අනේ උද්දික පුතෝ ඔය නාඩගම් දැන් එච්චරයි

 


ඊයේ රාත්‍රියේ (17)අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමක් සිඳුවී ඇති බව වාර්තාවෙි.වෙඩි තැබීමේදී කිසිවෙකුට හානියක් වී නැති අතර ඒ පිළිබඳව විමර්ශන කරන පොලිස් කණ්ඩායමට එම ස්ථානයේ බිම වැටී තිබුණ ජීව උණ්ඩයක් අහුලාගත් බවද වැඩිදුරටත් වාර්තා වේ.

පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට රිංගූ උද්දික ප්‍රේමරත්න පසු ගිය දිනවල පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ තමන් ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව පැවසීය.උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු සභා රැස්වීම්වලදී රට ජාතිය ආගම පිළිබඳව මහා  දේශප්‍රේමිත්වයෙන් යුතුව කතා කරන ආකාරය අසන්නට ලැබුණි.පොදුජන පෙරමුණ කුල්ල කුජීත වූ පසු මොහුගේ දේශප්‍රේමිත්වය අවදිවීම ගැන අපට ඇත්තේ කුතුහලයකි.හිරිකිතයකි.දැන් මොහුට දෙශප්‍රේමී කිරි පණු ගාය වැළඳී ඇත්තේ ඊළඟ වාරයේද පාර්ලිමේන්තුවට රිංගන්නට බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

 


කෙසේවෙතත් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුනේ උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා සිය ඉදිරි දේශපාලන කටයුතු නයි දෙරණ දිලිත් ජයවීර සමග සම්බන්ධවී සිදු කරන බවය.

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ නිවස අසල වෙඩි තැබීම නයි දෙරන ප්‍රවෘත්ති වල කට ගැස්මක් වන බව නිසැකය.දඩයම කරේ තබා ගෙන යන අය කවුරුන්ද යන්න හොදින් විමර්ශනය කෙරුවේ නම් මේ වෙඩි තැබීම සිදු කරන ලද්දේ කවුරුන්ද යන්න පොලීසියට ලේසියෙන් සොයා ගත හැකිය.කවුරු හෝ දෙකයි පනහේ නළු වැඩ වලින් තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩ නගා ගන්නට පුළුවන් යැයි සිතීම අමු ගොබ්බ කමකි.

අනේ උද්දික පුතෝ දැන් මේ රටේ ජනතාව තම්බන්නට ඔය ලුණු ගොරකා මදියි බං 

 


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්