බටලන්ද වදකයාගේ අළුත්ම බිල්ල දර්ශන හඳුන්ගොඩයි

 


යක්ෂයා නැවත අවදිවෙමින් තිබේ.එහෙත් යක්ෂයා අවදිවෙමින් තිබේ යන්න ලියනවාට වඩා යක්ෂයා අවදි කරවමින් සිටින බව ලියන එක හරිය.යක්ෂයා අවදි කරවන්නේ රනිල් රාජපක්ෂය.බටලන්දේ මිනීමරුවාට රුධිරය ආඝ්‍රානය කරන එක තරමෙි වෙන ආස්වාදයක් නැත.මෙරට විවිධ සමාජ තලයන් නියෝජනය කරන වෘත්තිකයන් බිය වද්දමින් රනිල් රාජපක්ෂ මුදා හරිමින් සිටින සිය බල අධිකාරියේ අවසාන නැවතුම් පොළ බටලන්ද පන්නයේ වදකාගාර විය හැකිය.මේ මිනීමරුවා සිහින මවමින් සිටින්නේ එවැනි සාහසික වටපිටාවක් නිර්මාණය කරමින් බලය රැක ගැනීමය.

මාමා වූ ජේ.ආර්.....

සිය මාමා වූ ජේ.ආර් විසින් මෙරට සමාජය මත විසිරවූ මිල්ටෙරි ආඥාදායකත්වය බෑනා නැවත අත් හදා බලන්නට සූදානමින් සිටින බව පෙනී යයි.ජේආර් වැඩ පටන් ගත්තේ අළුත්කඩේ අධිකරණය බය වද්දමිනි.ඒ සඳහා මේ පාදඩ නායකයා යොදා ගත්තේ ස්ත්‍රී දූෂණයකට බන්ධනාගාරගතව සිටි ගෝනවල සුනිල්ය.ජේආර් මෙරට විධායක ජනපතිවරයා වීමත් සමගම බන්ධනාගාරගතව සිටි ගෝනවල සුනිල් හට ජනාධිපති සමාව ප්‍රදානය කෙරිණි. විනිසුරුවරයින් බිය වැද්දීම සඳහා ජේආර් යොදා ගත්තේ මේ ගෝනවල සුනිල් ඇතුළු මැරයන් පිරිසකි.විනිසුරු නිල නිවාස වලට ගල් ගසා විනිසුරුවරුන්ට එරෙහිව විරෝධතා පවත්වා සමස්ත අධිකරණ පද්ධතියම නිවට නියාළු වහළුන් බවට පත් කිරිමට ජේආර් සමත් විය.

බෑණා වූ රනිල්,.........

ජේආර් ගේ බෑණා වූ රනිල් රාජපක්ෂ අද ප්‍රයත්නය දරමින් සිටින්නේ ඒ ආකෘතිය නව හැඩයකින් මෙරට ස්ථාපිත කරන්නටය.රනිල් රාජපක්ෂ නීතිපති ඔස්සේ අධිකරණය බිය වද්දා සිය ඕනෑ එපාකම් ඉටු කර ගන්නට සැළසුම් කර ඇති බව පෙනෙන්නට තිබේ.නීතිපති සංජය රාජරත්නම් මේ වන විට රනිල් රාජපක්ෂගේ ගෝපයියෙක් බවට පරිවර්තනය වී සිටී.මේ එහෙයි ගෝපයියා මෙරට නීතිය බල්ලා මාක් කරන්නට අත් උදව් දෙමින් තිබෙන බව අහන්නට ලැබෙන කෙරුවාවෙන් වටහා ගත හැකිය. නීතිපති ගේ රාජකාරිය රජ දවස අළුගෝසු රාජකාරිය හා ගලපන්නට රනිල් රාජපක්ෂ ගේ අපේක්ෂාව වී තිබේ.

නීතිපති ගෝපයියා.......

දැන් විනිසුරු වරුන් බිය වද්⁣දන්නේ නීතිපතිවරයාය.පොලීසියට තර්ජනය කරන්නේද නීතිපතිවරයාය. රනිල් රාජපක්ෂට හිතුන හිතුන ආකාරයට දේශපාලන විරුද්ධවාදීන් දඬයමි කරන්නට නීතිපතිවරයා සූදානමින් සිටී.

මෙි වන විට නීතිපති ගෝපයියාගේ අළුත්ම බිල්ල විදියට ගොදුරු කර ගැනීමට අදහස් කර ගෙන සිටින්නේ යූ ටියුබ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩය. දර්ශන හඳුන්ගොඩ විසින් පසුගියදා බැඳුම්කර 2 යනුවෙන් යූ ටියුබ ප්‍රකාශනයක් මුදා හරින ලදී.රනිල් රාජපක්ෂ ආණ්ඩුවට රිදී ඇත්තේ ඒ දෘශ්‍ය ප්‍රකාශිතයයි.දර්ශන් හඳුන්ගොඩ ඉන් අනාවරණය කරන ලද්දේ මෙරට මුහුදු තීරයේ ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකා⁣ව හා සම්බන්ධයෙන් සිඳුවූ මිලියන 8000ක අත යට ගනුදෙනුවක් පිළිබඳවය.මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රථමයෙන් සමාජයට හෙළි දරව් කරන ලද්දේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂය.අනතුරුව ඒ දූෂිත ගනුදෙනුව ගැන හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.එහෙත් මේ මහා දූෂිත ගනුදෙනුව ගැන දර්ශන හඳුන්ගොඩ අනාවරණය කිරීම රනිල් රාජපක්ෂ ආණ්ඩුවට බරපතල රිදීමක් ඇතිවී තිබේ.දර්ශන හඳුන්ගොඩ සීඅයිඩීයට කැඳවා ඒ පිළිබඳව කට උත්තරයක් ලබා ගන්නා ලෙස⁣ට පොලීසිය බාර ඇමති ටිරාන් අලස් හා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් දී ඇති බවද වාර්තා වේ.නීතිපති මැදිහත්වී ඇත්තේද එම කෙරුවාවටමය.දර්ශන හඳුන්ගොඩ අධිකරණයට දක්කා ගෙන යාමට නීතිපති සූදානමින් සිටින බව අප දැනුවත්ය.

සිද්ධවෙමින් පවතින මේ ත්‍රාස ජනක ක්‍රීඩාව දර්ශන හඳුන්ගොඩ ගෙන් අවසන් නොවන බව අපට විශ්වාසය.මෙහි කෙළවර අප මුලදී සඳහන් කළ ආකාරයට රනිල් රාජපක්ෂගේ රුධිරයෙන් සිත්තම් කරන සිහිනයේ ඇරඹුම මෙතැන් සිට බව අපි සිතමු.මාධ්‍යවේදී දඩයම තුළින් සමාජය බිය වද්දා ගොළු බිහිරි බවට පත් කිරීම තුළින් සිය බලය රැක ගැනීමට හැකි යැයි රනිල් රාජපක්ෂ අදහස් කර ගෙන සිටී.

මෙහිදී ගාමිණි වියන්ගොඩ ලියන ලද ලිපියක කොටසක් අපට සිහිපත් වෙි.එය මෙහෙමය.

."..මායිනී දඩයම යනු මධ්‍යතන යුගයේ යුරෝපය පුරාත් අනතුරුව ඇමරිකාවේත් දියත් වුන ක්‍රෑර මිනිස් ඝාතන රැල්ලකි.මෙය ක්‍රියාත්මක වුනේ පල්ලියේ නායකත්වය යටතේය.ඒ රැල්ල තුළ ඒ ඒ කාලයේ පල්ලියේ බලය හොබවන පූජක කණ්ඩායම විසින් අන්‍ය මතධාරීන් දඩයම් කෙරිණි.අන්‍ය මතධාරීන් යනු වෙනත් ආගමක් අදහන අයවළුන් පමණක් නොව ක්‍රිස්තියානිය අදහන අයවළුන් පවා ස්වකීය ආගමික විශ්වාසය පිළිබඳ ඉතා සුළු වෙනස් වෙනස් අදහසක් දැරුවේ වුවද ගිණි මැලයේ දමා පුළුස්සා ඝාතනය කෙරිණි.

දර්ශන හඳුන්ගොඩ........

මෙවැනි නඩු විභාග කෙරුණේ පල්ලියේ ආගමික දණ්ඩාධිකරණයෙනා.එහිදී අනුගමනය කෙරුණේ ඉතා සරල නඩු ක්‍රමයකි.උදාහරණයක් වශයෙන් දෙවියන් වහන්සේ පිළිබඳ මගේ යම් සැකයක් ඇතැයි තමාට කී බව මගේ අල්ලපු ගෙදර වෙසෙන පුද්ගලයා දණ්ඩාධාකරණයට ගොස් පැමිණිලි කළහොත් මරණීය දණ්ඩනයට මා යටත් කිරීමට ඒ අසල්වැසියාගේ සාක්ෂිය සෑහුණි.

වර්තමානයේ පල්ලියවත්,රටක අධිකරණයකවත් මෙවැනි චෝදනා බාර ගන්නේවත් එවැනිි සරල නඩු විභාග කිරීමේ ක්‍රම භාවිතා කරන්නේවත් නැත.ඒ අද ලෝකය දියුණු වී ඇති බැවිනි.එහෙත් තවමත් ඒ ඒ රටවල දේශපාලනික බලය හොබවන ඇතැම් කල්ලි විටින් විට මෙවැනි දඩයම් ක්‍රම භාවිතා කරයි.එහිදී එක පුද්ගලයකුගේ හිතලුවක් හෝ ප්‍රබන්ධයක් තවත් පුද්ගලයකු දඩයම් කිරීමට පමනක් නොව තමන්ගේම වන මහා දේශපාලනික කුමන්ත්‍රණ ක්‍රියාවේ යෙදවීමටත් උපයෝගී කර ගැනේ....."

දර්ශන හඳුන්ගොඩ අනාවරනය කරන ලද්දේ මෙරට සිදු වී ඇතැයි පැවසෙන මහා වංචාවකි.ආණ්ඩුව කළ යුත්තේ මේ මහා වංචාවට සම්බන්ධ දූෂිතයන් පිළිබඳව පොලිස් විමර්ශනයක් කිරීමය
එහෙත් දැන් සිද්ධ වෙමින් පවතින්නේ එයට හාත්පසින්ම විරුද්ධ ක්‍රියාවලියකි.දර්ශන දඬු අඩුවට දැක්කීමෙන් ආණ්ඩුව ජනතාවට පෙන්වන්නට උත්සාහ කරනු ඇත්තේ මෙවැනි දූෂණයන් පිළිබඳව කට පුක වසා සිටිය යුතු බවය.

අප එසේ සිටිය යුුතුද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතුය.එසේ නැතිනම් මායිනී දඩයමේ ඊළඟ ගොදුර වනු ඇත්තේ ඔබය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්