යුද්ධයක් නැති රටේ සුද්දේ ජයටම -කෆීර් යානා හතරක් සේවා වාර සිදු කිරීමට ඊශ්‍රායල කණ්ඩායමක් ලංකාවට ඇවිත් වියදම ඇමරිකානු ඩොලර් මිලියන 55ක් කොමිෂන් එක 20%
ශ්‍රි ලංකා ගුවන් හා හමුදාවට අයත් කෆීර් ගුවන් යානා හතරක් කිසිදු ප්‍රසිද්ධ දැනුම්දීමකින් තොරව ගුවන් ගුවන් හමුදාපති වරයාගේ අනුමැතිය ඇතිව ඊශ්‍රායල් කාර්මික නිලධාරින් කණ්ඩායමක් යුද්ධයක් නැති රටට ගෙන්වා ඇත්තේ රටේ සල්ලි සුද්ධකර ගැනීමට බවට ඉතාම විශ්වාස දායක ආරංචි ලැබී ඇත.
මේ සඳහා වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 55 ක් බවට වාර්තා වී ඇත.
මෙහිදී මතු වී ඇති ප්‍රධානතම ගැටලුව නම්,
මගී ප්‍රවාහනයට යොදා ගන්නා Bell 212 , Bell 412 යන හෙලිකොප්ටර් යානා ද MI 17 හෙලිකොප්ටර් යානා ද Antona 33 වර්ගයේ ගුවන් යානා ද white 7 ගුවන් යානා සහ Y 12 යන ගුවන් යානා මගී ප්‍රවාහනයට යොදාගෙන ඇති අතර ඒ තුළින් රට තුළට ආදායම් උපයයි.
දැනට රට තුළ යුද්ධයක් නොමැති බැවින්කෆීර් ගුවන් යානා කටුනායක ගුවන් අංගනයේ නවතා තිබෙන අතර ඒවා මගින් සිදුවන්නේ නිදහස් දින උත්සවයේ දී පමණක් ප්‍රදර්ශනාත්මක ලෙස සේවාවේ යොදා ගැනීම පමණකි.
තව ද ගුවන් හමුදා පුහුණු කටයුතු සිදු කිරීමට මෙම කෆීර් ගුවන්යානා වලින් එකක් පමණක් සෑහෙන බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.
මෙහිදී වඩා වැදගත් කාරණාව ලෙස අප හුවා දක්වන්නේ මැයි මස විශ්‍රාම යනු ලබන ගුවන් හමුදාපතිවරයා විසින් අදාළ ඊශ්‍රායල් සමාගම සමඟ සිදු සිදුකරගත් ගිවිසුමට අනුව 20% කොමිස් මුදලක් මෙම කෆීර් යානා සේවා කිරීම මගින් ගුවන් හමුදාපතිවරයාට ලැබෙනු ඇත.
මෙම මුදල ඔහු විසින් නැවත ලංකාවට නොගෙනෙන අතර ඔහුගේ නමින් සිංගප්පූරුවේ ඇති විදේශ බැංකුවක ගිණුමක තැන්පත් කරන බවට විශ්වාස කටයුතු මාර්ගයකින් අපවෙත දැනගැනීමට ලැබී ඇත.
මෙම මුදල ගණන් බැලූ විට වටිනාකම මිලියන ගනනකි.
එසේ හෙයින් මැයි මස විශ්‍රාම යන ගුවන් හමුදාපතිවරයා ප්‍රකෝටිපතියකු වීම වැළැක්වීමට නොහැකි කාරණාවකි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ රවටා සිදුකරගෙන යනු ලබන මෙම ගනුදෙනුව මගින් ලැබෙන්නා වූ මුදල් කමල් ගුණරත්න, සහ සාගර රත්නායක සහ ගුවන් හමුදාපතිවරයා අතර බෙදා ගන්නවා ද යන්න පිළිබඳව සැකයක් පවතී
Comments
Post a Comment