රටේ අනාගතේ "සුදු නැති" රනිල් ගේ නිකන් දෙන සුදු හාල්

 


වසර 75 කට ආසන්න කාලයක් මුළුල්ලේමත් , වසර 45 කට වැඩි කාලයක් ලංකාවේ පාලනය ගෙන ගිය සෑම පාලකයෙක්ම සිදුකොට ඇත්තේ රටේ දුප්පත් කම කලමනාකරනය කොට පාලනය ගෙනයාමය.

එදා තමමුතුන් මිත්තන් පාලකයන් ගේ නිකන් දෙන හාල් ,පිටි කා අද එවා දෙගුණයක් කොට වැමෑරීමට සිදුව ඇත්තේ නුතනයේ සිටින දු, දරුවන්ටය. නිකන් කන්න උපන් ජාතියක් මෙලොව සිටීනම් ඒ ශ්‍රි ලාංකිකයන්ම විය යුතුය. සියල්ල නොමිලේ ලැබෙන තුරු ඇඟිලි ගනින ජාතියක අවාසනාවන්තම කාලයත්,  තවත් කාලකණි පාලකයන් ගේ නිකන් කන්න බලා සිටින නිසාම මෙරට ජාතිය අද සිටින්නේ නිදා ගෙනය.

එදා සිංගප්පුරුව නගා සිටවු නිර්භීත පාලකයා ගේ කතාව පහතින් ඇත.

[playlist type="video" ids="17878"]


ජාතියක් නිදා සිටින යුගයක් ලෝකයේ කොහේවත් දැක නැති නිසාම මේ අරුම පුදුම කාලකන්ණි ජාතියට ඇස් ඇරවන්න රටේ මාධ්‍ය වෙහෙස නොගන්නේම උන් යහමින් ජීවත් වන්නේ දේශපාලකයන් ගේ තුටු පඩුරු වලින් නිසාය.

අද රනිල් නිකන් සුදු හාල් දෙන්නේ රනිල් ගේ ඇති අනුකමපාවට නොවේ. සිරිමාවෝ හදෙන් හාල් දි 71 බඩ පුරාම කන්න මිනිකදු ගොඩ ගැසුවට නොදවෙනි ඉරණමක් මේ වික්‍රමසිංහ කරන බව නම් සහතිකය. ඒ ඔහු සුදු හාල් තෝරා ගත්තේම දුප්පත් මිනිසුන්ට සිංහල අවුරුද්ද කිරිබත් කවන්නය.

රනිල් ජුනිවලින් පසුව බඩ පුරාම දෙන්නේ උණ්ඩ වලිනි. පසු ගියදා ටිරාන්ලා,දේශ බන්දුලා, සිංගප්පුරුවට ගියේ රටේ ජනතාවට කන්න දෙන්න, අදින්න දෙන්න  බඩු හොයන්න නොවේ. ඒ ගියේ පැයකට කිලෝකිටර් 70 ට වඩා වේගයකින් ක්‍රියාතමක හයිඩොලික් වතුර ටැංකි මෙරටට ගෙන ඒමටත්, ජනතා අරගල මැඩලන රබර් උණ්ඩ ලක්ෂ ගනක් දැන් රටට ගෙන්වීමට එවා පිලිබදව නිරීක්ෂණයටය.

එදා වගේම මුතුන් මින්තන්ටත් අන්ත විදිහට නිකන් පාලකයන් ගෙන් කා උන්ගේ අත වැසියන් නොවි ලාංකීය වටිනා ශ්‍රමය තුලින් රට ගොඩ නැගුමට  වැඩකරන පැය ගනනට මුදල් ගෙවන සිස්ටම් එකක් සාදා සමස්ථ ජාතියම ජාතික නිෂ්පාදනයට දායක නොකර ගන්නා තාක්  මෙරට බිහිවන්නේ දේශපාලන කාලකන්ණි වහළුනම පමණි.

මේ රනිල් ගේ සුදු හාල් කළු වෙන දෙන කැමය. රනිල් ගේ සුදු හාල් රතු කරන දවස වැඩි ඇතක නැ. මේ රටේ මිනිසුන් ගේ රනිල්ලා ,රාජපක්ෂලා බුරු ගසන්නේ දුප්පත් මිසුන්ගේ බඩ ගින්නත් සමඟය. එදා වගේ අදත් ඒ පැලැන්තිය ක්‍රියාකරන්නේ රනිල් හාමුලා ගේ වලව්වේ සේවකයන් රටේ ජනතාව සිතාය.

එ නිසම දුප්පත්කම කලමනාකරණය කරන පාලකයන් මොකා උවත් පන්නා දමා රටේ ශ්‍රමයෙන් අභීතව නැගිටින ජාතියක් ගොඩ නැගීමට අපි හැමෝම එකතුවෙමු.

ලංකා දවස කතෘ

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්