නීතිඥ සුනිල් වටගල ගේ ජීවිතයට අනතුරක්

 


ජාතික ජන බලවේගය රජයක් යටතේ පාස්කු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරන බවට ඒ හා සම්බන්ධ සියළු සැකකරුවන් තරාතිරම නොබලා අධිකරණය හමුවට ගෙන ඒමට කාදිනල් හමුවේ ලිඛිතව පොරොන්දු වීම ගැන ⁣ටිරාන් හා දේශබන්දු ඩබල ඉතා කෝපයට පත් වී ඇති බවට අනාවරණය වේ.

⁣විශේෂයෙන් මෙම ලිඛිත ප්‍රකාශය සදහා මැදිහත් වූ නීතිඥ සුනිල් වටගල පිළිබඳව ටිරාන් හා දේශබන්දු ඩබල සිටින්නේ දැඩි වෛරයකිනි.මේ පිළිබඳව මොවුන් දෙදෙනා අතර වූ සාකච්ඡාවකදී විශේෂ කාර්ය බලකායේ කුලී කොන්ත්‍රාත් කරුවන් යොදා ගනිමින් නීතිඥ සුනිල් වටගල ඝාතනය කිරීමට  හෝ එසේත් නැතහොත්  ඩුබායි වෙසෙන පාතාල අපරාධකරුවකු ලවා එම ඝාතනය කරවීමට ඉඩ ප්‍රස්ථාවක් තිබේද යන්න ගැනත් අදහස් හුවමාරුවක් වී තිබේ. මේ වන විටත් අබුඩාබි රාජ්‍යයේ සැක පිට අත් අඩංගුවට ගෙන සිටින කොස්ගොඩ ⁣සුජී සම්බන්ධයෙන් ⁣මෙරට පොලීසියේ මැදිහත් වීමක් සිදු නොකර සිට ඔහු එම 
අත් අඩංගුවෙන් මුදා හැරීමෙන් පසුව මෙම අපරාධය සඳහා යොදවා ගැනීමට හැකි වන්නේ නම් එය ඉතා සුදුසු යැයිද ටිරාන් අලස් ඇමතිවරයා පවසා ඇත.

කෙසේ වෙතත් ටිරාන් අලස් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පවසා ඇත්තේ ජාතික ජන බලවේගයේ පාක්ෂිකයන් කුපිත නොවන ආකාරයට මෙම සැළසුම දියත් කළ යුතු බවය.එහිදී මේජර් ජනරාල් සලේ ගේ සහයෝගය ලබා ගත හැකි බවද පොලිස්පති දේශබන්දු යෝජනා කර තිබේ.

මේ අතර පාස්කු දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව නිසියාකාරව පොලිස් පරීක්ෂණ සිදු නොකරන ලද බවට චෝදනා කර හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේරත්න හා ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අත් අඩංගුවට ගැනීමට පවා  මෙහිදී සාකච්ඡා  වූ බවද අප වෙත තොරතුරු හෙළි විය.

ජාතික ජන බලවේගය කෙරෙහි පවතින ජනතා ප්‍රසාදය දිනෙන් දින වර්ධනය වීමත් සමගම මෙරට දේශපාලනය තුළ හැසිරුණු දූෂිතයන් වියරු වැටී අතර හොඳින් හෝ නරකින් සිය දේශපාලන බලය ආරක්ෂා කර ගැනීමට මෙම දූෂිතයන් එක බංකරයකට රැස් වෙමින් සිටී.මොවුන්ගේ  ඉදිරි ආරක්ෂක වලල්ල
 සඳහා මේ වන විට යොදා ගෙන ඇත්තේ ටිරාන් අලස් ඇමතිවරයා හා පොලිස්පති දේශබන්දු වේ.පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති පාස්කු දින සිඳු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඉතා විවෘතව ප්‍රකාශ කරන ලද්දේ මෙම බෝම්බ ප්‍රහාරයට මේජර් ජනරාල් සලේ සම්බන්ධ බවය.පාම සරත් ෆොන්සේකාගේ මෙම ප්‍රකාශය ⁣අන් කවර පාර්ශවයක අනාවරණය කිරීම්වලටත් වඩා වගකීම් සහතික ප්‍රකාශයක් ලෙස ගත හැකිය.

කෙසේ වෙතත් මෙවැනි බොහෝ අනාවරණය කිරීම් නිසා පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැක කරුවන්ද
 දැඩි භීතියට පත් වී සිටින අතර ඔවුන් විසින් සිය ජීවිත ආරක්ෂාව සඳහා මෙරට තුළ  සමාජ කැරැල්ලක් ඇති කරවීමට තරමේ බිහිසුනු සැළසුමක් මුදා හරිනු ඇති බවටද අපට සැකයක් පවතී. එය ⁣එසේ වුව හොත් එම සැළසුම හරහා ජනපතිවරණය පවා කල් දමා ගැනීමට හැකි ව⁣ටපිටාවක් මෙම අපරාධකරුවන් විසින්  නිර්මාණය කර ගන්නා බවට කිසිදු සැකයක් නැත. 
 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්