සමගි ජනේ මන්ත්‍රීවරු රොත්තක් රනිල්ගේ ඔඩොක්කුවට පනී Yahoo/Inbox A

 


හෙට අනිද්දා වන විට සමගි ජන බලවේගයේ විශාල මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ජනපති රනිල් වික්‍රමසිංහ සමග එක්වීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.එහිදී රාවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු පිරිස මේ වන විටත් සමගි ජන බලවේගයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවද වැඩිදුරටත් දැන ගැන්මට තිබේ.

⁣පසුගියදා මෙරටට පැමිණි ඉරාණ ජනපතිවරයා හ⁣ට ජනපති රනිල් වික්‍රමසිංහ විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති අතර එම සාදයට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා එහි මන්ත්‍රීවරුන්ටද ආරාධනා කර ඇත.එහෙත් එම භෝජන සංග්‍රහයට සජිත් ප්‍රේමදාස සහභාගී වී නැති බවද ඔහු ඒ සඳහා සහභාගි වීම වලක්වන ලද්දේ පොදුජන පෙරමුණෙන් ඉවත්ව සමගි ජන බල වේගයට සම්බන්ධ වී සිටින නාලක ගොඩහේවා බව පැවසේ.

 නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා ⁣මේ  වන විට සජිත් ප්‍රේමදාසගේ සමීපතම න්‍යායචාර්ය වරයා බවද අනාවරණය වේ.පොදු ජන පෙරමුණෙන් ඉවත්ව සමගි ජන බල වේගයට සම්බන්ධ වී සිටින මහචාර්ය ජී.ඇල්.පීරිස්,මහචාර්ය චන්න ජයසුමන,චන්දිම වීරක්කොඩි ආදී මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස ගේ දේශපාලන උපදේශකයන් බවට පත් වී සිටින අතර මෙම කණ්ඩායම පිළිබඳව සමගි ජන බලවේගයේ පැරණි ඡ්‍යෙෂ්ඨයන් ⁣අතර විරසකයක් මතු වී ඇති බවද දැන ගැන්මට තිබේ.

කෙසේවෙතත් ජනපති රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගය තුළ මතුව පවතින මෙම අර්බුදය ප්‍රයෝජනයට ගනිමින් එහි ක්‍රියාකාරිකයන් ගණනාවක් නැවත එජාපයට එක් කර ගැනීමට සැලසුම් කරමින් සිටී.ඒ අනුව සමගි ජන බලවේගයේ ඉදිරි පෙළ ඡ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉතා නුදුරු දිනයකදීම එක්සත් ජාතික පක්ෂයට එක් වෙන බව නිසැකය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමග සජිත් ප්‍රේමදාස
සමග විවාදයක් පැවැත්වීමට කර ඇති සැළසුම පවා සමගි ජන බලවේගය ඇතුළතින් දියත් කරන ලද්දේ සජිත් ප්‍රේමදාසගේ දේශපාලන අපරිනත බව ජනතාවට තහවුරු කිරීමට සිදු කරන ලද කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ලෙස බවද අනාවරණය වේ.සමාජයීය ප්‍රශ්න පිළිබඳව ගැඹුරු විඥානයකින්  තොරව ත්‍රිල් දේශපාලනයේ නිරතව  සිටින සජිත් ප්‍රේමදාස වැන්නකු ඉතා තාක්ෂණිකව හා සංඛ්‍යා ලේඛනාත්මකව දේශපාලනය හසුරවන අනුර  කුමාර දිසානායක සමග පවත්වන විවාදය පිළිබඳව මෙරට බුද්ධිමත් ජනතාවට ඇත්තේ විහිළු සහගත අදහසක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැති බව ලංකා දවසට සමගි ජන බලවේගයේ ඡ්‍යෙෂ්ඨයකු පැවසීය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්