අයිඑම්එෆ් වලට ඡන්දය දීමෙන් වැලකී සිටීමට මහින්ද රාජපක්ෂ කල්ලිය තීරණය කරලා
ජාත්‍යන්තර අරමුදල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයෙන් පසුව ලබන සිකුරාදා (28)දින පැවැත්වෙන ඡන්දය දීමේදී ඉන් වැලකී සිටීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් තීරණයකට එළඹ ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය ආයතන විකිණීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අරමුදලේ ගිවිසුම් ගත අහිතකර කොන්දේසි ගණනාවක් නිසා හිටපු ජනපතිවරයා ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම එම තීරණයට එළඹ ඇති බව දැන ගැන්මට තිබේ.කෙසේවෙතත් අපට දැන ගැන්මට ලැබී ඇති ආකාරයට පොදුජන පෙරමුණේ රාජපක්ෂ කණ්ඩායම හා ජනපති රනිල් රාජපක්ෂ අතර අමාත්‍ය මණ්ඩලය පත් කිරීම ගැන මතභේදකාරී තත්වයක් මේ වන විට නිර්මාණය වී ඇති බවටද වාර්තා වේ.පොදුජන පෙරමුණ නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සෘජුවම ජනපති රනිල් රාජපක්ෂ සමග සම්බන්ධවී ආණ්ඩුවේ කොටස්කාරයන් ලෙස සහයෝගය දැක්වීමට සැළසුම් කර තිබේ.පොදුජන පෙරමුන මෙරට දේශපාලනයට සම්බන්ධ වූයේ පෞද්ගලීකරණයට එරෙහි රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ජනතාවට පොරොන්දු වෙමිනි.මේ වන විටත් ආණ්ඩුව තුළ මතුව පවතින අනෙක් අර්බුදය වන්නේ චීන හා ඇමරිකානු පක්ෂපාතිත්වය පිළිබඳ ප්‍රශ්ණයයි.පොදුජන පෙරමුනේ රාජපක්ෂ කල්ලිය චීන පාක්ෂිකත්වය සමග සම්බන්ධ අතර ජනපති රනිල් රාජපක්ෂ ඇමරිකානු හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී.රනිල් රාජපක්ෂගේ අන්ත නව ලිබරල් වාදී ප්‍රතිසංස්කරණ රාජපක්ෂ කල්ලියේ නොසතුටට හේතු වී ඇති බව පැහැදිලිය.ඒ අතරේ ඊළඟ ජනපතිවරණය ව්‍යවස්ථා සංශෝධනයකින් මේ වසරේදී පවත්වා සම්පූර්ණ ධුර කාලයකට ජනපතිවරයා වීමට රනිල් වික්‍රමසිංහ සැළසුම් කර ඇති බව පෙනී යයි.මෙය පැහැදිලිවම නාමල් රාජපක්ෂගේ ජනපති සිහිනයට අකුල් හෙලීමකි.රාජපක්ෂ වරුන් පසුගිය කාලයේ බලය අත් හැරියේ දේශපාලනයෙන් සමුගැනීමට නොවන බව දැන් තහවුරු වෙමින් පවතී.රනිල් වික්‍රමසිංහ ගේ නාමය පවා රනිල් රාජපක්ෂ බවට පරිවර්තනය වූයේ ඔහුගේ අන්තර්වාර පාලන කාලය තුළදෘ නැවත රාජපක්ෂ වරුන්ට මෙරට දේශපාලන භූමිය සකසා දෙනු ඇතැයි ජනතාව සිතූ නිසාය.එහෙත් ජනපති රනිල් රාජපක්ෂ දැන් එසේ සිතන බවක් පෙනෙන්නට නැත.ඔහු කූඩාරමට ඇතුළුවූ ඔටුවාගේ චරිතයට පන පොවමින් සිටී.දැන් ඔහු පාර්ලිමේන්තුව තුළ සිය බලය ව්‍යාප්ත කිරීමට උත්සාහ කරමින් සිටී.එහිදී පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය තනතුරු ලබා දී ඔවුන් තමන් වෙත සමීප කර ගැනීමට සමත් වී තිබේ.සජබය කෑලි වලට කඩා දමා ඉන් කොටසක් තම පාර්ශවයට ගැනීමටද ජනපති වරයා උත්සාහ දරමින් සිටී.ජනපතිවරයාගේ මෙම ක්‍රියා කළාපය රාජපක්ෂවරුන්ගේ අනාගත දේශපාලනය අවුල් කරන ඒවාය.ආණ්ඩුව දැන් ඇත්තේ සෙලවෙන දතක් ගානටය.එය නැවත ශක්තිමත් වනු ඇද්ද නැද්ද යන්න තීරණය වන්නේ චීන ඇමරිකානු බල හවුලේ ඉදිරි සැලසුම් තුළය.
Comments
Post a Comment