ටිරාන්ගේ අනීතික මෙහෙයුම්වලට එරෙහිව නීතිඥ සංඟමය පෙරට පැමිණේ
මෙරට පාතාල අපරාධකරුවන් මරා දැමිම පවක් නොවන බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සිදු කරන ලද ප්‍රකාශයක් හෙලා දකිමින් ශ්‍රී ලංකා නීතිඥ සංඟමය නිවේදනයක් නිකුත් කර තිබේ.අමාත්‍යවරයා පසුගියදා මෙම පුකාශය කරන ලද්දේ විශේෂ කාර්ය බලකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාවේ විසිරයාමේ පෙළපාලියක් විසිරයාමේදීය.ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා නොවන්නේ නම් ජනපතිවරයා විසින් ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවද නීතිඥ සංගමයෙ එම නිවේදනයේ සඳහන් කර ඇති අතර ,එය එසේ නොවුනහොත් දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද නීතිමය ක්‍රියා මාර්ගවලට එළඹීමට නීතිඥ සංගමය ක්‍රියා කරන බවද නීතිඥ සංඟමයේ සභාපති ජනපති නීතිඥ කෞෂළ්‍ය නවරත්න මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
පසුගිය වසරේ දෙසැම්බර් 18 වන දින පැවති මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු රැස්වීමේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශයක් කරමින් පැවසුවේ බොහෝ ප්‍රසිද්ධ නීතිඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී සිටින බවටද චෝදනා කෙරුවේය.මෙම ප්‍රකාශය සම්බන්ධයෙන්ද ඒ දින වලදී නීතිඥ සංඟමය නොසතුට ප්‍රකාශ කර තිබුණි.
නීතිඥ සංඟමය සිදු කරන ලද මෙම නිවේදනය පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශයක් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසන ලද්දේ පොලීසියට ආයුද ලබා දී ඇත්තේ කොස් කොටන්නට නොවන බවය.මත්ද්‍රව්‍ය ජාවරම් කරුවන් මර්ධනය සඳහා ටිරාන් අලස් ඇමතිවරයා ගන්නා ක්‍රියාමාර්ග තමන් අනුමත කරන බවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මෙහිදී වැඩිදුරටත් පැවසීය.කෙසේවෙතත් මෙරට ප්‍රසිද්ධ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙමටගොඩ රුවන් විසින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වෙත වී එයිට් වර්ගයේ සුඛෝපභෝගී වාහනයක් පූජා කර තිබූ බව පසුගියදා රහස් පොලීසිය අනාවරණය කරගෙන තිබුණි.ඒ දෙමටගොඩ රුවන්ගේ අයුතු ලෙස උපයාගෙන තිබූ දේපොල ගැන රහස් පොලීසිය සිඳු කළ විමර්ශනයකදීය.මහජන ආරක්ෂකඅමාත්‍ය ටිරාන් අලස් ඔහුට වැළඳී ඇති අක්මාවේ පිළිකාවකට ප්‍රතිකාර ගැනීම සඳහා මේ වන විට විදේශගතව සිටී.
Comments
Post a Comment