සිරකරුවෝද මනුෂ්‍යයෝය යනුවෙන් නමට බෝඩ් ලෑලි එපා ප්‍රධාන මහේස්ත්‍රාත් පවසයි

 


තම අධිකරණයට සැක කරුවන් ඉදිරිපත් කිරීමේදී හරක් රෑනක්
වගේ එකම යකඩ දම්වැලක ගැට ගසා ඉදිරිපත් නොකරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් බන්ධනාගාර නිළධාරීන්ට පසුගියදා විවෘත අධිකරණයේදී නියෝග තිබේ.
 

ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා එහිදී තවදුරටත් පවසා ඇත්තේ සිරකරුවෝද මනුෂ්‍යයෝය යනුවෙන් බෝඩ් ලෑලි වල ලියාගෙන එල්ලා සිටීම පමනක් වැඩක් නැති බවය.

 
සෞඛ්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින දේශීය හා විදේශීය සැකකරුවන් විශාල පිරිසක් යකඩ දම්වැලක අමුණා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ බන්ධනාගාර නිළධාරීන්ගේ ක්‍රියා කළාපය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කෙරුවේය.
තවදුරටත් සැක කරුවන් සතුන් විදියට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් වලකින ලෙසටද මෙහිදී මහේස්ත්‍රාත් වරයා බන්ධනාගාර නිළධාරීන්ට තරයේ අවවාද කෙරුවේය.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා