ජනපති අපේක්ෂක නළුවන් රැසක් පෝලිමේ-අලුත්ම නළුවා විජේදාස රාජපක්ෂ

 


ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ලෙසට විවිධ පාර්ශවයන් වෙතින් තමන් වෙත  ඉල්ලීම් ඉදිරිපත් වී ඇතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

ඔහු ඒ බව පැවසුවේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්ණ කිරීමෙන් පසුවය.එහිදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයන් පිරිසක්ද විවිධ ආගමික නායකයන්ද තමන්⁣ගෙන් මේ ඉල්ලීම කර ඇති බවය.

මෙි වන විටත් දෙරණ රූපවාහිනී ආයතනයේ හිටපු ප්‍රධානී දිලිත් ජයවීර,මහජන උපයෝගිතා කොමිෂමේ හිටපු සභාපති ජනක රත්නායක ජනපතිවරණයේදී  ජනපති අපේක්ෂකයන් ලෙස තරග කරන බව නිවේදනය කර තිබේ.මොවුන් දෙදෙනාම මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ය.

⁣ජනපතිවරණයට තරග කර පරාජයට පත් වූවද මොවුන්ට කිසිම පාඩුවක් නොවන බව පැහැදිලිය.⁣ඒ මන්ද යත් මොවුන් දෙදෙනාම ඔවුන්ගේ ඉදිරි ජාත්‍යන්තර වෙළඳ කටයුතු වලදී මෙම ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රභූ සළකුණක් ලෙස භාවිතා කළ හැකි නිසාය.රටක ජනාධිපති අපේක්ෂකයකු යනු සිල්ලර අයෙකු ලෙස ජාත්‍යන්තර සමාජය නොසලකයි.දිලිත් ජයවීර හා ජනක රත්නායකට සිය ජාත්‍යන්තර ව්‍යාපාරික කටයුතු වලදී වටිනාකමක් අත් කර දෙන්නේ මේ ප්‍රභූත්වය මිස අන් යමක් නොවේ.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පිටුපස සිටින දැවැන්ත වෙළඳ ව්‍යාපාරිකයා ඇවන්ගාඩ් සේනාධිපතිය.
ඇවන්ගාඩ් සේනාධිපති විජේදාස රාජපක්ෂගේ ජනපති අපේක්ෂකත්වය වෙනුවෙන් කෝටි ගණනක මුදල් වැය කරනු ඇත.පසුගියදා ජාත්‍යන්තර සම්මේලනයකට ගොස් එහි සිටි පරිවාර කාන්තාවකට ලිංගික  හිංසනයට ලක් කර බවට චෝදනා ලද විජේදාස රාජපක්ෂ වැනි අ⁣යකු  මෙරට ජනපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමද හාස්‍ය ජනකය.⁣දූෂිත දේශපාලඥයන් වෙත මේ වන විටත් අධිකරණයේ විභාග වන නඩු නිදහස් කිරීම සඳහාද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විවිධ ආකාරයෙන් විනිසුරුවරුන්ට බලපෑම් කරමින් සිටින බවටද අප හට තොරතුරු ලැබී තිබේ.

පාර්ලිමේන්තුවේ සිටින ප්‍රබල ඇමතිවරයකු අධිකරණය වෙත විවිධ බලපෑම් කරන බවටත් තමන් නුදුරු දිනකදී සාක්ෂි සහිතව ඒ බව පාර්ලිමේන්තුවේදී හෙළි කරන බව⁣ට පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කරන ලදී.දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා නම ප්‍රකාශ නොකරන ලද එම ප්‍රබලයා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මිස අන් අයෙක් නොවේ.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්