෂිතය.

අජිත් ධර්මපාලට ලංකා දවසේ සුබ පැතුම් පිරිනමමු.


Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා