බී 22046/22 අපරාධ නඩුවේ සැකකරු නිතිය හා සාමය භාර ඇමති ටිරාන් අලස් ගේ අළු පැහැති බෙන්ස් රථයේ ඉදිරි අසුනේ යයි
"හොරාගේ අම්මාගෙන් පේන අහනවා " යනුවෙන් කීවත් ඒවනි කියමනක් සත්‍ය වශයෙන්ම අපට දැක ගැනීමට හා එහි ඡායාරූපයක් ගැනීමට (ස්තුතිය රාජ්‍ය බුද්ධි අංශයට )හැකිවීම මෙරට නිති ගරුක ජනතාව ලැබු සුවිශේෂිත අවස්ථාවකි.
මේ අවස්ථාව පසු ගිය දා වුදා වුයේ රවි කරුණානායක මහතාගේ මවගේ අවසන් කටයුතු සිදු වු බොරැල්ල කනත්තේදී. ආරක්ෂක අංශ පිරිවරා ගෙන පැමිණි ඇල්වතුර නිවලා බොන ඇමති ලෙසට විරුදාවලිය ලත් ටිරාන් අලස් බොරැල්ල කනත්තට පැමිණ සිටියේ ටිරාන් රජයෙන් දි තිබෙන අළු පැහැති මර්සිඩිස් බෙන්ස් රථයෙනි. අවමංගල පෙරහැර කටයුතු නිමව සියල්ලම පිටත්ව යන මොහොතේ ටිරාන් ගේ කාර් රථයේ ඉදිරි දොර ඇරිය බස්නාහිර පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් ටිරානගේ කාර් රථයේම ඉදිරි අසුනට නැග පියාබා ගියේය.
අද ටිරාන් ගේ සියළු ගතමනාව සපයන්නේ බී 22046 /22 දරණ අපරාධ නඩුවේ අපරාධකරුටය. මේ වන විටත් දේශ බන්දු සැකකරුවෙකු ලෙසට නම් කොට ඇත්තේ නමුත්, පොලිස්පති වික්‍රමරත්නට පොලිස් මුලස්ථානයේ සිට අපරාධ පරික්ෂණ දෙපාරතමේන්තුවට ලිපිය එවීමට දින 2ක් ගොස් තිබේ.
සදුදා දේශ බන්දු අභියාචනාධිකරණයේ තහනම් නියෝගයක් ගැනීමට නියමිත බව අපට ඉතාම විශ්වාසවන්ත තොරතුරු ලැබී තිබේ. දේශ බන්දු නැමති පාතාල කුඩු මාෆියාවේ ගෝඩ් ෆාදව ටිරාන් සමඟ සිටියදි කිසි දවසක ඔහුට විරුද්ධව නිතිය ඉටු නොවන බව සහතිකය.
යම් දවසක ටිරාන් අලස්ට සිදුවන්නේ "කුම්බල කටු කෑවානම් වමරපන් බළැලෝ" කීවා සේ ටිරාන්ටත් වැමැරීමට සිදුවන දීනය වැඩි ඇතක නැති බව සහතිකවම අපි සටහන් කරන්නෙමු.
ඔබලා ගේ කාරුණික සහාය නොමතිව ලංකා දවස පුවත්පත පවත්වාගෙන යා නොහැකිය.
[wpedon id="7467" align="right"]
Comments
Post a Comment