රතුපස්වල ඝාතනයේ තීන්දුව හෙට

 


ජනපති මහින්ද රාජපක්ෂ සමයේ ව්‍යාපාරික  ධම්මික පෙරේරාට අයත්  හේලීස් සමූහ ව්‍යාපාරයේ වැලිවේරිය රතුපස්වල පිහිටි කම්හලකින් පිටවන අපදුව්‍ය වලින් ජල මූලාශ්‍ර වලට විස රසායන ද්‍රව්‍ය එක් වී ඇති බවට පවසමින් එම ප්‍රදේශයේ පදිංචි කරුවන් 2013 අගෝස්තු 01 වන දින පවත්වන ලද විරෝධතාවක් විසුරවා හැරීමට යුද හමුදාව වෙඩි තැබීම නිසා පාසැල් ශිෂ්‍යයන් දෙදෙනෙකු ඇතුළු තවත් අයෙකු ඝාතනය කර තවත් පුද්ගලයන්  30 දෙනෙකුට තුවාල කරන ලදැයි සඳහන් වරදකට නීතිපති වරයා විසින් අධිචෝදනා ලැබූ හමුදා නිළධාරීන් තිදෙනෙකුට එරෙහිව ගම්පහ මහාධිකරණය මගින් විභාග කළ නඩුවේ තීන්දුව හෙට (30) වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම නඩුවේ විත්තිකරුවන් වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු බ්‍රිගේඩියර් ගුණවර්ධන සූරියආරච්චිගේ දොන් අරුණ දේශප්‍රිය, ශ්‍රී ලංකා පාබල හමුදාවේ සැරයන් ලලිත් ග්‍රේ ,පොදු සේවා බලකායේ මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන,හා ගජබා රෙජිමෙන්තුවේ කෝප්‍රල් ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න යන අයවළුන් වේ.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 හා 296 වගන්ති ප්‍රකාරව විත්තිකරුවන්ට එරෙහිව මනුෂ්‍ය ඝාතනයක් කිරීම,මනුෂ්‍ය ඝාතන කිරීම⁣ට තැත් කිරීම,හා බරපතල තුවාල සිඳු කිරීම  සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙලෙස අධි චෝදනා ඉදිරිපත් කර තිබුණි.   

මෙම සිද්ධියේ පළමු විත්තිකරු වන බ්‍රිගේඩියර්වරයාට එහිදී පැවති මහජන කැරැල්ල මැඩ පැවැත්වීමට අවශ්‍යතාවක් තිබුණි නම් ඒ සඳහා ප්‍රමාණවත් පොලිස් නිළධාරීන් පොලිස් කැරලි මර්ධන නිළධාරීන් හා විශේෂ කාර්ය බලකායේ සෙබළුන් එම ස්ථානයේ රාජකාරිය සඳහා යොදවා සිටි බවද යුද හමුදාව මැදිහත් වීමට තරමේ කැරැල්ලක් එම ස්ථානයේ නොවූ බවට කරුණු අනාවරණය වූ බවද රහස් පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී. 

එහිදී වැඩිදුරටත් රහස් පොලීසිය  අධිකරණය වෙත වාර්තා කර ඇත්තේ
නීති විරෝධී කැරැල්ලක් විසුරවා හැරීමේදී අනු ගමනය කළ යුතු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 හා 96 වගන්ති ප්‍රකාරව මෙම සැකකරුවන් ක්‍රියා කර නැති බව අනාවරණය වී ඇති බවය. 

රතුපස්වලදී ඇතිවු එම විරෝධතාවය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පවා එලව එලවා පහර දුන් බවත් ඒ සඳහා සෙබළුන්ට නියෝග කරන ලද්දේ මෙම නඩුවේ පළමු විත්තිකාර බ්‍රිගේඩියර්වරයා බවත් ඒ දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණි.එම විරෝධතාව විසුරවා හැරීමට පොලීසිය රාජකාරියේ නිරතව සිටියදී මෙම සැකකරු එය නොතකා විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට හා පහරදීමට පෙළඹෙන ලද්දේ එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වර යා ලෙස කටයුතු කළ නන්දසේන රාජපක්ෂ දුරකථන ඇමතුමක් මගින් සිදු කළ නියෝගය නිසා බවද මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කර තිබුණි.


  •  or 

  • Comments

    Popular posts from this blog

    සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

    වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

    ඇත්තටම ඌ අපේ එකෙක්