අනීතික නියෝග ක්‍රියාත්මක කරන්න එපා ගෙදර යන්න ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුදා සෙබලුන් අමතා පාර්ලිමේන්තුවේදී කියයි
කවුරු දුන්නත් ඔය කුරුදු පොලු පාවිච්චි කරන්න එපා.අනීතික නියෝග ක්‍රියාත්මක නොකර ගෙදර යන්න.අවුරුදු දෙකකින් අපි ඔබව බලා ගන්නවා.ලැබෙන පළමු අවස්ථාවේම හිඟ වැටුප් සමග සේවයේ පිහිටුවනවායැයි ෆීල්ඩි මාර්ෂල් සරත් ෆොන්සේකා අද (24)කුරුදු පොලු හමුදාව අමතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
ඔහු එහිදී කළ ප්‍රකාශය මෙසේය.
පසුගිය අවුරුද්දේ පොලිස් නිළධාරීන් 1000ක් පමණ සේවය අත් හැර ගොස් තියෙනවා.පසුගිය මාස දෙකට පමණක් පොලීසිය අත් හැර ගිය නිළධාරීන් සංඛ්‍යාව 200ක් වෙනවා.මේ හැම නිළධාරියෙක්ම සේවය අත්හැරල ගිහිල්ල තියෙන්නෙ අනීතික නියෝග පිළිපැදීමට බැරි නිසා.
යුද හමුදාවේ 25000ක් දෙනා පසුගියවසරේදී හමුදාව අත් හැර ගොස් තිබෙනවා.යුද සමයේදීවත් මේ විදියට හමුදාව අත්හැරල ගිහිල්ල නෑ.අනීතික නියෝග පිළිපදින්නෙ නැතුව ගෙදර ගිහිල්ල අවුරුදු 2ක් ඉන්න.අපේ යුද හමුදාවෙ කීර්ති නාමය ආරක්ෂා වුනේ හමුදා සෙබළුන් ජීවිත පූජා කළ නිසා.අවුරුදු දෙකක් රස්සාව නැතුව ඉන්න.අපි ඔබව සියලු හිඟ වැටුප් එක්කම සේවයේ පිහිටුවනවා.ඒ සම්බන්ධයෙන් මම පෞද්ගලිකවම වග කීම බාරගන්නවා.ඒ වගේම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.තරුණ තරුණියන් ගෙන් ඉල්ලනවා.
කැපකිරීම් කරන්නැතුව කිසිම දෙයක් ලැබෙන්නෑ.ආත්මාර්ථකාමී වෙන්න එපා.ජනතාව විදියට කැප කිරීම් කරන්න අවශ්‍යයි.ලක්ෂ ගනනින් වීදි වලට බසින්න.තවදුරටත් වීරයො හොයන්න යන්න එපා.
දූෂිත පාලකයන්ගේ වියරුවට බය නොවී වීදි බැස උද්ඝෝෂණය කරන්න.විරෝධතාව ප්‍රකාශ කරන්න.එහෙම නැතුව කවදාවත් මේ රට දූෂිතයන් ගෙන් බේරගන්න බෑ.
Comments
Post a Comment