නීතියට එකඟව තීන්දු දුන් විනිසුරුවරුන් ස්ථාන මාරු කර යැවීමෙි කූඨ සැළසුමක් හෙළිවේ

 


කොළඹ අධිකරණ වල මේ වන විට සේවය කරන  විනිසුරුවරුන් කිහිප දෙනෙකු ඉතා සැළසුම් සහගතව ස්ථාන මාරු කර යැවීමට කටයුතු කර ඇති බවට හෙළි වී ⁣තිබේ.මෙලෙස ස්ථාන මාරු කර යැවීමට කටයුතු කර ඇති විනිසුරුවරුන් ආණ්ඩුවේ හා දේශපාලන ඕනෑ එපාකම් අනුව තීන්දු තීරණ නොගන්නා නීතියට එකඟව සිය රාජකාරිය ඉටු කරන අය වේ.

එම විනිසුරුවරුන් අතර මහාධිකරණ විනිසුරුවරුන්වන ආදිත්‍ය පටබැඳි,
අමල් රණරාජා ,මංජුල තිලකරත්න හා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් සිටින බව අනාවරණය වී තිබේ.

පසුගිය කාලයේ කොළඹ පැවැත්වූ මහජන උද්ඝෝෂණ කඩා කප්පල් කිරීමේ අපේක්ෂාවෙන් පොලීසිය ඉල්ලා සි⁣ටින ලද නියෝග නොදී සාමය කඩ වීමක් සිඳුවුව හොත් පමණක් ඒ අනුව ක්‍රියා කරන්නට පොලීසියට හැකි බව පෙන්වා දී මහජනතාවගේ අදහස් ප්‍රකාශ  කිරීමේ අයිතිය ආරක්ෂා වන ආකාරයට තීන්දු ගණනාවක් දෙන ලද්දේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වේ.

අයිසීපීආර් පනත යටතේ සැක පිට බන්ධනාගාරගත කරන ලද නතාෂා එදිරිසූරිය ඇප මත මුදා හැරීමට නියෝග කරමින් අයිසීපීආර් පනතේ වගන්ති නිර්වචනය කොට එම වගන්ති ක්‍රියාත්මක කළ යුත්තේ කවර නෛතික පදනමක් යටතේද යන්න සඳහන් කර විශිෂ්ඨ නඩු තීන්දුවක් දෙන ලද්දේ ආදිත්‍ය පටබැඳි මහාධිකරණ විනිසුරුවරයාය.ඒ අතරේ ම⁣හාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහාධිකරණයෙන් ඇප ලබා දීම පිළිබඳව පැවැති ප්‍රමාදය නිවැරිදි කර කෙටි කලක් තුළදී සැකකරුවන්ට ඇප ලබා ගැනීමට හැකිවන ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුවේය.මේ නිසා පොලීසිය විසින් අත්තනෝමතිකව සැකකරුවන් දීර්ඝ කාලයක් බන්ධනාගාරයේ රඳවා තබා ගැනීමේ ක්‍රමවේදයට බාධාවක් විය.

මෙම විනිසුරු වරුන් මාරු කර යැවීමට අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පාර්ලිමෙින්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ජනපති කාර්යා⁣ලයේ නීති උපදේශිකාවක, රජිත් කීර්ති තෙන්නකෝන් හා මේල් නර්ස් සමන් සම්බන්ධ බව කියවේ. 

ස්ථාන මාරු කර යැවීමට සැළසුම් කර ඇති විනිසුරුවරුන් සමග අධිකරණ සේවා කොමිසමේ ලේකම් සංජීව සෝමරත්න එම තනතුරෙන් ඉවත් කිරීමටද සැළසුම් කර තිබේ.සංජීව සෝමරත්න දේශපාලන අවශ්‍යතා ඉටු නොකරන සෘජු හා අවංක නිළධාරියකු බවට අධිකරණ ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධය.

විනිසුරුවරුන් මාරු කර යැවීමෙන් හිස් වන අධිකරණ සඳහා තමන්ට දේශපාලනිකව හා පෞද්ගලිකව හිතවත් විනිසුරුවරුන් පත් කිරීමද 
මෙම කුමන්ත්‍රණකාරී සැළසුමට අයත් වන බවද වැඩිදුරටත් වාර්තා වේ. 






  • ,

  • or

  • Comments

    Popular posts from this blog

    සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

    වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

    ඇත්තටම ඌ අපේ එකෙක්