ඒඇස්පී ළමාහේවාගේ පැටිකිරිය ගැන ලංකා දවසේ පල කළ තොරතුරු තහවුරු වී තිබේ.
- Get link
- X
- Other Apps
- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටා සමග පෞද්ගලිකව සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වීමත් සමග සහකාර පොලිස් අධිකාරී පියල් රංජන් ළමාහේවා සීඅයිඩී සිට හැටන් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශයට මාරු කර යවා තිබේ.සහකාර පොලිස් අධිකාරි ළමාහේවා ගේ විෂමාචාර ක්‍රියා කළාපය අප විසින් වාර්තා කරන ලද්දේ අද ඊයේ සිට නොවේ.මෙම පොලිස් නිළධාරියා මීට ප්‍රථම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට ස්ථාන මාරු කර යවා ඇති අංක එකේ දූෂිත පොලිස් නිළධාරියෙකි.කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වූ අංක බී 3932/11 දරණ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු දෙනා ඝාතන නඩුවේ විමර්ශන නිළධාරියා ලෙස සීඅයිඩීය නියෝජනය කිරීමට අපොහොසත් වීම නිසා මොහුට එරෙහිව චෝදනා පත්‍රයක් දී තිබේ.එම චෝදනා මත 2012/04/01 දින ඔහුගේ වැඩ තහනම් කරන ලදී.ඉන් අනතුරුව මොහුට එරෙහිව විෂමාචාරය,වංක බව යන චෝදනා යටතේ චෝදනා පත්‍රයක් ලබා දීමෙන් අනතුරුව මොහු වරද පිළිගෙන ඇත.කෙසේ වෙතත් මොහු කිසිදු හේතුවක් නැතුව නැවත සේවයේ පිහිටුවා ඇති අතර 2006/06/01 සිට 2001/04/01 දක්වා පසුදාතම් කර පොලිස් පරීක්ෂක ධූරය පවා ලබා දී ඇති බව වාර්තා වේ.ඉන්පසුව 2006/01/01 දින සිට මොහු ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයකු හැටියට උසස් වී තිබේ.2018 වර්ෂයේදී ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගමට අදාල විමර්ශන අතර තුරදී සහකාර පොලිස් අධිකාරී ළමාහේවා විනය කාරණා මත සීඅයිඩියේ ළමා හා කාන්තා අංශයට මාරු කර යවා ඇත.එහෙත් 2009 වර්ෂයේදී දේශපාලනික උදව් මත නැවත සීඅයිඩීය වෙත මොහු වාර්තා කර ඇති බව සඳහන්ය.මේ සහකාර පොලිස් අධිකාරී ළමාහේවාට එරෙහිව නෛතික රාමුව යටතේ එල්ල වූ චෝදනාය.ජාතික බුද්ධි කාර්යංශය මගින් සහකාර පොලිස් අධිකාරි ළමාහේවා පිළිබඳව වාර්තා කරන ලද බුද්ධි තොරතුරු සටහන් අනුව මොහු ගාල්ල දිස්ත්‍රික්කයේ පාතාල ක්‍රියාකාරිකයකු වූ පොඩි ලැසී හා ඔහුගේ පවුලේ අයවළුන් සමග සමීප සමිබන්ධතා පවත්වාගෙන යන්නෙකි.මොහු දැනට පදිංචි දොඩන්දූව ප්‍රදේශයේ නීති විරෝධී අන්දමින් පහත් බිම් ගොඩ කරන බවට ප්‍රදේශවාසීන් ආණ්ඩුවේ බලධාරීන් වෙත පෙත්සම් යවා ඇති බවටද අනාවරණය වේ.දකුණේ පාතාල ක්‍රියාකාරිකයකු වූ කොස්ගොඩ සුජීගේ සමීපතමයකු වන රන්දොඹේ සැන්තා නම් පුද්ගලයා විසින් සහකාර පොලිස් අධිකාරී ළමාහේවා ගේ නිල රථය හෙරෙයින් ජාවාරමට යොදා ගෙන ඇති බවටද තොරතුරු වාර්තා වී ඇත.රන්දොඹේ සැන්තා විදේශගතව සිට ලංකාවට පැමිනි විට කටුනායක ගුවන් තොටුපොලේ සිට ඔහුට ප්‍රවාහන පහසුකම් ලබා දී ඇත්තේද සහකාර පොලිස් අධිකාරී ළමාහේවා වේ.කොස්ගොඩ සුජී හා සම්බන්ධ පාතාල ක්‍රියාකාරිකයන් අම්බලන්ගොඩ කොස්ගොඩ ,අහුංගල්ල ආදී පොලීසි මගින් අත් අඩංගුවට ගන්නා අවස්ථාවලදී මොහු එම පොලීසි වලට බොහෝ අවස්ථා වලදී අනියම් බලපෑම් කර ඇති බව එම පොලිස් ස්ථානාධිපතිවරු කිහිප දෙනෙකුම අප හට පවසා තිබේ.දොඩන්දූව ආරන්‍යයේ විදේශික භික්ෂුවක දියේ ගිලී අබිරහස් ලෙස මිය යමේ සිද්ධියේ විමර්ශන නිළධාරියා වූයේද මොහුය.මොහු එම අබිරහස් මරණයේ සත්‍ය තොරතුරු වසන් කරන ලද බව ප්‍රදේශවාසීන් පවසා සිටී.සහකාර පොලිස් අධිකාරී හරි හමන් අධ්‍යාපනයක් නොලද පොලිස් කාරයෙකි.රාජපක්ෂ පවුලේ සට්ටැඹි කම් කරන තම සහෝදරයා මගින් පොලීසියේ ඉහළ තනතුරු වලට මග පාදා ගත් අයෙකි.එහෙත් අපට ඇති ප්‍රශ්ණය මෙය නොවේ.මොහු ගේ විෂමාචාර තක්කඩි ක්‍රියා කළාපය ගැන පොලිස් ඇමති ටිරාන් අලස් නොදන්නා කම ගැනය.සහකාර පොලිස් අධිකාරී ළමාහේවා ගෙ කුණු ගඳ ගහන පොලිස් කෙරුවාව ගැන පොලිස් ඇමති ටිරාන් අලස් හොඳින් දනී.එහෙත් ටිරාන් අලස්ට ඒ ගැන කිසි දෙයක් කරන්නට බැරිය.ඒ මන්ද යත් සහකාර පොලිස් අධිකාරී ළමාහේවා ආරක්ෂා කරන්නේ රාජපක්ෂ පවුලේ ආරක්ෂකයා වන නෙවිල් වන්නිආරච්චි නිසාය.තවමත් මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිල නොලත් පොලිස්පතිවරයා නෙවිල් වන්නිආරච්චිය.මේ වන විට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සිට සහකාර පොලිස් අධිකාරී ළමාහේවා හැටන් පොලිස් බල ප්‍රදේශයට ස්ථාන මාරු කර යවා ඇතත් තව පෝය තුන හතරක් ගෙවී යාමට පෙර මොහු නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට අනුයුක්ත නොවුනහොත් එය අට වැනි පුදුමය විය හැකිය.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment