හලෝ දේශබන්දු රෙදි ඉල්ලෙ හලෝ........
පසුගියදා ප්‍රචාරය කරන ලද හඬ පට දෙකකින් අනාවරණය වූයේ පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් ගේ සැබෑ ස්වරූපයයි.
මෙතෙක්
කල් පොලිස්පති දේශබන්දුට එරෙහිව චෝදනා කරන්නන් ඔහු මෙරට පාතාල
ජාවාරම්කරුවන් සමග ගණුදෙනු කරන්නෙක් බවට චෝදනා කෙරුවද ඒ බව තහවුරු කිරීමට
ශක්තිමත් සාක්ෂි නොතිබුණි.එහෙත් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පුද්ගලයෙකුට වද
හිංසා පැමිණවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව 2023
දෙසැම්බර් මස 14 වන දා ප්‍රකාශයට පත් කරන ලද ඉන් ඔහු වැරදිකරුවකු බවට
තීන්දු කර තිබුණි.තෙන්නකෝන්ට විරුද්ධව තිබුණු චෝදනාව නීති විරෝධී ස්ථාන
මාරුවක් වැනි සුළු චෝදනාවක් නොවේ.රඳවාගෙන සිටි සැක කරුවෙකුට කෲර වද හිංසා
පැමිණවීම ගැනය.වද හිංසාව යනු රජයේ නිළධාරියකු අතින් මහජනතාවට සිඳු විය හැකි
තිරශ්චීන අයිතිවාසිකම් කඩ කිරීමකි.කෙසේ වෙතත් එවැනි වද හිංසා චෝදනාවක්
එල්ල වී තිබෙන පොලිස් නිළධාරියකු පොලිස්පතිවරයා ලෙස පත් කිරීමෙන් ජනපතිවරයා
හෑල්ලුවට ලක් කරන ලද්දේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.
එහෙත් ජනපතිවරයා ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ නිහඬ බව ඉතා බරපතලය.ඒ බරපතල කම පවතින්නේ
ජනපතිවරයා
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු තඹ දොයිතුවකට නොසැලකීම නිසාය.එසේ නැතිනම්
ජනපතිවරයා සිඳු කළ යුුුතුව තිබුණේ පොලිස්පති ධුරයෙන් අස්වන ලෙසට
දේශබන්දුට නියම කිරීමය.1999/24 පනත යටතේ රජයේ නිළදාරියකු වද හිංසා කිරීම
සම්බන්ධයෙන් වැරදිකරුවකු වුව හොත් අවුරුදු 7-10 ක සිර දඬුවමක් ලැබිය හැකි
අපරාධමය වරදකි.
කෙසේ
වෙතත් මේ වන විට නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු
තෙන්නකෝන් විසින් මෙරට අපරාධ මර්ධනය සඳහා අරඹා ඇති යුක්තියේ මෙහෙයුම මගින්
රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඉතා බරපතල ආකාරයෙන් ඩෝසර කරමින් තිබේ.තමන්ට
හිතවත් ජඩ මාධ්‍ය යොදා ගනිමින් මේ ජෝඩුව මෙරට සමාජය වෙත මුදා හැර ඇති
අධිකාරීවාදී අනීතික ක්‍රියාවන් මිනිසුන්ගේ ජීවිත බිලි ගැනීම දක්වා විහිදී
ඇත්තේ ඉතා බියකරු විලාශයෙනි.
මේ
අතර අනීතික යුක්තියේ මෙහෙයුමට එරෙහිවන නීතිඥවරුන් මානව හිමිකම් සංවිධාන හා
ආගමික නායකයන් ආදී සියලු පාර්ශවයන් කුඩු ජාවාරම් කාරයන්ගේ මුදලින් යැපෙන
අයවළුන් බවට ටිරාන් අලස් ඇමතිවරයා දිගින් දිගටම චෝදනා කරමින් සිටී.එහෙත්
පොලීසිය දේශපාලනීකරණයෙන් මුදවා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිවරයා
විසින් ඔහුගේ යූ ටියුබ චැනලයෙන් මුදා හැර ඇති හඬ පට දෙකක් මගින් පොලිස්පති
දේශබන්දු බැඳ ගෙන සිටින වෙස් මුහුණ ගැලවී මිනීමරු අපරාධකරුවන් සමග ගණුදෙනු
කරන සැබෑ ජාවාරම්කරුවන් කවරෙක්ද යන්න හෙළි වී තිබේ.
මෙම
හඬ පට වල ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රොහා නැමැත්තා දේශබන්දුගේ
පුද්ගලික සහකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්මලාල් සමගත් පසුව දේශබන්දු හා
සිඳු කෙරෙන කතා බහකි.මේ කතා බහ සිද්ධ වෙන්නේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ
මිනීමරුවකු වෙනුවට වෙනත් පුද්ගලයකු පොලීසියට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා
ගැනීම සඳහාය.රොහා පලමුව ඒ සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්ම ලාල් අමතන අතර
එහිදී සිය අපේක්ෂාව ඉටු කර ගැනීම සදහා පොලිස්පති දේශබන්දු සඳහා ගෙවන කෝටි
ගණනක මුදල පිළිබඳව ගිවිස්නා ගනී.අනතුරුව ප්‍රධාන පොලිස් පරීක්ෂක දේශබන්දුගේ
දුර කථන අංකය රොහා වෙත ලබා දී ඔහු හා සම්බන්ධ වන ලෙසට ඉල්ලයි.එම
සම්බන්ධීකරණය හරහා රොහා පොලිස්පති දේශබන්දු සමග දුරකථනයෙන් සම්බන්ධ වී
මනුෂ්‍ය ඝාතනයේ සැබෑ මිනීමරුවා වෙනුවට වෙනත් අයකු ඉදිරිපත් කිරීමට අවස්ථාව
ඉල්ලා සිටී.දෙදෙනා අවසානයේ සම්මුතියකට එළඹේ.සැබවින්ම මේ දුරකථන කතා බහ
සිද්ධ වී ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
පොලිස් පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදීය.
වර්තමානයේ
මෙරට පොලිස්පති වී සිටින්නේ පාතාල අපරාධකරුවකු සමග එවැනි අපරාධමය වරදක් කළ
චුදිතයෙකි.යුක්තියේ මෙහෙයුමේ අනීතික බවට චෝදනා කළ පාර්ශවයන් මත්ද්‍රව්‍ය
ජාවරම්කරුවන්ගේ නියෝජිතයන් බවට චෝදනා කළ ටිරාන් අලස් තමන්ගේ ගෝලයා
සංවිධානාත්මක අපරාධකරුවකු සමග සිදු කර ඇති මුදල් ගණුදෙනුව පිළිබඳව කියන්නේ
කුමක්ද යන්න දැන ගැනීමටත් අප කැමතිය.ටිරාන් අලස් ඇමතිවරයාට අපට සඳහන්
කරන්නට ඇත්තේ අප විසින් එළි දක්වා ඇත්තේ හඬ පට දෙකක් පමණක් බවය.මේ
උන්නැහේලාගේ ගනුදෙනු ගැන මෙවැනි හඬ පට පහලොවකට ආසන්න සඛ්‍යාවක් අප සතුව
පවතින බව ටිරාන් අලස් ඇමතිවරයාට මතක් කරන්නට අප කැමතිය.
දැන්
මේ ගැන ජනපති රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද
යන්න අපි අවධානයෙන් බලා සිටිමු.ජනපතිවරයා මේ ගැන වගේ වගක් නැතුව සිටී නම්
අප වටහා ගත යුත්තේ මේ තක්කඩි ජාවාරම්කාරයන් සමග ඔහු හෝ ඔහුගේ සමීපතමයන් එක
පතේ කන බවය.ඇතැම්විට ඉදිරි දේශපාලනය සඳහා අවශ්‍ය කෙරෙන මුල්‍යමය අවශ්‍යතා
සපුරා ගැනීමට ජනපතාවරයාගේ සමීපතමයන් විසින් ටිරාන් හා දේශබන්දු ජෝඩුව යොදා
ගෙන ඇති බවට සැකයක් පවා මතුවේ.
Comments
Post a Comment