කපුටු කාක් හා මොරටු සමන් නාඩගම -රනිල් හාමු හිට්ලර්ට ඇන්දාට තොවිලය කරන්නේ රාජපක්ෂ ගුරුන්නාන්සේලාය.
බැසිල් රාජපක්ෂ නොහොත් කපුටා ඊයේ (23)නෙළුම් මාවත පිහිටි පොදුජන පෙරමුණු කාර්යාලයේදී මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල්ට බැණ වදින හඬ පටයක් මාධ්‍ය මගින් මේ වන විට ප්‍රචාරය වෙමින් තිබේ.
මෙය අසන රාජපක්ෂ විරුද්ධවාදීන් මාර ආතල් එකක් ගන්නා බව සැකයක් නැත.ඔන්න දැන් පොදුජන පෙරමුණේ ආරවුල් යැයි ත්‍රිල් එකක් ගන්නා බවද සැකයක් නැත.සයිබරයේද මේ හඬ පටය අසා ලියා ඇති කමන්ටු කියවන විට පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය රාජපක්ෂ විරුද්ධවාදීන් ගැන අදහසක් ගත හැකිය.මේ සතුට භුක්ති විඳින්නන් අතර වැඩියෙන්ම ඉන්නේ මාලිමාවේ හාසමගි ජන බලවේගයේ පාක්ෂිකයන්ය.ඊළඟට එක්සත් ජාතික පාක්ෂිකයන්ය.එක්සත් ජාතික පාක්ෂිකයන් පුල් හැපියෙන් සිටින්නේ පාර්ලිමේන්තුවේ පොහොට්ටු බලය තුනී වී ගිය විට රනිල් හාමුට තනි අතේ ගේමක් ගහන්නට පුළුවන් වන නිසාය.අනේ අපට නම් මේ ගැන කියන්න තියෙන්නේ දේශපාලනයේ කට්ට කරෝල සයිස් එකේ අම්බැට්ටයන් වන රාජපක්ෂලාගේ තක්කඩිකම් ගැන නොදන්නා වුන්ට නම් මේ හඬ පටයෙන් ආතල් ගත හැකි බවය.මේ රාජපක්ෂ තක්කඩියන්ගේ තවත් ගේමක් මිස වෙන පටලැවිල්ලක් නොවේ.දැන් රටේ තොටේ කතා වෙන්නේ බලනවකො එදා ගෝල්පේස් එකේ අරගල කාරයන්ට ගහන්න ප්ලෑන් කරලා තියෙන්නේ මොරටුව නගරාධිපති කියාය.මේ හඬ පටය අහන කෙනෙකුට බැසිල් රාජපක්ෂ නොහොත් කපුටා මෙසේ පවසනු අහන්නට හැකිය."මං තමුසෙලට කිව්වා අරලිය ගහ මන්දිරයේ එදා රුස්වීමක් කරන්නත් එපා කියලා..."කපුටා එහි කියන්නේ එහෙමය.කපුටා ගේ මේ කතාව අහන ඕනෑම එකෙක් හිතන්නේ එදා අරලිය ගහේ රැස්වීම ඕගනයිස් කෙරුවේ සමන්ලාල් කියාය.අපට ඒ ගැන කියන්නට තියෙන්නේ අනේ බිජ්ජ තමා කියාය.ඒ දවස්වල රාජපක්ෂ පවුලේ තිබුණ රැස්පොට් එකේ හැටියට මොරටුවේ සමන්ලාල් ගූ සූඩයෙකි.මෙවැනි ගූ සූඩයෙකුට රාජපක්ෂලාගේ ඉහල ඇවරියට උපදෙස් දෙන්නට තියා ලං වෙන්ටවත් බැරිය.සමන්ලාල් හා අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පලාල්ලා කෙරුවේ රාජපක්ෂ වලව්වෙන් සංවිධානය කරන හැම මගුලකටම වහල්ලු කැන්දාගෙන ඒමය.ඒ වහල්ලුන්ට එන්න බස් එකත් බත් පැකට් එකත් අරක්කු බෝතලයටත් වියදම දුන්නේ අරලිය ගහ වලව්වෙනි.ඉතින් එහෙම ගූ සූඩයන් අරලිය ගහ වලව්වේ ජුලි නව වෙනිදා රැස්වීමක් සංවිධානය කර රාජපක්ෂ හාමුලාගේ ඕඩරයක් නැතුව ගාලු මුවදොර අරගල කරුවන්ට පහර දුන්නේ යැයි හිතන එකෙක් සිටී නම් ඒකාගේ ඔළුව මංඥං වී තිබිය යුතුය.හැබෑවටම රාජපක්ෂ පවුලේ වුන් මේ හඬ පටය නිෂ්පාදනය කරන්නේ මුළු රටේම ඔළුව මංඥං කරන්නය.දැන් ගානට තිතට ඒ වැඩේ සිද්ධ වෙමින් පවතින බවට අපට සිතේ.මේ හඬ පටයත් සමගම පොදුජන පෙරමුනේ ලොක්කන් අන්තර්ජාලයට මුදා හැර ඇති අනෙක් කයිවාරුද ගැන පොඩ්ඩක් කණ තියා ඇසිය යුතුය.ඒවායේ කියවෙන්නේ අයඑම්එෆ් ණය මුදල ලංකාවට ලබා ගැනීමට මුල් වූයේ බැසිල් හාමු බවය.දැන් මේ ප්ලෑන් එක මොළය ඇබින්දක් හෝ තියෙන වුන් වටහා ගත යුතුය.මේ පාවඩ එලෙන්නේ රාජපක්ෂවරුන් නැවත දේශපාලනයට එන මාර්ගයයි. බැසිල් රාජපක්ෂ නොහොත් කපුටා නියමෙට තිතට ප්ලෑන් එක බස්සා තිබේ.මදාවිකාරයන් ලෙස හංවඩු තබා සිටි පුත්තලමේ නිශාන්තලා, ජොනීලා, දැන් ශුද්ධවන්තයන්ය.ඔවුන් හෙට අනිද්දා වෙන විට දේවත්වයට එසවෙනු ඇත.මේ නාටකයේ දේවදත්තයාට ඇඳ ඇත්තේ මොරටුවේ සමන් ලාල් විතරය.රාජපක්ෂ තක්කඩියන් කළ හැම පාහර වැඩකම බිල ලියවෙන්නේ මේ ගූ සූඩයාගේ නමටය.අප මෙහිදී තව කාරණයක් සිහිපත් කළ යුතුය.ඔය පොදු ජන පෙරමුණ තුළ බැසිල් හාමු සමග හෝ වෙන රාජපක්ෂයෙක් සමග එකට එක වචන හුවමාරු කරගන්නට තරමෙි කොන්දක් තියෙන එකෙක් මේ සම්මජ්ජාතියේ පහල නොවන බවය.රාජපක්ෂ හාමුලා ගේ දේශපාලනයේ හැටි එහෙමය.මොවුන් ඊයේ එහෙමය අදත් එහෙමය හෙටත් එහෙමය.මහ අප්පුච්චාගේ සිට නාමල් බබා දක්වා තක්කඩි ගේම් කාරයන්ය.පසුගිය දිනවල මේ හාමුලා මුහුණ පෑ නින්දා අපහාස කන්දරාව වෙන දේශපාලන පවුලකට මුහුණ දෙන්නට සිදු වූයේ නම් එවුන් මේ රටේ පැත්ත පලාතේවත් ඉන්නේ නැත.ඒත් රාජපක්ෂ තක්කඩි හාමුලා එහෙම නැත.උන්ට ලැජ්ජා නහර නැත.දැන් රාජපක්ෂ පවුල අළු ගසා දමා නැවත නැගිටින්නට සූදානමිනි.වලව්වේ වහලුන්ද දැන් ඉන්නේ ෆිට් එකේය.මේ ෆිට් එකේ තරම දැන ගත හැකි වන්නේ රනිල් හාමුගේ පුකට පයින් දෙකක් ගසා ජනපති කමෙන් කනෙන් අල්ලා එළියට දැමූ විටය.පාර්ලිමේන්තුව තුළ තිබෙන පොදු ජන පෙරමුනු බලය කඩා බිඳ දාන්නට රනිල් හාමු දත් මිටි කන බව රාජපක්ෂ හාමුලා දනී.එහෙත් නිහඬව සිටින බවක් පෙනෙන්නට ඇතත් නැකතට රාජපක්ෂ හාමුලා නැවත වැඩ අරඹන බව සහතිකය.රනිල් හාමු ලවා රටේ ප්‍රඡාතන්ත්‍රවාදය සුන්නත් දූලි කොට ජනතාව ගොළුවන් බිහිරන් හා අන්ධයන් කිරීමෙන් පසුව රටේ දේශපාලනයේ තෝන් ලනුව තමන් අතට ගන්නට රාජපක්ෂ හාමුලා ගේ සැලසුමයි.දැන් රනිල් හාමු පුක උඩ දාගෙන ඒ පාර ශුද්ධ කරමින් සිටී.හමුදාව පොලීසිය ලවා හැම දෙයක්ම කරවා ගැනීමේ දේශපාලනයකට රට හැදීම රනිල් හාමු ගේ සැලසුමයි.රනිල් හාමු හිට්ලර්ට ඇන්දාට තොවිලය කරන්නේ රාජපක්ෂ ගුරුන්නාන්සේලාය.අපට ජනතාවට හා විරුද්ධ පක්ෂයේ දේශපාලඥයන්ට කියන්නට තියෙන්නේ හොඳ සිහියෙන් ජීවත් වෙන ලෙසය. සමන්ලාල් හා කපුටු කාක් නාඩගම් වලින් ආතල් නොගන්නා ලෙසය.
Comments
Post a Comment