අයිස් සන්තකයේ තිබී නාවුක හමුදා ඡ්‍යෙෂ්ඨයන් දෙදෙනෙකු අත් අඩංගුවට පත් වේ

 


ශ්‍රී ලංකා නාවුක හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු හෙරොයින් සමග මුල්ලේරියාව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ

පොලීසියේ අත් අඩංගුවට පත් වූ මෙම නාවුක හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා සන්තකයේ අයිස් ග්‍රෑම් 510 ක් තිබුණු බව පොලීසිය පවසයි.මෙම මත් ද්‍රව්‍ය වල වටිනාකම මිලියන 7.5ක් බව වැඩිදුරටත් දැන ගැන්මට තිබේ.

කෙසේ වෙතත් නාවුක හමුදාවේ ⁣ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත  ජාවාරම්කරුවන් සමග සම්බන්ධ කම් පවතින බවට ලංකා දවස වාර්තා කරන ලද්දේ මීට මාස ගණනකට ඉහතදීය.නාවුක හමුදාපති කම සඳහා සුදුසුකම් සපුරා ඇති නාවුක හමුදා ඡ්‍යෙෂ්ඨයකු පවා කොස්ගොඩ සුජීව සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවටද අපට තොරතුරු ලැබී තිබුණි.මෙම නාවුක හමුදා ⁣ඡ්‍යෙෂ්ඨයා මුහුදු මගින් හෙරොයින් ප්‍රවාහනය කරන බෝට්ටු අත් අඩංගුවට ගැනීම පිළිබඳ ප්‍රසිද්ධියට පත් අයෙකි.
 
 

එහෙත් අපට ලැබී තොරතුරු අනුව කොස්ගොඩ සුජීව විසින් හෙරොයින් සහිතව බෝට්ටු දෙකක් මෙරට ජාවාරම් සඳහා එවන විට  ඉන් එක බෝට්ටුවක් පිළිබඳව තොරතුරු සුජීව විසින්ම මේ නාවුක හමුදා ඡ්‍යෙෂ්ඨයා දැනුවත් කරනු ලැබෙයි.එහිදී සුජීව ලබා දෙන තොරතුරු ඔස්සේ මෙම නාවුක හමුදා ඡ්‍යෙෂ්ඨයා විසින් එම හෙරොයින් බෝට්ටුව අත් අඩංගුවට ගන්නා අතර අනෙක් බෝට්ටුව නාවුක හමුදා ඡ්‍යෙෂ්ඨයාගේ උපදෙස් අනුව ආරක්ෂිතව ගමනාන්තය දක්වා ගෙන යාම සිඳු කෙරේ. අත් අඩංගුවට ගන්නා බෝට්ටුවේ ඇත්තේද පිරිසිදු හෙරොයින් නොවේ. නාවුක හමුදා ⁣ඡ්‍යෙෂ්ඨයා විසින්  හෙරොයින් බෝට්ටු අත් අඩංගුවට ගැනීමේ නාටකය රඟ දක්වන්නේ එහෙමය.


Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා