කොස්ගොඩ සුජීවට රැකවරණය දෙන ආණ්ඩුවේ ලොක්කෝ මෙන්න
නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස් ගේ හා පොලිස්පති දේශබන්දුගේ මුඛ පූට්ටු වී තිබේ.ඒ මන්ද යත් අබුඩාබි රාජ්‍යයේදී කොස්ගොඩ සුජිව නම් ජාත්‍යන්තර රතු වරෙන්තු කාර සංවිධානාත්මක අපරාධකරු අත් අඩංගුවට ගැනීම නිසාය.මේ වන විටත් ලංකාවේ මාධ්‍ය අතලොස්සක් කොස්ගොඩ සුජී අබුඩාබි රාජ්‍යයේදී ව්‍යාජ පාස්පෝට් සිඳුවීමකට අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා කර ඇති අතර ශ්‍රී ලංකාවේ පොලීසිය ඒ පිළිබඳව මුනිවත රකිමින් සිටී.
කෙසේවෙතත් කොස්ගොඩ සුජීව අබුඩාබි
රාජ්‍යයේ අත් අඩංගුවේ සාටින බවට පොලිස් මාධ්‍ය ගිරා පෝතකයාගෙන් ප්‍රශ්ණ කළ
විට ඔහුගේ පිළිතුර වූයේ "අනේ අපට තවම එහෙම දැන ගන්න ලැබිලා නැහැ" යන්නය.
ඔහුගේ එම ප්‍රකාශයෙන් පවා තහවුරු වන්නේ පොලීසිය ඒ ගැන කිසිම උනන්දුවක් නොදක්වන බවය.
කොස්ගොඩ සුජී සමග එක මල්ලේ ලුණු කෑ වුන් පොලිසියේ සිටී.ඒ පොලීසියේ සිල්ලර වුන් නොවේ.තරු පටි කාරයන්ය.
අප
ඒ පිළිබඳව දිගින් දිගටම හෙළිකර තිබේ.විශේෂ කාර්ය බලකාය පාලනය කරන්නේ
කොස්ගොඩ සුජීය.සුජීව හා ගනුදෙනු කරන විශේෂ කාර්ය බලකායේ ලොක්කන් ගැන වෙනම
ලිවිය යුතුය.ඒ තරමට ඒ නම් ලැයිස්තුව දිගය.
පොලීසියේ මුදල් විශුද්ධිකරණ ඒකකයේ ලොක්කා කොස්ගොඩ සුජී ගේ අමුඩය අස්සේය.
පොලිස්පති දේශබන්දු කුඩ්ඩන්ගේ දේපල හොය හොයා මාධ්‍ය සංදර්ශන දැම්මත් කොස්ගොඩ සුජීගේ දේපොල දිහා ඇහැක් ඇර බලන්නේ නැත.
මුදල්
විශුද්ධිකරණ ඒකකයේ ලොක්කා ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල්ය.මේ
උන්නැහේ බෙන්තොට ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුව නියෝජනය කළ හිටපු සභාපති
සිරිමාන්න ගේ ලේ ඥාතියාය.මේ සිරිමාන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වෙල්ගමගේ
අනියම් බිරිඳගේ පුත්‍රයාය.සිරිමාන්න මෑත කාලයේ හිටියේ නන්න පොල්
වෙලාය.එහෙත් දැන් ඔහු සුපිරි ධනවතකු බවට පත් වී තිබේ.සභාපතිකම අහිමි වීමෙන්
පසු බිමට පාත් වී සිටි සිරිමාන්න ගොඩ දැම්මේ කොස්ගොඩ සුජීවගේ මැදිහත්
වීමෙනි.එල්ටීට්යේ ක්‍රියාකාරිකයකු වූ කෙනඩි හෙවත් පූගඩිකන්නා කොස්ගොඩ සුජීව
හඳුනාගන්නේ මෙරට බන්ධනාගාරයේ සිටින විටය.පසු කාලයකදී කොස්ගොඩ සුජීව මුදල්
වියදම් කර පූගඩිකන්නා බන්ධනාගාරයෙන් එළියට ගෙන තමන්ගේ අපරාධ වැඩ වලට යොදා
ගත්තේය.බලපිටිය අධිකරණය ඉදිරිපිටදීී මෝල් පියා හා තව පුද්ගලයකු මරා දැමීමට
කොස්ගොඩ සුජීව යොදාගන්නේ මේ පූගඩිකන්නාය.මේ අපරාධකරු සමග කොස්ගොඩ සුජීව
විශාල මිනිමැරුම් සංඛ්‍යාවක් හා මංකොල්කෑම් කළ බව වාර්තා වේ.පසුව
පූගඩිකන්නා ඉන්දියාවට පලා ගිය අතර ඔහු දැනට තමිල්නාඩුවේ
බන්ධනාගාරගතව
සිටී.මොහුගේ ඥාති සොහොයුරා තමිල්නාඩුවේ පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධව
සිටින අතර ළුෑණු හා මිරිස් ව්‍යාපාරයේ නිරත වේ.මෙම ළුෑණු හා මිරිස්
කන්ටේනර් මගින් මොහු හෙරොයින් ජාවාරමේ නිරත වෙමින් සිටින බවටද තොරතුරු
ලැබී තිබේ.කෙසේවෙතත් කොස්ගොඩ සුජීව පූගඩිකන්නාගේ මස්සිනා බෙන්තොට
සිරිමාන්න හට සම්බන්ධ කර දෙන ලදී.ඒ සිරිමාන්න විසින් සජීව වෙත කළ උපකාරයක්
වෙනුවෙනි.
මුදල් විශුද්ධිකරණ ඒකකයෙන් පසුගිය කාලයේ කොස්ගොඩ
සුජීවගේ බිරිඳගේ මාමා වන ධනුක සොයිසා අත් අඩංගුවට ගන්නා ලද්දේ බැංකු ගත කර
තිබූ කෝටි හතලිහක මුදලක් සම්බන්ධයෙනි.
ධනුක සොයිසාගේ බැංකු
ගිනුම් වල කෝටි හතලිහක මුදල් තැන්පතු ඇති බවට රහස් පොලීසිය විසින් මාධ්‍ය
වෙතද හෙළි කර තිබුණි.එහෙත් එහිදී සිරිමාන්න මැදිහත්ව තම ඥාතියා වූ ඡ්‍යෙෂ්ඨ
පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් කොස්ගොඩ සුජීවගේ මාමා නිදහස් කර
ගැණිනි.සිරිමාන්න කළ මේ උපකාරය වෙනුවෙන් කොස්ගොඩ සුජීව තමිල්නාඩුවේ
පූගඩිකන්නාගේ මස්සිනා ඔහුට හඳුන්වා දෙන ලදී.සිරිමාන්න පුගඩිකන්නාගේ මස්සිනා
සමග මෙරටට ළුෑණු හා මිරිස් ගෙන්වීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එම කන්ටේනර්
තුළ හෙරොයින් මෙරටට ගෙන ආ බව පැවසේ.මේ වන විට සිරිමාන්න සුපිරි ධනවතකු බවට
පත් වී ඇත්තේ මේ හෙරොයින් ජාවාරම නිසා බව ප්‍රදේශවාසීන් පවසයි.කුඩු
සිරිමාන්න හට මේ සඳහා ජනපති කාර්යාලයේ සම්බන්ධීකරණ ලේකම් තුසිත හල්ලොළුව
උපකාර කර ඇතැයි බුද්ධි අංශවල සැකයක් පවතී.ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ද කුඩු සිරිමාන්නගේ සමීපතම මිත්රයෙකි.සුජීවගේ
සගයන්ට ඉහල දේශපාලන සම්බන්ධකම් සම්බන්ධීකරණය කර දෙන්නේ මේ කුඩු සිරිමාන්නය.
බෙන්තොට කුඩු සිරිමාන්න සමග මේ ජාලයේ ක්‍රියාත්මක වන තවත් පුද්ගලයෙක් වන්නේ අම්බලන්ගොඩ රන්දොඹේ කට්ටඩි ෂාන් නැමැත්තාය.
මේ
කට්ටඬි ෂාන් නැමැත්තා පිළිබඳව අප සොයාගත් තොරතුරු අනුව පාසැල් වියේ සිටම
මොහු මානසික ආබාධයකින් පෙළුන අයෙකි.මොහු ගැන අපට තොරතුරු දුන්
බ්‍රිතාන්‍යයේ සිටින මාධ්‍යවේදියකු ඔහු ලද අත්දැකීමක් මෙසේ පැවසුවේය.
"...මං
ලංකාවෙ සීනිගම දේවාලය ගැන වැඩ සටහනක් කරන ලංකාවට ගිය වෙලාවෙ එම දේවාලයේ
භාරකරු සමග සම්බන්ධ වුනා.මම නවාතැන් ගත්තෙ මෙි භාරකරුගෙ නිවසෙ.එදා රෑ මේ
භාරකරුට ගුරුකම් කලා.මිටි පුද්ගලයෙක්.කට්ටඩි ෂාන් කියල තමයි සීනිගම
දේවාලයේ බාරකරු ඔහු මට හඳුන්වල දුන්නෙ.මම මිථ්‍යා විශ්වාස එක්ක ගණුදෙනු
කරන්නෙ නැති කෙනෙක් වුනත් මේ කට්ටඬි ෂාන් කරන ගුරුකම් ගැන බලාගෙන
හිටියා.මේ යකා පිස්සු විකාර කරන එකෙක් කියල මට වැටහුනා.සීනිගම දේවාලෙ
භාරකරු මේ පිස්සට කියල ගුරුකම කර ගන්න ලක්ෂ පහක් දීල තිබුණා.ඔහු පැවසුව
විදියට ඒ වගේ ගුරුකමක් කරන්න මේ පිස්ස ලක්ෂ දහයක් පහලොවක් අය කරනවලු.ඒත්
ලක්ෂ පහට වැඩේ කෙරුවෙ දැන ඇඳුනුම්කමට කියල තමයි දේවාල භාරකරු කීවෙ.මට
කියන්න අමතක වුනා දේවාල භාරකරු මේ පිස්ස ලවා ගුරුකම කර ගත්තෙ දේවාල
පරිපාලනය සම්බන්ධයෙන් තිබුණ ආරවුල නිරාකරණය කරගන්න අපේක්ෂාවෙන්.නුමුත් වැඩේ
කියන්නෙ මේ ගුරුකම කරල මාසයකට විතර පස්සෙ දේවාල භාරකුරුගෙ සේවය රජය මගින්
අත් හිට වූවා.."
කට්ටඩි ෂාන් තම ගුරුකම් වලට
වඩාත් සම්බන්ධ කරගන්නේ කාන්තා පාර්ශවයයි.පසුගිය කාලයේ මේජර් ජනරාල්
ශවේන්ද්‍ර සිල්වා හා පාම රාජිත සේනාරත්නගේ බිරිඳ මේ මානසික අබාධිතයාගේ
පිස්සු විකාර වලට රැවටී සිටි අය වේ.ඉතා කෙටියෙන්ම සඳහන් කරනවා නම් මේජර්
ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට හමුදාපති කම අහිමි වූයේ මේ පිස්සා සමග සිඳු කළ
ගුරුකම් වැඩ නිසාය.හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට මෙරට අගමැතිකම
ලබා ගැනීමට අවස්ථාවක් ඇති බවට කට්ටඬි ෂාන් පැවසූ අනාවැකියක් නිසා
ශවේන්ද්‍ර සිල්වා අගමැතිකම අපේක්ෂවෙන් කෙම්මුර දිනවලදී සීනිගම දේවාලයේ
පූජා පවත්වන්නට යෙදුනි.කට්ටඩි ෂාන් සමග නිතර සීනිගම දේවාලයට පැමිණෙන
ශවේන්ද්‍ර සිල්වාගේ අපේක්ෂාව පිළිබඳව ජාතික රහස් ඔත්තු සේවාව මගින්
රාජපක්ෂ පවුල දැනුවත් කෙරිණි.රාජපක්ෂ
වරුන්ද යකදුරුකම් හා
ගුරුකම් වල ඇලී ගැලී සිටින්නන්ය.ශවේන්ද්‍ර විසින් සීනිගම දේවාලයේ සිදු
කරන බාර හාර ගැන රාජපක්ෂවරුන් භීතියටත් කෝපයටත් පත්වූහ.එහි ප්රතිඵළය වූයෙ
ශවේන්ද්‍ර සිල්වා ගේ හමුදාපති කම අහිමි කිරීමය.අරගලය අවස්ථාවේ පවා
ශවේන්ද්‍ර සිල්වා හිටියේ කට්ටඬි පිස්සා ඔළුවට දමා තිබුණ අගමැති
සිහිනයේය.අරගලය පවතින අවස්ථාවේ පවා මේ කට්ටඩියා ශවේන්ද්‍රට ගුරුකම කරමින්
සිටි බව අපට තොරතුරු ලැබී තිබුණි.කෙසේවෙතත් පිස්සු ගුරුකම් පිළිබඳව විශ්වාස
කළ ශවේන්ද්‍ර සිල්වා නිකමෙක් බවට පත් වී ගියේය.
අනතුරුව
කට්ටඩි පිස්සා පොලිස්පති දේශබන්දුට ගුරුකම් කරන්නට සමීප විය.ඒ දේශබන්දු
පොලිස්පති වීමට පෙරය.දේශබන්දුට සිඳු කළ පිස්සු ගුරුකම් නිසා පොලිස්පතිකම
හිමි වන්නට ඇතැයි දේශබන්දු විශ්වාස කරන බව අපට සිතෙන්නේ ඔහු පොලිස්පති
වීමෙන් පසු සීනිගම දේවාලයට පැමිණියේ කට්ටඬි ෂාන් සමග වීම නිසාය.අපට දැන්
හිතන්නට තියෙන්නේ ඌත් පිස්සා මූත් පිස්සා කියාය.අත් අඩංගුවේ සිටින කොස්ගොඩ
සුජී මෙරටට ගෙන්වා ගැනීම වලක්වා ගැනීමට කට්ටඬි ෂාන් කෝටි ගණනක් මුදලක්
දේශබන්දුගේ ඩුබායි ගිණුමට බැර කර බව පැවසේ.මේ ගනුදෙනුව සම්බන්ධීකරණය කිරීම
සඳහා මේ වන විටත් කුඩු සිරිමාන්න ඩුබායි රාජ්‍ය වෙත ගොස් තිබේ.
කට්ටඬි
ශාන් ගේ සහෝදරයා කොස්ගොඩ සුජීවගේ හෙරොයින් අලෙව් කිරීමේ ජාලයට සම්බන්ධ වී
සිටී. සහකාර පොලිස් අධිකාරී ළමාහේවා මේ පුද්ගලයා සමග සමීප සම්බන්ධ කම්
පවත්වන අයෙකි.මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් නිළධාරීන් ගණනාවක් සම්බන්ධ වූ
හොරොයින් ජාවාරම් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු කලුවාමෝදරදී ඝාතනය කරවන්නේ
සහකාර පොලිස් අධිකාරී ළමාහේවා වේ.ඒ කට්ටඬි ෂාන් ගේ සහෝදරයා සමග සිටින
අනෙකුත් ජාවාරම්කරුවන්ගේ උපකාරයෙනි.
මේ සමග සිටින අනෙක් තැනැත්තා
කුඩු සැන්ටාය.කුඩු සැන්ටා ඩුබායි සිට ලංකාවට පැමිණෙන විට ඔහු රැගෙන ඒමට
යන්නේ සහකාර පොලිස් අධිකාරී ලමාහේවාගේ නිල රථයයි.ඒ තරමට මේ කල්ලිය ගජ
මිතුරන්ය.
කෙසේවෙතත් කොස්ගොඩ සුජීව පොලිස්පති
දේශබන්දු හා සම්බන්ධ කරන්නේ සහකාර පොලිස් අධිකාරී මහින්ද
විල්ලෝරාච්චිය.මොහු දැනට එංගලන්තයේ සිටී.මේ සහකාර පොලිස් අධිකාරීවරයා
එංගලන්තයේ වීසා ලබා ගන්නේ තමන්ගේ බිරිඳ පෞද්ගලික රෝහලක හෙදියක ලෙස සේවය කළ
බවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමිනි.මේ තැනැත්තිය සේවය කරන ලද්දේ ගාල්ල
කරාපිටිය ප්‍රදේශයේ කොන්ත්‍රාත් සමාගමක බව අප මේ වන විට සොයා ගෙන
තිබේ.මහින්ද විල්ලෝරාච්චි පෑලියගොඩ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කරන
විට කොස්ගොඩ තාරක මරා දැමීමට කොස්ගොඩ සුජීවගෙන් කොන්ත්රාතුවක් ලැබේ.ඒ සඳහා
එවකට බස්නාහිර පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූ දේශබන්දු ගේ සහයෝගය
ලබා ගන්නේ සුජීවගෙන් ලැබුණ කෝට් ගණනක දොල පිදේනිය ඔහුට පිදීමෙනි.
මේ
අතර මහින්ද විල්ලෝරාච්චි කොස්ගොඩ සුජීව නීතිය හා සාමය බාර ඇමති ටිරාන්
ගේ පොලීසිය බාර සම්බන්ධීකරණ ලේකම් වරයා වන සහකාර පොලිස් අධ්කාරී ගුනරත්න
නොහොත් හරක් ගුණේට හඳුන්වා දෙන ලදී.මෙම සහකාර පොලිස් අධිකාරීවරයා හරක් ගුණේ
යන අනවර්ථ නාමයෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ හඳුන්වන්නේ පෝද්දල පොලීසියේ
ස්ථානාධිපති වරයා ලෙස කටයුතු කරද්දී හොර හරක් ලොරියක් පැටවීමට ගොස් මාට්ටු
වූ නිසාය.හරක් ගුණේ මේ වන විට කොස්ගොඩ සුජීවගේ බර පැණ දායකත්වය ලබා ගෙන
මවුබිම පුවත්පතේ කාර්ය මණ්ඩලයට මාසික වැටුප් පවා ගෙවමින් සිටී.
කොස්ගොඩ
සුජීව අබුඩාබි හිදී අත් අඩංගුවට ගත් විට පොලිස්පති ඇතුළු පොලිස් ලොක්කන්
කසාය බිව් ගොළුවන් වී සිටින්නේ මෙන්න මේ සම්බන්ධතා නිසාය.යුද හමුදා බුද්ධි
බලකාය කොස්ගොඩ සුජීව මෙරටට ගෙන ඒමට මේ වන විට බලවත් ආයසයක් දරද්දී පොලිස්
දෙපාර්තමේන්තුව ගොර අදිමින් නිදි වැද සිටී.
කොස්ගොඩ
සුජීව අත් අඩංගුවට ගැනීමට පෙර ඩුබායි සමාජශාලාවකදී ඇතිවුන ගැටුමක්
හේතුවෙන් ඌරගහ මයිකල් නැමැති මෙරට සංවිධානාත්මක අපරාධකරු ඇතුළු දහදෙනෙක්
ඩුබායි පොලිස් අත් අඩංගුවට පත් විය.මේ පිරිස පවා මෙරටට ගෙන්වීමට නීතිය හා
සාමය ඇමති ටිරාන් හෝ පොලිස්පති දේශබන්දු උනන්දුවක් දක්වා නැත.
ඌරගහ මයිකල් අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට හා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට මාසිකව වැටුප් ගෙවන බව බව පවා පැවසේ.
අම්බලන්ගොඩ
අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට පසුගිය කාලයේදී මඩකලපුව කාතන්කුඩි පොලිස්
බල.ප්‍රදේශයට ස්ථාන මාරුවක් ලැබුණි.එහෙත් දින කිහිපයකින් මේ ස්ථාන මාරුව
හදා ගෙන නැවත අම්බලන්ගොඩ පොලීසියට ඒමට මොහුට හැකිවිය.ඒ පැමිණ දින කිහිපයක්
තුළ නැවත මොහුට පෝද්දල පොලීසියට ස්ථාන මාරුවක් ලැබුණ අතර එම ස්ථාන මාරුවද
අහෝසි කර ගැනීමට මොහු සමත් වී තිබේ.මේ ස්ථාන මාරු වලක්වා ගන්නේ වජිර
අබේවර්ධන මන්ත්‍රීවරයා මගිනි.
ඇමති ටිරාන් අලස්
හා පොලිස්පති දේශබන්දු කයිවාරු පුරාජේරු පුරසාරම් ගහන්නේ කොස්ගොඩ සුජීවගේ
අමුඩය අස්සේ සුවඳ ඉඹ ඉඹ සිටිමිනි.සිල්ලර හෙරොයින් ජාවාරම් කාරයන් අල්ලා
මාධ්‍ය සංදර්ශන දාන මේ ජෝඩුවගේ ශාන්තුවරයන් වී සිටින්නේ. කොස්ගොඩ සුජීව හා
ඌරගහ මයිකල් වැනි සංවිධානාත්මක මෙලේච්ඡ අපරාධකරුවන්ය.
Comments
Post a Comment