ජනපති
රනිල් වික්‍රමසිංහ නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු
මෙරට ව්‍යවස්ථානුකූලව නුදුරේදී පැවැත්වීමට අපේක්ෂිත ජනපතිවරණය
නොපැවැත්වීමට හෝ එසේ නැති නම් ඒ හා සම්බන්ධයෙන් කිසියම් කූඨ උපක්‍රමයක්
යෙදවීමට සැළසුම් කරන බවට සිතිය හැකි තොරතුරක් අප වෙත අනාවරණය වී තිබේ.ඒ
1970 වසරේ සිට බස්නාහිර පලාත තුළ බුද්ධි තොරතුරු වාර්තා කළ පොලිස් බුද්ධි
කොට්ඨාශය පොලිස්පති දේශබන්දු විසින් විසුරවා හැරීමට තීරණය කිරීමය.කලම්බු
ඉන්ටලිජන් බියුරෝ නැතහොත් සීඅයිබී නමින් හැඳින්වුන මෙම බුද්ධි කොට්ඨාශය
1970 වර්ෂයේ අරඹන ලද්දේ කලම්බු ඉන්වෙස්ටිගේෂන් බියුරෝ නමිනි.ප්‍රථමයෙන්
බස්නාහිර පලාතේ පොලිස් ස්ථාන දහ අටක ස්ථාපිත කරන ලද මෙම අංශය වර්තමානය වන
විට සෑම පොලිස් ස්ථානයකම පිහිටුවා ඇති අතර එහි මූලස්ථානය ඇත්තේ බොරැල්ල
පොලිස් ස්ථානයේ වේ.උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ අධීක්ෂණය යටතේ පොලිස් සැරයන්
වරු හා කොස්තාපල්වරුන් හතරක් හෝ පහක් මෙම බුද්ධි කොට්ඨාශයට අනුයුක්තව
සිටී.බුද්ධි තොරතුරු ලබා ගැනීම පිළිබඳව පුහුණුව ලැබූ හා ඒ සම්බන්ධ අත්
දැකීම් ලද පොලිස් නිළධාරීන් එම බුද්ධි කොට්ඨාශයේ රාජකාරි කළ අතර ඉන්
පොලීසිය වෙත ඉටු කෙරුණ සේවාව අති විශිෂ්ටය.
එහෙත් මේ
වන විට එම බුද්ධි කොට්ඨාශයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිළධාරීන් 140
දෙනෙකු සාමාන්‍ය පොලිස් රාජකාරිවල යෙදවීමට පොලිස්පති දේශබන්දු කටයුතු කර
තිබේ.රැවුල් කොන්ඩා වවාගෙන රාජකාරි කළ එම පොලිස් නිළධාරීන් අද වන විට නිල
ඇඳුම් හැඳ රාජකාරියේ නිරතව සිටී.තවදුරටත් ඒ බුද්ධි කොට්ඨාශයට අනුයුක්තව
රාජකාරි කළ පොලිස් නිළධාරීන් 100 දෙනෙකුද පොලිස්පතිවරයාගේ නියෝග පරිදි
ඉදිරියේදී සාමාන්‍ය රාජකාරි වල යෙදවීමටද අපේක්ෂිතය.මෙම බුද්ධි රාජකාරි කළ
පොලිස් නිළධාරීන් වෙත ඔත්තු සපයන ලද ඔත්තු කරුවන්ගේ නාම ලේඛනයක් තමන් වෙත
ඉදිරිපත් කරන ලෙසටද පොලිස්පති දේශබන්දු වැඩිදුරටත් නියෝග කර ඇති බවද
අනාවරණය වේ.
දීර්ඝ කාලයක් බුද්ධි කොට්ඨාශයේ
රාජකාරි කළ පලපුරුදු බුද්ධි නිළධාරීන් බොහෝ පිරිසක් සමාජයට නිරාවරණය කර
හඳුන්වාදීමෙන් එම නිළධාරීන් ගේ හා ඔවුන්ගේ දරු පවුල් වල ජීවිත පවා
අනාරක්ෂිත වටපිටාවක් නිර්මාණය වීම පොලිස්පතිගේ මේ ක්‍රියාවෙන් සිදු වන බව
නම් නිසැකය.එපමනක්ද නොවේ.එම බුද්ධි නිළධාරීන්ගේ බුද්ධි තොරතුරු පදනම් කර
ගනිමින් ඒ පිළිබඳව වැඩි දුර ආවේක්ෂණය කළ ජාතික බුද්ධි සේවාවටද ඉන් බරපතල
හානියක් සිදු වීම වැලැක්විය නොහැකි කාරණයක් වනු ඇත.
එම
බුද්ධි නිළධාරීන් හා ගණුදෙනු කළ ඔත්තු කරුවන් සම්බන්ධයෙන්ද මතු වන්නේ
විශාල අවදානමකි.පොලිස්පති දේශබන්දු යනු ප්‍රධාන පෙලේ පාතාල ක්‍රියාකාරිකයන්
හා ඉතා සෘජු සම්බන්ධතාවක් පවතින අයෙකු වේ.
පාතාල ක්‍රියාකාරීන්
සමග ඔහු පවත්වන සම්බන්ධතාවන් හා ගනුදෙනු කිරීම් පිළිබඳව ලිඛිත පොලිස්
සටහන්ද පොලිස් දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛන වල සඳහන්ව තිබේ.බුද්ධි නිළධාරීන්
පෞද්ගලිකව ගණුදෙනු කළ ඔත්තු කරුවන්ගේ ලේඛනයක් තමන් වෙත ලබා දෙන ලෙසට
පොලිස්පති දේශබන්දු ගේ කළ නියෝගය බරපතල සැකයකට ලක් වන්නේ මේ හේතුව නිසාය.
තවදුරටත් ඉන් අපට අවදාරණය කළ හැක්කේ පොලිස්පති දේශබන්දු විසින් පොලිස්
ඔත්තුකරුවන්ගේ රහස්‍ය අනන්‍යතාව ඔහු හා හිතවත් පාතාල ක්‍රියාකාරිකයන් වෙත
හෙළිදරව් කිරීමට සැලසුම් කර ඇති බවය.
පොලිස්පතිවරයාගේ මේ මැදිහත්වීම
හරියටම
රනිල් වික්‍රමසිංහ අතුරුගිරිය හමුදා දුර දිග විහිදුම් ඒකකය පාවා දුන්
හැඩයේම සිඳුවීමකි.2001 වර්ෂය හා 2004 වර්ෂය අතර පැවැති එක්සත් ජාතික පක්ෂ
රජය කාලයේ එවකට අග්‍රාමාත්‍ය වරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ඝාතනය
කිරීමට සැළසුම් කරන ලදැයි චෝදනා කරමින් පොලිස් නිල සුනඛ අංශයේ සහකාර
පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල විසින් 2002 ජනවාරි 02 වන දින අතුරුගිරිය
මිලේනියම් සිටි හි හමුදාව විසින් රහසිගතව පවත්වාගන ගිය බුද්ධි ආරක්ෂිත
මෙහෙයුම් නිවාසය වටලන ලදී.එහිදී සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ
විසින් එම බුද්ධි ආරක්ෂිත මෙහෙයුම් නිවසේ සිටි කපිතාන් නිලාම් ඇතුළු හමුදා
බුද්ධි අංශයට අනුයක්ත නිළධාරීන් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන මහනුවරට ගෙන
ගොස් කටුගස්තොට පොලීසියේ රඳවන ලදී.මෙම හමුදා නිළධාරීන් හමුදා බුද්ධි අංශයට
අනුයුක්ත නිළධාරීන් බව හමුදාපතිවරයා හා හමුදා බුද්ධි අධ්‍යක්ෂ වරයා විසින්
සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල වෙත දන්වා සිටියද ඔහු එය තඹ
දොයිතුවකට ගනන් නොගත් බව හෙළි වේ.ඉන් තහවුරු වන්නේ මේ වැටලීම අගමැති රනිල්
වික්‍රමසිංහගේ අනුදැනුම හා නියෝගය මත සිදුවූවක් බවය.
කෙසේවෙතත්
මේ වැටලීම නිසා එම හමුදා බුද්ධි ආරක්ෂිත මෙහෙයුම් ඒකකයට සම්බන්ධව සිටි
දෙමල ඔත්තුකරුවන් කවරෙක්ද යන්න එල්ටීටීය වෙත දැන ගැන්මට ලැබුණි.එය දැන
ගැන්මට ලැබුණා නොව රනිල් වික්‍රමසිංහ විසින් එම නාම ලේඛනය එල්ටීය වෙත යැවූ
බව සඳහන් කිරීම වැදගත්ය.
එම නාම ලේඛනය එල්ටීටීය
අතට පත් වීමත් සමගම හමුදා බුද්ධි අංශයට අනුයුක්තව රාජකාරි කළ දෙමළ
ඔත්තුකරුවන් එක දිගට ඝාතනය කිරීමට එල්ටීටීය ක්‍රියා කරන ලදී.2002 වර්ෂයේ
ජනවාරි මාසයේ 20 වන දින විද්‍යාදරන් හෙවත් නිතී නමි හමුදා ඔත්තුකරු ඝාතනය
කිරීමෙන් ඇරඹුන එම ඝාතන වැල මෙසේය.2002 ජනවාරි 02 ක්ලාරි හෙවත් ගඩාපි ජුලි
22 අරින් රාජන් හෙවත් සමින්රාජා අගෝස්තු 14 දේවදාස් ,දෙසැම්බර් 11
ගනේෂමුර්ති,
දෙසැම්බර් 02 අයිස්,2003 ජනවාරි 01 කැෂියර් හෙවත්
පුලේන්ද්‍රන්රාජා ,මාර්තු18 රගුපති,අප්‍රේල් 13රාජන් හෙවත් වර්ධන්,අප්‍රේල්
23 යසෝදරන්,
මැයි 04 අශෝක්,මැයි 19 සූර්යන් මැයි 21
මාස්ටර්,අගෝස්තු 03 රිල්වාන් ,අගෝස්තු08 සන්මුගරාජන්,සැප්තැම්බර් 14
සබාරත්නම්,2004 ජනවාරි 31 යෝගරාසාද 2005 මැයි මස 31 වනදා කර්නල් තුවාන්
මුතාලිප් හා ඉන් මාස පහකට පසුව ඔක්තෝම්බර් මස31 වන දින කර්නල් මීඩින්ද
එල්ටීටිය විසින් ඝාතනය කෙරුණි.
තමන්ට රජයෙන්
ආරක්ෂාවක් සැපයීම සිඳු නොකරන බව වටහා ගත් තවත් බුද්ධි නිළධාරීන් ගණනාවක්
රටින් පැන ගොස් වෙනත් විදේශ රටවල රැකවරණය සපයා ගත්හ.මේ මහා පාවාදීම සිඳු
කරන ලද්දේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් බව ස්ථිර ලෙසම තහවුරු වූ
කාරණයකි.
නීතිය හා සාමය බාර අමාත්‍ය ටිරාන් අලස්ද
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් එල්ටීටී ත්‍රස්තවාදීන්ට
මුල්‍යාධාර සපයන ලද රාජද්‍රෝහියෙකි.එහෙත් මේ රාජද්‍රෝහියා දේශපාලන බල
පුළුවන්කාර කම මත වර්තමානයේ මෙරට නීතිය හා සාමය බාර අමාත්‍යවරයා වශයෙන්
කටයුතු කරයි.පොලිස්පති දේශබන්දු පාස්කු දින මෙරට සිදුවූ මහා මිනිස් ඝාතනයට
සම්බන්ධ බවට චෝදනා ලද විත්තිකරුවෙකි.ජනපති රනිල් වික්‍රමසිංහ,ඇමති ටිරාන්
අලස් හා පොලිස්පති දේශබන්දු යන
මේ තුන් කට්ටලය එක පෙලට තබා දඬුවම් කළ යුතු හා වැලිකඩ ජම්පරය ඇන්දිය යුතු මෙලේච්ඡ සාහසිකයන්ය.
ජාතිය
පාවා දුන් මදාවියන්ය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ
ජාතිද්‍රෝහීන්ය.යුද රහස් හෙළි
දරව් කිරීම හේතුවෙන් නඩු විධාන සංග්‍රහය
යටතේ දඬුවම් ලැබිය යුතු අපරාධ කරුවන්ය.
වර්තමානයේදී
පොලිස්පති වරයා බස්නාහිර පලාතේ බුද්ධි කොට්ඨාශය විසුරවා හැරීමට කටයුතු
කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු වන්නේ මොවුන් විසින් ඉහතින් සඳහන් කර
ඇති පාවා දීම් වල බරපතල කම හා සම්බන්ධ කර ගනිමින් මිස හුදකලාව නොවේ.
තානාපති කාර්යාල, රජයේ සුවිශේෂී මර්මස්ථානයන් පිහිටා ඇත්තේද බස්නාහිර පලාත
තුළය.එවැනි
ප්‍රදේශයක ක්‍රියාත්මක වූ බුද්ධි තොරතුරු ඒකකයක්
විසුරවා හැරීම පොලිස්පති දේශබන්දුගේ තනි මතයට සිඳු වූ කාර්යයක් නොවන බවද
සිතිය හැක.මෙය ජනපති රනිල් වික්‍රමසිංහගේ හා නීිතිය හා සාමය බාර ඇමති
ටිරාන් ගේ අනුදැනුම මත සිඳු වූවක් බවද නිගමනය කළ හැකිය.
අප
දැන් අවධානය යොමු කළ යුතු වන්නේ මෙම බුද්ධි අංශය විසිරුවා හැරීමෙන් පසුව
මේ අයවළුන් ඉදිරියේදී කරන්නට සැළසුම් කර ඇති අනීතික මෙහෙයුම ගැන මිස අන්
යමක් ගැන නොවේ.කෙසේවෙතත් මේ අනීතික මෙහෙයුම ඉදිරි ජනපතිවරණය ඉලක්ක කර
ගනිමින් සිය දේශපාලන බලය තවදුරටත් පවත්වා ගෙන යාම සඳහා සමාජ
ප්‍රජතන්ත්‍රවාදය බුල්ඩෝසර් කිරීමට යොදා ගන්නා අර්ධ මිල්ටෙරි
ක්‍රියාමාර්ගයක් ඇරඹීම සඳහා වූ පදනම විය හැකිය.යුක්තියේ මෙහෙයුම නමින්
දැනටත් මෙරට සමාජය තුළ පවත්වාගෙන යන බලහත්කාරී පොලිස් බලය ඉදිරියේදී වඩාත්
හිංසාකාරීව හා සමාජය බිය වැද්දීම දක්වා ප්‍රවර්ධනය කිරීමට මග පදා ගැනීමක්
බවද සඳහන් කරන්නට පුළුවන.
Comments
Post a Comment