ටිරාන්ට එරෙහිව මාධ්‍යවේදී නන්දන වීරරත්න
මධ්‍යවේදී නන්දන වීරරත්න සිය මුහුණු පොතේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගැන අපූරු සටහනක් තබා තිබේ.මේ පහත දැක්වෙන්නේ එම සටහනයි.
'
".....පොලිස් ඇමති ටිරාන් අලස්ට අනුව.......
අපරාධකරුවන්
රටින් තුරන් කිරීම පවක් නොවේ.ඔහු මෙි බව කියන්නේ පොලීසියටය.ඔහුට අයිති
පත්තර (මව්බිම හා අනෙකුත්) මේ ගැන කියන්නේ මොනවාදැයි මම නොදනිමි.
ඔහු අපරාධකරුවන් තුරන් කරතැයි කියන විට ඔහු කළ විශාල අපරාධයට තවමත් දඬුවම් ලබා දී නැත.
2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට දෙමළ ඡන්ද ජපතිවරණයේදී පාවිච්චි කිරීම නතර කිරීම පැවරී තිබුණේ ටිරාන් අලස්ටය.
ටිරාන් 2010 දී කී ආකාරයට කොටි සංවිධානයට රුපියල් මිලියන 600ක් පගාව දී දෙමළ ඡන්ද වර්ජනයට ඩීලය දැමීමේ නියෝජිතයා වූයේ ටිරාන්ය.
බැසිල් රාජපක්ෂ එම මුදල දුන්නේ ටිරාන් අතටය.රජය සමග යුද වැදි සංවිධානයකට මුදල් දීම අපරාධයකි.
රාජපක්ෂලා
කී ආකාරයට ඔවුන් කොටි සංවිධානය ලවා දෙමළ ඡන්ද වර්ජනයට රුපියල් මිලියන 800
ක් දුන්හ.දුන් මුදලින් කොටින් අතට ගියේ මිලියන 600කි.ඉතිරි මුදල ටිරාන් අතේ
වාෂ්ප විය.එය බරපතල මුදල් වංචාවකි.එම මුදල වංචා කිරීමේ වරදට හා කොටි
සංවිධාානයට දුන් පගාව හෙළි කිරීමේ වරදට රාජපක්ෂලා යටතේ 2010 ජනවාරි 23
දින ටිරාන්ගේ නාවල නිවස ගිණි තබා විනාශ කෙරුණේය.(මම එදින එම නිවස ඉදිරිපිට
ටිරාන් පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේ සිටියෙමි)
ඒ
අනුව පොලිස් ඇමති ටිරාන්ද බරපතල ගණයේ අපරාධ තුනක සැකකරුවෙකි.පොලීසිය සැක
කරුවෙකුට නඩු නොපරවා තුරන් කරන්නට යන්නේ නම් පළමුව තුරන් කළ යුත්තේ
ටිරාන්ය.මේ අපරාධ ඔප්පු කිරීමට ඔහුගේම සාක්ෂි යොදා ගත හැකිය.පොලීසියට ඒ
වෙනුවෙන් මට උපකාර කළ හැකිය. පින්තූරය ටිරාන් අලස්ගේ නිවස ගිණි තැබූ දින
ගත් එකකි.
(නන්දන වීරරත්න)
Comments
Post a Comment