බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පොත් ප්‍රදර්ශනයට එන ඔබට "රාජපක්ෂ පොත් පියසෙන්" වටිනා පොත් රැසක් මිල අඩු කිරීම් යටතේ ලබා ගත හැක.
එන්න ....මග හරින්න එපා.....
හොඳම දේ දරුවන්ට අරන් දෙන්න
ඔබ සහ ඔබගේ දරුවන් වෙනුවෙන් මෙරට විවිධ ක්ෂේත්රවල ප්‍රවීනයන් විසින් රචිත අගනා පොත් රැසකි.
රොකට් තාක්ෂණය සරලව- ආචාර්ය රෝහිත රාජපක්ෂ
මගේ සාක්ෂිය-සරත් ෆොන්සේකා
සිල් රෙදි බෙදීමේ ආනිසංස- ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට සම කර්තෘත්වයෙන්
වන සරණ- රිෂාඩ් බදුර්දීන්
කප්පම් ගැනීමේ කලාව- ප්‍රසන්න රණතුංග
අයිතිකරුවන් නැති ගෙවල්- බැසිල් රාජපක්ෂ (ප්‍රබන්ධ කතාවකි)
නීතිඥයකු වීමට කෙටි මග - නාමල් රාජපක්ෂ
මුනුබුරන් සහ මැණික් මලු - ඩේසි ෆොරස්ට් (සම්මානනීය ළමා නවකතාවකි)
පාස් පෝට් දෙකයි අපි දෙන්නයි- විමල් වීරවංශ(තාරුණ්‍යයේ ප්‍රේම කතන්දර පොතකි)
වඳුරු මස් හොද්දක් හැදීම- මහින්ද අමරවීර
මිණියක් එම්බාම් කරන හැටි -කෙහෙළිය රඹුක්වැල්ල
ගංජා වගාව විද්‍යාත්මකව- ඩයනා ගමගේ
සති පොළ චාරිකා - සුසිල් ප්‍රේමජයන්ත
කට ඇරියොත් බොරු සියයයි- බන්දුල ගුණවර්ධන
කං කං බූරු සිංසිඤ්ඤොරු -දිනේෂ් ගුණවර්ධන
කුණුහරුප මහල්ලා - වාසුදේව නානායක්කාර
මගේ පියාණෝ -සජිත් ප්‍රේමදාස
සභාවෙන් අවසරයි - අනුර කුමාර දිසානායක
හෙරොයින් ශරීරයට අහිතකරද - නිමල් ලන්සා (පර්යේෂණ ග්රන්ථයකි)
මරු විකල් - ලොහාන් රත්වත්තේ
නීතිය මමයි -නන්දසේන ගෝඨාභය
අතේ පැලවෙන බොරු -සාගර කාරියවසම්
ගෑණි දික්කසාදයි මම නෝන්ඩියි- මහින්දානන්ද අළුත්ගමගේ (කාව්‍ය සංග්‍රහයකි)
එක ඔප්පුවෙන් බැංකු දෙකකින් ණය ගන්නා හැටි - ටිරාන් අලස්
වැසිකිලි පිරිසිදු කිරීම- අලි සබ්රි
මග හරින්න එපා....එන්න රාජපක්ෂ පොත් පියසට .....පහසු මිලට මල්ල පුරා පොත් අරන් යන්න .
(පොහොට්ටුවේ සාමාජික කාඩ් පත තිබේ නම් සියයට පනහක් මිල අඩු කෙරේ)
Comments
Post a Comment